ජපනුන් කියන්නේ එක්තරා විශේෂ ජාතියක්. ඔවුන් ලොවට දායාද කල නව තාක්ෂණික නිර්මාණ බොහෝ යි. නව දේ නිපැයීම කියන්නේ ජපනුන් ට අලුත් දෙයක් නොවෙයි. ඔවුන් සෑම විටම ලොවට බඩු හඳුන්වා දෙන ජාතියකි. ජපනුන් ලොවට දායාද කල එවැනි දේවල් කිහිපයක් ගැන අපි දැන කියාගනිමු.
සෙල්ෆි
සෙල්ෆි ගැනීම මුලින්ම හඳුන්වා දුන්නේ මිස්ට බීන් ද? මිස්ට බීන් සෙල්ෆි ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ කීපයක්ම සෙල්ෆි ජනප්‍රිය වෙන්නට කලින් නිකුත් වී තිබුනා. ඒත් ජපාන ජාතිකයෙක් සෙල්ෆි ස්ටික් එකට පේටන්ට් එක අරං තිබෙන්නේ මොබයිල් ෆෝන් එක හදන්නටත් පෙර 1980 දී , එය එක්ස්ටෙන්ඩර් ස්ටික් ලෙස හදුන්වා දී තිබෙනවා.
කැරෝකේ
කැරෝකේ අද වනවිට ලොව පුරා ජනප්‍රිය වූ සංගීත අංගයක්. කැරෝකේ ලොවට මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ ජපන් ජාතිකයින්. ඔවුන් මුල්ම කැරෝකේ ගායනා කළ හැකි යන්ත්‍රය 1971 දී නිපදවා තිබෙනවා.
ඉමෝජි
ඉමෝජි නම් ආයෙත් අමුතුවෙන් අද පරම්පරාවට කියා දෙන්නට දෙයක් නැහැ. 1990 මුල් කාලයේ දී ෆෝන් ජනප්‍රිය වුනේ නැහැ. තිබුණේ පේජර් කියන ටෙක්ස්ට් මැසේජ් දැනගන්න කුඩා උපාංගයක්. මේ පේජර් වල කාලගුණ දත්ත ව්‍යාපාරික කොටස් ගැන දත්ත දෙන්න ජපන්නු ඉමෝජි භාවිතා කරලා තිබෙනවා.
ටොයොටා කොරොල්ලා
ටොයොටා කොරොල්ලා කාර් කීයක් ලෝකයේ විකිණී තිබෙනවා ද? හරි පුදුමයි. මිලියන 44.1ක් ටොයොටා කොරොල්ලා කාර් විකිණී තිබෙනවා. එනම් ලංකාවේ ජනගහණය මෙන් දෙගුණයකටත් වැඩියි. කල්පැවැත්ම සහ සරල බව කොරොල්ලා කාර් එක ජනප්‍රිය වෙන්නට හේතු වුනා.කොරොල්ලා මුලින්ම ලෝකෙට බහින්නේ 1966 වර්ශයේ දී. එදා මෙදාතුර ලෝකයේ කාර් වෙළඳපොලේ වැඩියෙන්ම විකිණී ඇති කාර් එක ලෙස ඉහළම තැන ඉන්නේත් ටොයොටා කොරොල්ලා කාර් එක.
ප්ලේස්ටේශන් ගේම් යන්ත්‍රය
ප්ලේස්ටේශන් ගේම් යන්ත්‍රය මුලින්ම කරළියට එන්නේ සෝනි නාමයෙන් 2000 වර්ෂයේ දී. එදා මෙදාතුර ප්ලේස්ටේශන් සඳහා ගේම් 3800කට වඩා නිකුත් වී තිබෙනවා. මෙම ප්ලේස්ටේශන් ගේම් යුනිට් මිලියන 155කට වඩඩා ලොව වටා අලෙවි වී තිබෙනවා. එහෙත් 2012 දී සෝනි සමාගම ප්ලේස්ටේශන් නිපදවීම අත්හිටවනු ලැබුවා.
වෝක්මන්
ස්මාට් ෆෝනයට කලින් අපිට ඕනම ගීතයක් ඕනෑම තැනකදි අහන්න ඕන නම් තිබුන යන්ත්‍රයක් තමයි වෝක්මන් කියන්නේ. වෝක්මන් හඳුන්වා දුන්නෙත් සෝනි සමාගම. සෝනි වෝක්මන් එකෙන් ඒ කාලේ හැටියට කැසට් පටයක පටිගත වුනු ගීතයක් අතරමගදී අහන්නට අවකාශ ලැබුනා. පසුව වෝක්මන් නාමය සෝනි සමාගමේ ස්මාට්ෆෝන් වල ඉයර්ෆෝන් සහ සමහර මොබයිල් ෆෝන් සඳහා පාවිච්චි කලා.
සුදෝකු ක්‍රීඩාව
පුවත්පතක් මිලදි ගත් කල එහි ඇති ප්‍රහේලිකා පුරවනවා වගේ ඇතැමුන් හුරුවෙලා තිබෙන්නේ සුදෝකු කියන පසල් ක්‍රීඩාවේ හිස්තැන් පිරවීමට. මෙම සුදෝකු ක්‍රීඩාවත් ජපානයෙන් ලොවට එකතු වූ ක්‍රීඩාවක්.
