Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකානු පාපන්දු කුසලාන ශූරතාවය දෙවන වරටත් ඇල්ජීරියාවට!

අප්‍රිකානු රටවල් අතර 32 වැනි වරටත් පැවති අප්‍රිකානු පාපන්දු කුසලාන ශූරතාවය පසුගිය දිනවල ඊජිප්තුවේ දී පැවැත්වුණා. දින 28ක් පුරාවට රටවල් 24ක් අතර පැවති මෙම තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත්වුණේ ඇල්ජීරියානු කණ්ඩායම යි. ඇල්ජීරියානු කණ්ඩායම 1990 වසරේ මුල්ම වතාවට මෙම තරගාවලිය ජයග්‍රහණය කළා. ඉන් වසර 29කට පසුව නැවත වරක් අප්‍රිකානු පාපන්දු කිරුළ ජයග්‍රහණය කිරීමට හැකිවීම ඇල්ජීරියානු පාපන්දු ඉතිහාසයේ ලද සුවිශේෂී ජයග්‍රහණයක් වුණා. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ අප්‍රිකානු පාපන්දු කුසලාන තරගාවලිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි. 

තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල් 

මෙම තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල් 24 පහත පරිදි කාණ්ඩ 6කට වෙන්කර තිබුණා.

A කාණ්ඩය 

1) ඊජිප්තුව

2) කොංගෝව

3) උගන්ඩාව 

4) සිම්බාබ්වේ

B කාණ්ඩය

1) මැඩගස්කර්

2) නයිජීරියාව 

3) ගිනියාව 

4) බුරුන්ඩි 

C කාණ්ඩය

1) ඇල්ජීරියාව

2) කෙන්යාව

3) සෙනගාලය 

4) ටැන්සානියාව 

D කාණ්ඩය

1) මොරොක්කෝව

2) අයිවරි කෝස්ට් 

3) දකුණු අප්‍රිකාව 

4) නැම්බියාව 

E කාණ්ඩය

1) මාලි

2) ඇන්ගෝලාව 

3) ටියුනීසියාව 

4) මොරිටේනියාව 

F කාණ්ඩය

1) ඝානාව

2) කැමරූන් 

3) බෙනින් 

4) ගිනි බිසවු 

තරගාවලිය පැවැත්වුණු ආකාරය 

තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමකටම තරග 3කට සහභාගි වීමට සිදුවුණා. එහිදී කාණ්ඩයේ මුල් ස්ථාන ලබාගන්නා රටවල් දෙකට දෙකට දෙවන වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් ලැබුණා. ඊට අමතරව එක් එක් කාණ්ඩවල තෙවන ස්ථාන ලබාගත් රටවල් 4කට දෙවන වටයට සුදුසුකම් හිමිවුණා. පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය යටතේ පැවති දෙවන වටයේ දී ජයග්‍රාහී කණ්ඩායම් 8ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවුණා. ඉන් පසුව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය ලබාගත් කණ්ඩායම් 4ට අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම හිමිවුණා. එලෙස අවසන් පූර්ව වටයට පිවිසි රටවල් 4 අතර පැවැත්වුණු අවසන් පූර්ව තරග දෙකේ ජයග්‍රාහකයින්ට අවසන් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුණා. අනතුරුව එම රටවල් 2ක අතර පැවති අවසන් තරගයේ ජයග්‍රාහකයින්ට අප්‍රිකානු පාපන්දු කුසලානය හිමිවුණා.

මූලික වටයේ තරගවල  ප්‍රතිඵල

මූලික වටයේ තරග අවසන් වන විට උගන්ඩාව, සෙනගාලය, මොරොක්කෝව, බෙනින්, මැඩගස්කර්, කොංගෝව, ඝානාව, ටියුනීසියාව, මාලි, අයිවරි කෝස්ට්, ඇල්ජීරියාව, ගිනියාව, කැමරූන්, නයිජීරියාව, ඊජිප්තුව, සහ දකුණු  අප්‍රිකාව යන රටවල් දෙවන වටයට සුදුසුකම් ලබාගත්තා.

