Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්

අපගේ රටට ජාතික වැදගත්කමක් ඇති අපේ රටේ අනන්‍යතාවය ලොවට කියාපන විශේෂතාවයන් ලෙස අපේ රටේ ජාතික ගීය, ජාතික ධජය, ජාතික වෘක්ෂය, ජනිත පුෂ්පය මෙන්ම ජාතික ක්‍රීඩාවද හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. අපගේ රටෙහි ජාතික ක්‍රීඩාව ලෙස නම් කර තිබෙන වොලිබෝල් ක්‍රීඩාව විදේශයෙන් ලැබුණ ක්‍රීඩාවක් වුවද​, මෙරට ඇතැම් ප්‍රදේශවල අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩාවක් වනවා.

වොලිබෝල් ක්‍රීඩාව

වොලිබෝල් යනු කණ්ඩායම් ක්‍රීඩාවක්. එහිදී දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස එය හදුනා ගැනීමට පුළුවන් වෙනවා. එම කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසු උස දැලකින් වන අතර ප්‍රතිවාදීන්ගේ පිටියේ පන්දුව පතිත වන ලෙස පහරදීම ලකුණු රැස් කර ගැනීමේ උපක්‍රමය වනවා  මෙන්ම එය පිළිගත් නීති මාලාවකට අනුව කල යුතු ක්‍රීඩාවක්ද වෙනවා.

කියුබානු ක්‍රීඩිකා ලුයිස් ලුවාකේස් 2000 ඔලිම්පික් උළෙලේදී (assets.olympic.org)

වොලිබෝල් ක්‍රීඩාවේ ඓතිහාසික තොරතුරු

වොලිබෝල් ක්‍රීඩාව පිලිබදව සලකා බලන විට එහි ඉතිහාසය පිලිබදව සලකා බැලීම වැදගත් වෙනවා. මෙහි ආරම්භය සිදු වන්නේ 1895 වසරේදී වන අතර ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් ප්‍රාන්තයේදියි. එසේම වොලිබෝල් ක්‍රීඩාවේ නිර්මාතෘවරයා ලෙස සලකනු ලබන්නේ විලියම් ජි. මෝගන් (Williyam G. Morgan) මහතායි. එලෙස ආරම්භ වූ මෙම වොලිබෝල් ක්‍රීඩාව මුල්කාලීනව හදුන්වා තිබෙන්නේ මින්ටොනෙට් “mintonette,” යන නමින් වන අතර ඒ.පි.හල්සට් මහතා විසින් එම ක්‍රීඩාවට වොලිබෝල් යන නම තබන ලදී. එසේම 1947 වසරේදී අන්තර්ජාතික වොලිබෝල් එකමුතුව නිර්මාණය වී තිබෙන අතරම අන්තර්ජාතික වොලිබෝල් තරගාවලිය 1949 දී පවත්වා ඇති අතර එහිදී සහභාගී වී ඇත්තේ පිරිමි පාර්ශවය පමණක් වන අතර කාන්තා නියෝජනයද සහිතව අන්තර්ජාතික වොලිබෝල් තරගාවලියක් පවත්වා ඇත්තේ 1952 වසරේදී. එසේම මෙහි වර්ධනියම අවස්ථාවක් ලෙස 1964 වසරේදී වොලිබෝල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද ඇතුලත් ක්‍රීඩාවක් බවට පත් වී තිබෙනවා.

සර්බියානු කාන්තා පිළ 2015 දී ලෝක ශූරතාවක් අතරතුර​ (FIVB)

ලංකාවට වොලිබෝල් ක්‍රීඩාව හදුන්වා දීම හා සම්බන්ධ තොරතුරු.

මෙම ක්‍රීඩාව අපේ රටට හදුන්වා දී තිබෙන්නේ 1916 වසරේදී. ඒ ඇමරිකානු ජාතික රොබට් වෙල්ටර් මහතා විසින් බවයි සඳහන් වන්නේ. එසේ හදුන්වා දෙනු ලැබූ වොලිබෝල් ක්‍රීඩාව අද වන විට ලංකාවේ ජාතික ක්‍රීඩාව බවටද පත්ව ඇතිවා මෙන්ම අපේ රටේ සැම පළාතකම, සැම ජන කොට්ටාශයක් අතරම ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසද හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. වොලිබෝල් ක්‍රීඩාවේ ඇති වේගවත් බව, ක්ෂණිකව වෙනස්වනසුළු බව, අඩු කාලයක් හා ඉඩ ප්‍රමාණයක් වැය වීම වැනි සාධක එලෙස ජනප්‍රිය වීම සදහා හේතු වී තිබෙනවා.

වොලිබෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බවට නම් කර ඇත්තේ 1991 වසරේදී. ශ්‍රී ලංකාවේ පළමුවරට ජාතික වොලිබෝල් තරගාවලියක් පවත්වා ඇත්තේ 1951 වසරේදී වන අතර ගම්පහ ක්‍රීඩා සමාජය එහි ජයග්‍රහණය හිමිකරගෙන තිබෙන අතරම එය පිරිමි අංශය පමණක් නියෝජනය කල තරගාවලියක් වුණා. කාන්තා කණ්ඩායම් සදහා ප්‍රථම වරට ජාතික තරගාවලියක් පවත්වා ඇත්තේ 1957 වසරේදී වන අතර එහි ජයග්‍රහණය හිමි කරගෙන තිබෙන්නේ හංවැල්ල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයයි.