VHS තාක්ෂණය
අන්තර්ජාලය මෙමරි කාඩ්, ඩීවිඩි පෙන්ඩ්‍රයිව් නැති 2000ට පෙර කාලයේ ලොව වීඩියෝ බැලීමේ කලාවේ රජ කළේ වීඑච්එස් කියන වීඩියෝ පටිගත කිරීමේ කැසට් තාක්ෂණය. මෙම විඑච්එස් තාක්ෂණයද ජපානය විසින් 1976 දී හඳුන්වා දෙනු ලැබූ එකක්. එහි තැන පසු කලෙක හරියටම ඊට වසර 20කට පසු 1996දී ජපාන සෝනි සහ ඕලන්ද ෆිලිප්ස් සමාගම් විසින් තැනූ ඩීවීඩි යන්ත්‍රය මගින් අත්පත් කරගනු ලැබුවා. එකල විඩියෝ බැලීමට කැමති වූ අයෙකු වෙත් නම් කඩමන්ඩියක තිබූ වීඑච්එස් කුලියට දෙන ස්ථානය, එයින් අයිඩෙන්ටි කාඩ් එක තබා වීඑච්එස් එකක් ලබාගෙන එය නැරඹීම වැනි දේ මතකයට නැවත එනවා ඇති.
ජුඩෝ ක්‍රීඩාව
ජපාන චීන කොරියා රටවල සටන් කලාවට නම් බොහොම ජනප්‍රියයි. ජුඩෝ ජපානය විසින් කල එලි දක්වන ලද සටන් කලාවක්. එහි ඉතිහාසය 16 වන ශතවර්ශය කරා ඇදීයන ඉතිහාසයක් තිබූ ක්‍රීඩාවක්. එය 1964 දී ඔලිම්පික් වලට එකතු වූ අතර මිලියන 28ක ලෝක ජනතාව ජුඩෝ පුරුදු පුහුනු වෙමින් සිටින බව වාර්තා වෙනවා.
රයිස් කුකර්
ගෙදර රණ්ඩු දබර බත ඉදෙන කල් විතරයි. දර ලිපේ මුට්ටිය තියාල බතක් උයන එක ස්විච් එක දාල සුටුස් ගාල රයිස් කුකරෙන් බත් උයන එක තරම් ලේසි නැහැ. ඒ වැඩේට යම් පුහුණුවක් අවශ්‍යයි. මේ අපිට ඉක්මනින් ලේසියෙන් බත් උයාපිහා දෙන රයිස් කුකර් එක 1955 දී ජපානයේ ටොෂිබා සමාගම විසින් මුලින්ම නිපද වූ එකක්.
අධිවේගී දුම්රිය
වර්තමානයේ අධිවේගි දුම්රිය ප්‍රංශය චීනය වැනි රටවලත් නිෂ්පාදනය වුවත් අධිවේගී දුම්රියේ උපත සිදු වන්නේ ජපානයේ දී. මුල්ම අධිවේගී දුම්රිය 1964 දී ජපානයේ ටෝක්යෝ සිට ඔසාකා දක්වා ගමන් කොට තිබෙනවා. පැයට කිලෝමීටර 400කටත් වඩා වේගයෙන් ගමන් කළ හැකි මෙම දුම්රිය සේවයක් අපේ උතුරු පලාතට තිබුනේ වී නම් කොළඹ සිට යාපනේට යන්නට අපිට පැයක්වත් ගත වන්නේ නැහැ.
එල්ඊඩී තාක්ෂණය
අර්ධ සන්නායක ආධාරයෙන් ආලෝකය ලබාගත හැකි එල්ඊඩී තාක්ෂණය 1990 තරම් ඉතාම මෑත කාලයේදී ජපානයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ලොවට දායාද කළ දෙයක්. මෙම එල්ඊඩි තාක්ෂණය අද වනවිට බල්බ, ෆෝන් ඩිස්ප්ලේ, රූපවාහිනී, ආදි බොහෝ වැඩකටයුතු වලට යොදා ගන්නවා. සාමාන්‍ය ආලෝක ප්‍රභව වලට වඩා පරිසර හිතකාමීව අඩු බලයකින් වැඩි ආලෝකයක් ලබාගත හැකි වීම එල්ඊඩී වල ඇති තවත් විශාල වාසියක්.
ජාතියක් විදියට ජපානය දෙවන ලෝක යුද්ධයෙන් ආර්ථිකය, ජිවිත, දේපල ඇතුලු බොහෝ දේ අහිමි කරගත් ජාතියක්. එහෙත් ඔවුන්ට නැගිටින්නට වැඩි කලක් ගියේ නැහැ. ජපනාගේ වදන් වැකි ක්‍රමවේද පමණක් නොව ඔවුන් නිපද වූ බඩු බාහිරාදිය අපි නිතර වැඩවලට පාවිච්චි කරනවා. ඒ වගේම ජපනා වගේ වෙහෙස නොබලා නිර්මාණශිලිව හිතන්නට වැඩ කරන්නට අපිත් හුරු වුනොත්. අපිටත් ජපන්නු වගේ ඉක්මණින් දියුණු වෙන්නට පුලුවන් වේවි.