Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර හතකින් පසුව පොලිස් අත්අඩංගුවට පත් වූ ජූලියන් අසාන්ජ්

විකිලික්ස් සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වූ සිදුවීම පසුගිය දිනෙක මුළු ලෝකය පුරා ප්‍රසිද්ධ වූ පුවතක් ලෙස දිග හැරුණා. ජූලියන් අසාන්ජ් වසර හතක් පමණ ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ දේශපාලන රැකවරණය ලබමින් පසු වූ අතර ඉක්වදෝර් රජයේ ආරාධනාවක් මත බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන් තානාපති කාර්යයාලය තුළටම ගොස් ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගත් බව සඳහන්  වෙනවා.

ඔහු තවත් මිතුරන් කිහිපදෙනක් සමග එකතුව විකිලික්ස් නම් වෙබ් අඩවිය නිර්මාණය කර, ඒ ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලනික හා යුධ රහස් ලේඛණයන් හෙළි කිරීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැකියි.

වරෙක බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට පත්වෙන ඔහු පසුව ඇප කොන්දේසි කඩ කරමින් අධිකරණයේ පෙනී නොසිටිමින් වසර හතක කාලයක් ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ රැදී සිටිනවා.

මේ පිළිබඳව කරුණු අඩංගු ලිපියක් පසුගිය දිනෙක ඔබ වෙත ගෙන ආ අතර මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගැනීම හා ඉන්පසුව සිදු වූ සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට යි.

ජූලියන් අසාන්ජ් හා ඉක්වදෝර් රජය අතර හොඳ හිත පළුදු වීම

ජූලියන් අසාන්ජ් (If Americans Knew Blog)

ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගැනීමට ටික දිනකට ප්‍රථම ඔහු හා ඉක්වදෝර් ජනාධිපති ලෙනින් මොරේනෝ අතර මත ගැටුමක් නිර්මාණය වූ බවට වාර්තා වෙනවා. ඒ  ඔහු විසින් හෙළිකරන ලද සමාගම් දූෂණයක පිටුපස ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු සිටීම යි. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පොලීසියට තානාපති කාර්යයාලය තුළටම ආරාධනා කිරීම සඳහා ප්‍රධානව බලපා තිබෙන්නේ මෙම සිදුවීම යි.

කාලයක් තිස්සේ ඉක්වදෝර් රජය හා ජූලියන් අසාන්ජ් අතර විරසකකම් නිර්මාණය වී තිබුණු අතර, වරෙක ඔහුගේ අන්තර්ජාල පහසුකම් නවතා දැමීමට ඉක්වදෝර් රජය කටයුතු කරනවා.

ඔහුව අත්අඩංගුවට ගත් මොහොතේම ඒ බව තහවුරු කරන බ්‍රිතාන්‍ය පොලිසිය, “ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ ආරාධනාවකට අනුව හතළිස් හත් හැවිරිදි වියේ පසුවන ජූලියන් අසාන්ජ අප්‍රේල් මස 11 වැනිදා මෙට්‍රෝපොලිටන් පොලිස් සේවාව විසින් අත්අඩංගුවට ගනු ලැබීයැ” යි සඳහන් කරනවා.

ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ සඳහන් කරන්නේ එක්සත් රාජධානියේ නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බව හා සැමට එකලෙස නීතිය වලංගු වන බව යි. තවද මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයන් පොලිස් සේවාව වෙත සිය ස්තූතිය පල කර තිබෙනවා. ඊට අමතරව ඉක්වදෝරය විසින් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් එරට රජයට ද තෙරේසා සිය කෘතවේදීත්වය පල කරනවා.

ලන්ඩන් නුවර අධිකරණයට

අත්අඩංගුවට ගැනීම (MaltaToday)

බ්‍රිතාන්‍යයේ ඇප කොන්දේසි කඩ කිරීම සහ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම යන චෝදනා අසාන්ජ් ට එල්ල වී තිබෙන අතර ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසුව ලන්ඩන් නුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය පොලිසීය විසින් කටයුතු කරනවා.