A කාණ්ඩයේ තරග ප්‍රතිඵල

තරගාවලියේ සත්කාරක රට වුණු ඊජිප්තුව පහසුවෙන්ම මෙම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුණා. එහිදී ඊජිප්තු කණ්ඩායමේ සුපිරි තරුව වුණු මොහොමඩ් සලා ඊජිප්තුව වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

ඊජිප්තුව  1-0 සිම්බාබ්වේ

උගන්ඩාව  2-0 කොංගෝව  

උගන්ඩාව  1-1 සිම්බාබ්වේ

ඊජිප්තුව  2-0 කොංගෝව 

ඊජිප්තුව  2-0 උගන්ඩාව 

කොංගෝව  4-0 සිම්බාබ්වේ 

ඊජිප්තු-උගන්ඩා තරගයේ අවස්ථාවක් (gettyimages)

B කාණ්ඩයේ තරග ප්‍රතිඵල

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 108 වැනි ස්ථානයේ පසුවුණු මැඩගස්කර් කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 45 වැනි ස්ථානයේ පසුවුණු  නයිජීරියා කණ්ඩායම අභිබවා කාණ්ඩයේ පෙරමුණ ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

නයිජීරියාව  1-0 බුරුන්ඩි 

ගිනියාව  2-2 මැඩගස්කර් 

නයිජීරියාව  1-0 ගිනියාව 

මැඩගස්කර්  1-0 බුරුන්ඩි 

මැඩගස්කර්  2-0 නයිජීරියා

ගිනියාව  2-0 බුරුන්ඩි 

නයිජීරියා-මැඩගස්කර් තරගයේ අවස්ථාවක් (gettyimages)

C කාණ්ඩයේ තරග ප්‍රතිඵල

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 22 වැනි ස්ථානයේ පසුවුණු ප්‍රබල සෙනගාල කණ්ඩායම දෙවන තැනට ඇද දමමින් ඇල්ජීරියාව මෙම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

සෙනගාලය   2-0 ටැන්සානියාව 

ඇල්ජීරියාව  2-0 කෙන්යාව

ඇල්ජීරියාව  1-0 සෙනගාලය

කෙන්යාව  3-2 ටැන්සානියාව

සෙනගාලය 3-0  කෙන්යාව 

ඇල්ජීරියාව  3-0 ටැන්සානියාව

ඇල්ජීරියා-සෙනෙගාල තරගයේ අවස්ථාවක්   (gettyimages)

D කාණ්ඩයේ තරග ප්‍රතිඵල

මොරොක්කෝව  1-0 නැම්බියාව 

අයිවරි කෝස්ට්  1-0 දකුණු අප්‍රිකාව

මොරොක්කෝව  1-0 අයිවරි කෝස්ට් 

දකුණු අප්‍රිකාව   1-0 නැම්බියාව 

මොරොක්කෝව  1-0 දකුණු අප්‍රිකාව 

අයිවරි කෝස්ට්  4-1 නැම්බියාව  

මොරොක්කෝ-අයිවරි කෝස්ට්  තරගයේ අවස්ථාවක් (gettyimages)

E කාණ්ඩයේ තරග ප්‍රතිඵල

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 62 වැනි ස්ථානයේ පසුවුණු මාලි කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 25 වැනි ස්ථානයේ පසුවුණු ටියුනීසියා කණ්ඩායම අභිබවා කාණ්ඩයේ පෙරමුණ ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ටියුනීසියාව  1-1 ඇන්ගෝලාව 

මාලි  4-1 මොරිටේනියාව

මාලි   1-1 ටියුනීසියාව

ඇන්ගෝලාව  0-0 මොරිටේනියාව

ටියුනීසියාව  0-0 මොරිටේනියාව්  

මාලි  1-0 ඇන්ගෝලාව 

මාලි-ටියුනීසියා  තරගයේ අවස්ථාවක් (gettyimages)

