2017 වසරේ ලොව වටිනාම වෙළඳ සන්නාම

ෆෝබ්ස් සඟරාව විසින් 2017 වසරේ වටිනාකමින් ඉහළම සමාගම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ඉතින් ඒ ලයිස්තුවේ ඉහළින්ම සිටින්නන් පිළිබඳ තොරතුරු ස්වල්පයක් ඔබ වෙත ගෙන එන්නට අප කල්පනා කළා.

01. ඇපල් – Apple

ahlebeit.com

ඇපල් වෙළඳ සන්නාමය ලොව වටිනාකමෙන් ඉහළම වෙළඳ සන්නාමයයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 170ක්. ස්ටීව් ජොබ්ස් නිර්මාණය කළ ඇපල් සමාගම අයත් වන්නේ පරිගණක දෘඩාංග කර්මාන්තයටයි. ඇපල් සමාගම ආරම්භ කර තිබෙන්නේ වර්ෂ 1976 දී එක්සත් ජනපදයෙයි. මේ වන විට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ ටීම් කුක් මහතායි. ඇපල් සමාගමේ සේවකයන් 116,000 ක් පමණ සේවය කරනවා. ඇපල් සමාගමේ 2017 මැයි මාසය වන විට විකුණුම් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 217.48 වාර්තා වෙනවා. එම සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කුපර්ටිනෝ නුවරයි. ඇපල් සමාගම ජංගම දුරකථන නිපදවීම, පරිගණක, හා තවත් ජංගම උපකරණ රැසක් නිර්මාණය, නිෂ්පාදනය, හා අලෙවිකරණ කටයුතු සිදු කරනවා.

02. ගූගල් – Google

logok.org

ගූගල් සමාගමේ 2017 වෙළඳ සන්නාම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 101.8ක්. ගූගල් සමාගම අයත් වන්නේ තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්‍රයටයි. ගූගල් සමාගම ආරම්භ කරනු ලැබුවේ වර්ෂ 1998 දීයි. එක්සත් ජනපදයට අයත් මෙම සමාගමේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ටන් වීව් ප්‍රදේශයේයි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ සුන්දර් පිචායි යි. මෙහි සේවය කරන සේවකයන් ගණන 61,814ක්. 2017 මැයි මාසය වන විට ගුගල් සමාගමේ විකුණුම් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 80.5ක් වාර්තා වුනා. ගූගල් සමාගමේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශ වන්නේ මිනිසුන්ට තොරතුරු ලබාගැනීමේ හැකියාව ඉහළ දැමීමයි. ජංගම දුරකතන වල භාවිතා වන Android මෙහෙයුම් පද්ධතිය මෙන්ම, Google Chrome, Google TV, සහ Google Books ආදී සේවාවන් රැසක් ද ගූගල් සමාගම විසින් සපයනවා.

03. මයික්‍රොසොෆ්ට් – Microsoft

topclassactions.com

මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙළඳ සන්නාම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 87 ක්. වැඩසටහන් නිර්මාණය හා මෘදුකාංග නිර්මාණය මයික්‍රොසොෆ්ට් සමාගම අයත් වන කර්මාන්ත ක්ෂේත්‍රයයි. මයික්‍රොසොෆ්ට් සමාගම මෘදුකාංග හා දෘඩාංග සංවර්ධනය කිරීමේ හා අලෙවිකරණයේ නියැලෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ වී තිබෙන්නේ වර්ෂ 1975 දියි. මෙයත් එක්සත් ජනපදයට අයිති සමාගමක්. සේවකයන් 114,000 ක් සේවය කරන මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ සත්‍යා නඩේලා යි. 2017 මැයි මස වන විට එහි විකුණුම් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 85.27ක් වාර්තා වුනා. වොෂින්ටන් ප්‍රාන්තයේ රෙඩ්මන්ඩ්  නගරයේ මෙහි ප්‍රධාන මුලස්ථානය පිහිටා තිබෙනවා.

04. ෆේස්බුක් – Facebook

cinars.org

ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියක් ලෙස ෆේස්බුක් හැඳින්විය හැකියි. එම සාමාගමේ සන්නාම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 73.5ක් වෙනවා. ෆේස්බුක් සමාගම ආරම්භවන්නේ 2004 වසරේදීයි. එහි ප්‍රධාන විධායක නිලධාරියා මාර්ක් සකර්බර්ග් වෙනවා. එක්සත් ජනපදයේ පිහිටන මෙම සමාගමේ සේවකයන් 17,048ක් සේවය කරන අතර, මෙහි මූලස්ථානය කැලිෆෝනියා ප්‍රාන්තයේ මෙන්ලෝ පාර්ක් හී පිහිටා තිබෙනවා. ෆේස්බුක් හැරුණු විට එම සාමාගම යටතේ Instagram, Messenger, Whatsapp, සහ Oculus යන යෙදවුම් ද පවතිනවා. මෙම සමාගමේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශ වන්නේ සමාජ සම්බන්ධතා ශක්තිමත් කිරීමයි.

05. කොකා කෝලා – Coca Cola

santabanta.com

කොකා කෝලා සමාගම ආරම්භ කර තිබෙන්නේ වර්ෂ 1892දියි. කොකා කෝලා හී සන්නාම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 56.4 ක් වෙනවා. මෙහි සේවය කරන සේවකයින් ගණන ලක්ෂයකට ආසන්නයි. මෙම සමාගමත් අයත් වන්නේ එක්සත් ජනපදයටයි. කොකා කෝලා පානීය වර්ග නිපදවන සමාගමක්. ඔවුන් නිපදවන්නේ ඇල්කොහොල් රහිත පාන වර්ගයි. ඒවා අතර  Coca-Cola, Diet Coke, Coca-Cola Zero, Fanta, Sprite, Minute Maid, Georgia, Powerade, Del Valle, Schweppes, Aquarius, Minute Maid Pulpy යන පාන වර්ග ද ඇතුලත් වෙනවා. මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජේම්ස් ක්වින්සි කටයුතු කරනවා.

කවරය – martinroll.com

Related Articles

Exit mobile version