වොලිබෝල් පිටියක ආකෘතිය (gapyearworldwide.com)

වොලිබෝල් ක්‍රීඩාව හා සම්බන්ධ තොරතුරු.

වොලිබෝල් ක්‍රීඩාවේ මුල්කාලීනව එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් නම දෙනෙකු ඇතුලත් වී තිබෙනවා. නමුත් 1920 පමණ වන විට එය හය දෙනෙකු දක්වා වෙනස් වී තිබෙනවා. එසේම වොලිබෝල් යනු සටන්කාමි ක්‍රීඩාවක් ලෙස හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. වොලිබෝල් ක්‍රීඩාව වියදම් අවම ක්‍රීඩාවක් වෙන අතරම එවැනි බොහෝ වාසි සහගත තත්ත්ව නිසා ආසියාවේ පාසල් අතර බොහෝ සෙයින් ව්‍යාප්ත වී තිබෙනවා. මෙය 1913දි පෙරදිග ක්‍රීඩා උළෙලටද ඇතුලත් වී තිබෙනවා.

මෙම ක්‍රීඩාවේදී එක් කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී පීලට පන්දුව පිරිනැමීම සිදු කරන්නේ කණ්ඩායම් දෙක වෙන් කරන දැලට ඉහලින් යන සේ වන අතර එය විරුද්ධ පිලෙහි බිම පතිත වීමෙන් හෝ සිදු වන වෙනත් වැරදි වලට අනුව ලකුණු පිරිනැමීම සිදු වෙනවා. ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයන්ට ස්ථානගත වීමට නියමිත ස්ථාන පවතින අතර පසු පෙළෙහි දකුණු පැත්තෙහි සිටින ක්‍රීඩකයා  විසින් ප්‍රතිවාදී පිලට පන්දුව යොමු වන සේ පිරිනැමීමෙන් ක්‍රීඩාව ආරම්භ වනවා. මේ ආකාරයට තම පිලට යොමු වූ පන්දුව තෙවරක් ස්පර්ශ කර නැවත ආපසු ප්‍රතිවාදී පිලට යැවිය යුතු වන අතර එක් ක්‍රීඩකයෙකුට එකවර දෙවරක් පන්දුව ස්පර්ශ කිරීමටද නොහැකි වෙනවා. පන්දුව තම පිල තුලම පතිත වීම, නැවත අනෙක් පිලට පන්දුව යැවීමට අපොහොසත් වීම, හෝ වෙනත් වරදක් සිදු වීම ප්‍රතිවාදී පිලට ලකුණු ලබා දීමට හේතු වෙනවා. ලකුණක් ලබා ගන්නා සෑම අවස්ථාවකම එම පිලට පන්දුව යොමු කිරීමේ අවස්ථාව​ ලැබෙන අතරම ලකුණු හිමි කරගත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සෑම අයෙකුම ඔරලෝසුවේ කටු කරකැවෙන දිශාවට අනුකුලව එක් ස්ථානයක් වශයෙන් ගමන් කලයුතු වෙනවා.

1949 දී පළමු වොලිබෝල් ලෝක ශූරතාව දිනාගත්තේ සෝවියට් දේශයයි (FIVB)

ජාත්‍යන්තර තත්ත්වය​

වොලිබෝල් ක්‍රීඩාව සඳහා දකුණු ආසියාවේ ප්‍රබලම කණ්ඩායම ලෙස සැළකෙන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව බොහෝ අවස්ථාවල ඉන්දියාවට පමණක් දෙවැනි වනු දකින්නට පිළිවන්. මෙය කාන්තා සහ පිරිමි අංශ දෙකටම අදාළ වනවා.

ඔලිම්පික් තරඟාවලිවලදී විවිධ කණ්ඩායම් පිරිමි රන් පදක්කම දිනාගෙන තිබෙනවා. සෝවියට් දේශය බිඳ වැටීමට පෙර එරට තුන් වරක් රන් පදක්කම දිනූ නමුත් එතැන් පටන් කිසිදු අවස්ථාවක රුසියාව හෝ පැරණි සෝවියට් රටක් රන් පදක්කම දිනාගෙන නැහැ. මෑත කාළයේ බ්‍රසීලය තෙවරක් රන් පදක්කම දිනා ගත්තා.

කාන්තා අංශයෙන් රන් පදක්කම පැරණි සෝවියට් දේශය​, කියුබාව​, බ්‍රසීලය​, චීනය සහ ජපානය අතර බෙදී ගොස් තිබෙනවා. සෝවියට් දේශය බිඳ වැටුණ පසු රුසියාව හෝ වෙනත් පැරණි සෝවියට් රාජ්‍යයක් කාන්තා රන් පදක්කම ද දිනාගෙන නැහැ.

Cover: ශ්‍රී ලංකාව සහ ජපානය අතර 2013 දී පැවති තරඟයක් (FIVB)

මුලාශ්‍ර:

Related Articles