කොවිඩ්-19 සඳහා ඖෂධයක් අත්හදා බැලීම තාවකාලිකව නැවතේ
මැලේරියාව සඳහා ලබා දෙන ඖෂධයක් වන “හයිඩ්රොක්සික්ලොරොකින් ” (hydroxychloroquine) කොවිඩ් 19 වැළඳී ඇති රෝගීන්ට ලබා දීමත්, හයිඩ්රොක්සික්ලොරොකින් යොදාගෙන කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවීම සම්බන්ධව කෙරෙන සියලුම පර්යේෂණත් නවතා දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දා තීරණය කර තිබෙනවා. ඒ බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් මැයි 25 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.