එහිදී 2012 වසරේ දී ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවට ඔහු වරදකරු ලෙස අධිකරණය තීන්දු කරනවා. ඒ අනුව පසුගිය දා ඔහුට වසරක සිර දඬුවමක් නියම වෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීම

අත්අඩංගුවට ගෙන රැගෙන යාම (Sky News)

ඇමෙරිකා එක්සත් ජනපදයේ යුධ රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ්ට එරටින් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද ඇමෙරිකා එක්සත් ජනපදය තුළ විභාග වෙමින් පවතිනවා. ජූලියන් අසාන්ජ්ව තම රටට භාර දෙන ඔහුව අත්අඩංගුවට ගත් මොහොතේම ඇමෙරිකානු රජය ඉල්ලීමක් කළ බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මේවන තුරු ප්‍රතිචාරයක් දක්වා නෑ. තවත් වාර්තාවල දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ඉල්ලීමකට අනුව බ්‍රිතාන්‍ය විසින් ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගෙන ඇති බව යි. කෙසේ නමුත් ඇමෙරිකානු චෝදනාවලට ජූලියන් අසාන්ජ් වැරදිකරු වුවහොත් ඔහුට වසර පහක සිර දඬුවමක් හිමිවෙන බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ඉක්වදෝරයේ හා ඕස්ට්‍රේලියානු රජයන්ගේ මතය

අත්අඩංගුවට ගෙන රැගෙන යාම (Rolling Stone)

මේ අතර ඉක්වදෝර් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයෙන් විශේෂ ඉල්ලීමක් කරමින් සඳහන් කරන්නේ ජූලියන් අසාන්ජ්ව මරණ දඬුවම හා දරුණු කායික වධ හිංසා ලබා දෙන රටක් වෙත උද්ධර්පණය කිරීමෙන් වළකින ලෙස යි. මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කරන ඔහු ඒ පිළිබඳව බ්‍රිතාන්‍යයෙන් සහතිකයක් ද ඉල්ලා තිබෙනවා.

ජූලියන් අසාන්ජ් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන බැවින් මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරන එරට අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කරන්නේ ජුලියන් අසාන්ජ්ට තම රජයෙන් විශේෂ සැලකිල්ලක් හිමි නොවන බව යි. නමුත් ඕනෑම ඕස්ට්‍රේලියා ජාතිකයෙක් විදේශයක දී අත්අඩංගුවට පත් වූ විට ඕස්ට්‍රේලියාවෙන් හිමිවෙන සියලු වරප්‍රසාද කිසිදු අඩුවකින් තොරව ඔහුට හිමිවෙන බව ද අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. තවද ඇමෙරිකා එක්සත් ජනපදය ඔහු සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල කරන බැවින් මේ සඳහා තම රට ඇඟිලි ගැසීමෙන් වළකින බවත් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

සහායකයන්  අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීම (USA Today)

ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගැනීමෙන් පසුව විකිලික්ස් වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහා ඔහුට උපකාර කරන පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනීමට ඉක්වදෝරය කටයුතු කර තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසුව ජුලියන් අසාන්ජ්ගේ සහායකයකු ලෙස සැලකෙන අයකු ජපානය බලා යාමට සැරසෙද්දී ඉක්වදෝර් බලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නවා.

මේවන විට බ්‍රිතාන්‍යයයේ රඳවා සිටින අසාන්ජ්ව ඇමෙරිකා එක්සත් ජනපදයට භාර දේවි ද, එසේ නැතිනම් බ්‍රිතාන්‍යයේම දිගටම රඳවා ගනීදැ යි නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නොහැකි යි.

කවරයේ පින්තූරය - Chicago Tribune

මූලාශ්‍රයයන් -

Dw.com

bbc.com

buzzfeednews.com

Related Articles