F කාණ්ඩයේ තරග ප්‍රතිඵල

කැමරූන්  2-0 ගිනි බිසවු 

ඝානාව   2-2 බෙනින් 

කැමරූන්  0-0 ඝානාව 

බෙනින්  0-0 ගිනි බිසවු 

කැමරූන්  0-0 බෙනින් 

ඝානාව  2-0 ගිනි බිසවු 

කැමරූන්-ඝානා තරගයේ අවස්ථාවක් (gettyimages)

හොඳම තෙවන ස්ථානය දිනාගත් කණ්ඩායම් හතර ලෙසින් ගිනියාව, කොංගෝව, බෙනින්, සහ දකුණු අප්‍රිකාව 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබුවා.

කණ්ඩායම් 16 තරග වටයේ ප්‍රතිඵල 

මෙම තරග වටය අවසානයේ දී සෙනගාලය, බෙනින්, දකුණු අප්‍රිකාව, ඇල්ජීරියාව, නයිජීරියාව, අයිවරි කෝස්ට්, මැඩගස්කර්, සහ ටියුනීසියාව යන රටවල් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. එහිදී මොරොක්කෝව, ඊජිප්තුව, ඝානාව, සහ කැමරූන් යන රටවල් තරගාවලියෙන් ඉවත්වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

මොරොක්කෝ  1-1 බෙනින්  (දඬුවම් පහර 4-1 ලෙස බෙනින් කණ්ඩායමට ජය)

සෙනගාලය  1-0 උගන්ඩාව

නයිජීරියාව  3-2 කැමරූන් 

දකුණු අප්‍රිකාව  1-0 ඊජිප්තුව

මැඩගස්කර්    2-2 කොංගෝව (දඬුවම් පහර 4-2 ලෙස මැඩගස්කර්  කණ්ඩායමට ජය)

ඇල්ජීරියාව  3-0 ගිනියාව 

අයිවරි කෝස්ට්  1-0 මාලි 

ටියුනීසියාව  1-1 ඝානාව (දඬුවම් පහර 5-4 ලෙස ටියුනීසියා කණ්ඩායමට ජය)

නයිජීරියා-කැමරූන් තරගයේ අවස්ථාවක් (gettyimages)

අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල

සෙනගාලය, නයිජීරියාව, ටියුනීසියාව සහ ඇල්ජීරියාව මෙම තරග වටයේ දී ජයග්‍රහණ ලබාගෙන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. එහිදී  ඇල්ජීරියාව සහ අයිවරි කෝස්ට් අතර ඉතාමත් තියුණු තරගයක් පැවතුණු අතර අවසානයේ දී ඇල්ජීරියාව ජයග්‍රහණය කළේ දඬුවම් පහර මඟින්.

සෙනගාලය  1-0 බෙනින් 

නයිජීරියාව  2-1 දකුණු අප්‍රිකාව 

ඇල්ජීරියාව  1-1 අයිවරි කෝස්ට් (දඬුවම් පහර 4-3 ලෙස ඇල්ජීරියා කණ්ඩායමට ජය)

ටියුනීසියාව  3-0 මැඩගස්කර් 

ඇල්ජීරියා-අයිවරි කෝස්ට් තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් පූර්ව තරග වටය 

ඉතාමත් තියුණු තරග දෙකක් දක්නට ලැබුණු මෙම වටයේ දී සෙනගාලය සහ ඇල්ජීරියාව ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

පළමු අවසන් පූර්ව තරගය 

සෙනගාලය සහ ටියුනීසියාව මෙම තරගයේ දී උරෙනුර ගැටුණා. කණ්ඩායම් දෙකම මුල සිටම කරට කර තරගයක නියැලුණු නිසා නියමිත විනාඩි 90 තුළ දෙපිලටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. ඉන් පසුව ලැබුණු පළමු අතිරේක කාලයේ දී ටියුනීසියා ආරක්ෂක පෙළ ක්‍රීඩක ඩැනියල් බ්‍රොන් අත්වැරදීමකින් තම දැල වෙතට ගෝලය එල්ල කිරීම නිසා සෙනගාලයට පළමු ලකුණු හිමිවුණා. අනතුරුව දෙපිලම ගෝල ලබාගැනීමට උත්සහ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු නිසා තරගයේ ජයග්‍රහණය සෙනගාලයට හිමිවුණේ 1-0ක් ලෙසින්.

