
අධික වැසි සහිත අයහපත් කාලගුණය තවදුරටත් පැවතෙන අතරේ මින් බැට කෑ මහජනයාට උදවු පිණිස ඊයේ දිනයේදීත් අපේ ත්‍රිවිධ හමුදා දැඩි වෙහෙසක් ගන්නවා දකින්නට ලැබුනා.
මේ අතරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ මෙහෙයුමක් දියත්කලා මේ කාලගුණයෙන් වඩාත් හානි වූ පෙදෙස් සහ පිරිස් හැකිතරම් ඉක්මනින් හඳුනාගන්නටත්, එම ප්‍රදේශවලට නිසි උපකාර ලබාදෙන්නටත්.
මේ ලිපියේ දක්වලා තියෙන්නේ අරනායක, බුලත්කොහුපිටිය, සහ කැලණිය වගේ පෙදෙස් වල තම මෙහෙයුම් දියත් කල ගුවන් හමුදාවෙන් අපි ලබාගත්තු පින්තුර කිහිපයක්.

අති දුෂ්කර වගේම භයානක තත්ත්ව අතරේදීම ඊයේ උදැසන එකොළහට පමණ රත්මලානෙන් ගුවන් ගතවෙච්ච බෙල් 412 හෙළිකොප්ටරයකින් තමයි මේ අධික නායයාමකට ලක්වුණු ප්‍රදේශයක චායාරුපය අරගෙන තියෙන්නේ. ඊයේ වෙනකොටත් මේ ප්‍රදේශයෙන් ජිවිතහානි 18 පමණ වාර්තා වෙලා තිබුනා.

කැලණිය ආශ්‍රිතව ඇතිවී තිබුණු අධික ගංවතුර තත්වය.

කැලණිය පෙදෙසේ මහාමාර්ග යටවෙලා තිබුණු ආකාරය.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අනතුරු අඟවලා තිබුනා කැළණි ගඟ ආශ්‍රිත පදිංචිකරුවන්ට එම ප්‍රදේශ වලින් වහාම ඉවත් වෙන ලෙසට.

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ආශ්‍රිතව ඇතිවෙච්චි අධික නායයාම. පින්තුරේ ගන්නකොට තත්වය නිරීක්ෂණය කරන්න වගේම ඊළඟට ගන්න ඕන පියවර ගැන තීරණ ගැනීම සඳහා ගුවන් යානයේ හිටියා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් Eng. කරුණාසේන හෙට්ටිආරච්චි වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති ගුවන් මාෂල් ගගන් බුලත්සින්හලත්.
පෙරේදා (17) අධික ගංවතුර නිසා පුත්තලම-තබ්බෝව ප්‍රදේශයේ කොටුවෙලා සිටි පිරිස් බේරාගැනීමට විශේෂ නාවික සහ ගුවන් හමුදා කණ්ඩායම් යොදවලා තිබුනා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් නායක කපිතාන් චන්දිම අල්විස් කියපු හැටියට මෙහෙයුමට යොදාගත්ත Mi-17 හෙළිකොප්ටරය සමග කණ්ඩායම එම ප්‍රදේශයට ලඟාවෙනකොටත් පවුල් 68 කට අයත් 200 ක පමණ පිරිසක් මේ විදියට හිරවෙලා ඉඳලා තියෙනවා.

ගුවනින් ගත් තබ්බෝව ජලාශයේ වේල්ලේ පින්තුරයක්.

තබ්බෝව පුත්තලම ප්‍රදේශයේ ජලයෙන් යටවී ගිය නිවසක්.

අධික ජල ගැලීම් වලින් අවතැන් වෙච්ච පවුල් බේරාගන්නට යොදාගන්නා බෝට්ටුවක්.

තබ්බෝව-පුත්තලම ප්‍රදේශයේ අවතැන් වුනු පවුල්.

වැඩිහියෙක් සහ දරුවෙක් බේරාගැනීමේ යෙදී සිටින ගුවන් හමුදා නිලධාරියෙක්.

ගුවන් හමුදා බේරාගැනීමේ මෙහෙයුමක් අතරතුර.
[අලුත් විස්තර මැයි 19]
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් මැයි 18 දින දොම්පේ සහ බියගම පෙදෙස් වල අවතැන් වූ පවුල් වලට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙනයනු ලැබුවා. පහතින් දක්වලා තියෙන්නේ ඒ මෙහෙයුම් වලදී ගත්තු පින්තුර කිහිපයක්.

දොම්පේ ආහාර ද්‍රව්‍ය ගෙනයන නිලධාරින්

තත්වය නිරීක්ෂණය කරන හමුදා නිලධාරීන් සහ අවතැන් වූ පිරිස්.

උදවු සොයාගෙන ගංවතුර අතරින් යන පිරිස්.

බියගම පෙදෙසේ තත්වය නිරීක්ෂණය කරන සෙබළුන්.

බියගම පෙදෙසේ යටවීම්.

ජලයෙන් යටවී ගොස් ඇති නිවාස.

බියගම පෙදෙසට ආහාර ද්‍රව්‍ය රැගෙන එන නිලධාරින්.

මැයි 19 අතවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර රැගෙන බියගමට පැමිණෙන නිලධාරින්.

ජලයෙන් යටවී ඇති බියගම.