සෙනගාල-ටියුනීසියා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

දෙවන අවසන් පූර්ව තරගය 

ඇල්ජීරියාව සහ නයිජීරියාව අතර මෙම තරගය පැවැත්වුණා. තරගයේ 40 වැනි විනාඩියේ දී නයිජීරියා ක්‍රීඩක විලියම් ටෘස්ට්-එකොන්ග් අත්වැරදීමකින් සිය දැල තුළට ගෝලය එල්ල කිරීම නිසා පළමු භාගය අවසන් වන විට ඇල්ජීරියාව 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියා. නමුත් දෙවන භාගයේ 72 වැනි විනාඩියේ දී නයිජීරියානු කණ්ඩායම වෙත ලැබුණු දඬුවම් පහර ඉගලෝ සාර්ථක කරගැනීමත් සමග 1-1ක් ලෙසින් ලකුණු තත්ත්වය සම වුණා. ඉන් පසුව දෙපිලටම කරට කර සටනක නියැලුණත් දෙපිලටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් තරගය නිමාවීමට සුලු මොහොතකට පෙර එනම් 95 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වුණු මැංචෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරන ඇල්ජීරියානු ක්‍රීඩක රියාද් මහ්රේස් සිය කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

ඇල්ජීරියා-නයිජීරියා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

තෙවන ස්ථානය නයිජීරියා කණ්ඩායමට

තරගාවලියේ තෙවන ස්ථානය තේරීම සඳහා ටියුනීසියාව සහ නයිජීරියාව අතර තරගයක් පැවැත්වුණා. එම තරගයේ 3 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වුණු නයිජීරියානු ක්‍රීඩක ඉගලෝ තම රට වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. ඔහු වාර්තා කළ එම ගෝලයෙන් පසුව කණ්ඩායම් දෙකට ම ගෝල ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එම නිසා තරගයේ ජයග්‍රහණය 1-0ක් ලෙසින් ලබාගත් නයිජීරියානු කණ්ඩායම තරගාවලියේ තෙවන ස්ථානය ලබාගත්තා.

තෙවන ස්ථානය තේරීම සඳහා පැවති තරගයේ අවස්ථාවක් (gettyimages)

අප්‍රිකානු පාපන්දු කුසලානය ඇල්ජීරියාවට 

ඇල්ජිරියාව සහ සෙනගාලය අතර පැවැත්වුණු මෙම තරගය තියුණු තරගයක් වනු ඇතැ යි විචාරකයන් අනාවැකි පළ කළා. නමුත් ඔවුන්ගේ එම අනාවැකි බොරු කළ ඇල්ජීරියානු ප්‍රහාරක ක්‍රීඩක බැග්ඩෑඩ් බවුනෙඩිජා තරගයේ 2 වැනි විනාඩියේ දී ඇල්ජීරියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. ඉන් පසුව දෙපිලම ගෝල ලබාගැනීමට උත්සහ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු නිසා ම තරගයේ ජයග්‍රහණය 1-0ක් ලෙසින් හිමිවුණේ ඇල්ජීරියානු කණ්ඩායමට යි. ඒ අනුව ඇල්ජීරියානු කණ්ඩායම 1990 වසරෙන් පසුව එනම් 29 වසරකට පසුව නැවතත් අප්‍රිකානු පාපන්දු ශූරයන් බවට පත්වුණා.

අවසන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

කවරයේ ඡායාරූපය- ජයග්‍රාහී ඇල්ජීරියානු කණ්ඩායම (gettyimages)

Related Articles