Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-ඉන්දියා තරගයේ පෙර විමසුම

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක දී එකිනෙකා හමුවී ඇති කණ්ඩායම් 2ක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යි. ලෝක කුසලාන තරගාවලියේ දී හමුවන තියුණු තරග කිහිපයකම නිර්මාණකරුවන් වන මෙම කණ්ඩායම් 2ක තරග වදින තරග ඉතාමත් උද්වේගකර යි. එම නිසාම අද පැවැත්වෙන තරගය පිළිබඳව ප්‍රේක්ෂකයන් දක්වන්නේ පුදුම උනන්දුවක්. එසේ නම් මෙම තරගය පිළිබඳව පෙර විමසුම ඉදිරිපත් කරන්නේ ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා-ඉන්දියා ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 11ක දී  තරග කර තිබෙනවා. එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 8ක් ජයග්‍රහණය කරන විට ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 3ක් පමණයි.

මෙම කණ්ඩායම් 2ක මුල්ම වරට ලෝක කුසලාන තරගයක දී හමුවුණේ 1983 තරගාවලියේ දී යි. එවර කණ්ඩායම් දෙක අතර පැවති තරග 2ක් පැවතුණා. එහි දී  තරගය බැගින් දෙපිලම ජයග්‍රහණය කළා. එම තරග දෙකේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රෙවර් ට්‍රැපල් ලබාගත් ලකුණු 110 සහ කෙනත් මැක්ලී පන්දුවෙන් දස්කම් දක්වමින් ලබාගත් 39/6 අමතක කරන්න බැහැ. එලෙසම කපිල් දේව් ඉන්දියාව වෙනුවෙන් ලකුණු 43කට ලබාගත් කඩුලු 5ත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

ඕස්ට්‍රේලියාව- 320/9 (60)

ඉන්දියාව- 158/10 (37.5)

ඕස්ට්‍රේලියාවට ලකුණු 162ක ජයක්

ඉන්දියාව- 247/10 (55.5)

ඕස්ට්‍රේලියාව- 129/10 (38.2)

ඉන්දියාවට ලකුණු 118ක ජයක්

1983 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග වදිමින් (gettyimages)

1987 ලෝක කුසලාන තරගාවලියේ දීත් මෙම කණ්ඩායම් 2ක දෙවරක් තරග කළා. එහි දී මුල්ම තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරගයකින් පසුව ලකුණු 1කින් ජයග්‍රහණය කළත්, දෙවන තරගය ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායම යි.

ඕස්ට්‍රේලියාව- 270/6 (50)

ඉන්දියාව- 269/10 (49.5)

ඕස්ට්‍රේලියාවට ලකුණු 1ක ජයක්

ඉන්දියාව- 289/6 (50)

ඕස්ට්‍රේලියාව- 233/10 (49)

ඉන්දියාවට ලකුණු 56ක ජයක්

1987 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග වදිමින් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ දී නැවතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දීය කණ්ඩායම ලකුණු 1කින් පරාජය කළේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව යි. එහි දී ලකුණු 238ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට වර්ෂාව නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව  පන්දුවාර 47ක දී ලැබුණු ඉලක්කය 236ක්.

ඕස්ට්‍රේලියාව- 237/9 (50)

ඉන්දියාව- 234/10 (47)

ඕස්ට්‍රේලියාවට ලකුණු 1ක ජයක්

1992 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග වදිමින් (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ පැවති තරගයක දී නැවතත් ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන් හමුවේ පරාජය වුණා. එම තරගයේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් 5දෙනෙකු දුවද්දී දැවී යාම මෙහි දී සිහිපත් කළ යුතු විශේෂ සිදුවීමක්.

ඕස්ට්‍රේලියාව- 258/10 (50)

ඉන්දියාව- 242/10 (48)

ඕස්ට්‍රේලියාවට ලකුණු 16ක ජයක්

1996 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග වදිමින් (gettyimages)

නැවතත් 1999 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 වටයේ තරගයක දී ඕස්ට්‍රේලියානුවන් හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජය වුණත්, අජේ ජඩේජා නොදැවී ලබාගත් ලකුණු 100 අමතක කරන්න බැහැ.

ඕස්ට්‍රේලියාව- 282/6 (50)

ඉන්දියාව- 205/10 (48.2)

ඕස්ට්‍රේලියාවට ලකුණු 77ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග වදිමින් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක දෙවරක් තරග වැදුණා. එහි දී මූලික වටයේ තරගයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 9ක දරුණු පරාජයක් උරුම කරගත් ඉන්දියානුවන්, අවසන් තරගයේ දී රිකී පොන්ටිං ලබාගත් ලකුණු 140 නිසා අන්ත පරාජයක් ලැබුවා.

මූලික වටයේ තරගය

ඉන්දියාව- 125/10 (41.4)

ඕස්ට්‍රේලියාව- 128/1 (22.2)

ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්

අවසන් තරගය

ඕස්ට්‍රේලියාව- 359/2 (50)

ඉන්දියාව- 234/10 (39.2)

ඕස්ට්‍රේලියාවට ලකුණු 125ක ජයක්

2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 වසරේ දී ඉන්දියානුවන්ව ලක් කළ අවමානයට නිසි පිළිතුර ඔවුන් විසින් දෙනු ලැබුවේ 2011 තරගාවලියේ දී යි. එදා ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ ඉන්දිය කණ්ඩායම ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ කළා. එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය වුණත්, රිකී පොන්ටිං ශතකයක් ලබාගත්තේ මෙම කණ්ඩායම් 2ක අතර පැවති ලෝක කුසලාන තරගවල දී වැඩිම ශතක ලාභියා වෙමින්.

ඕස්ට්‍රේලියාව- 260/6 (50)

ඉන්දියාව- 261/5 (47.4)

ඉන්දියාවට කඩුලු 5ක ජයක්

2011 තරගාවලියේ ඉන්දු-ඕස්ට්‍රේලියා අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

මෙම කණ්ඩායම 2ක ලෝක කුසලාන තරගාවලියක දී අවසන් වරට හමුවුණේ 2015 තරගාවලියේ දී යි. එදා අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතින් පරාජය වීමට ඉන්දියානුවන්ට සිදුවුණා.

ඕස්ට්‍රේලියාව- 328/7 (50)

ඉන්දියාව- 233/10 (46.5)

ඕස්ට්‍රේලියාවට ලකුණු 95ක ජයක්

2015 තරගාවලියේ ඉන්දු-ඕස්ට්‍රේලියා  අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් පිටිය පිළිබඳව දත්තයන්

මෙම තරගාවලිය යටතේ පැවති තරග 2ක් දිවා තරග ලෙසින් මෙම පිටියේ දී පැවැත්වුණා. එම තරගවල දී මෙම පිටිය වඩාත් යෝග්‍ය වුණේ පිතිකරුවන්ට යි. අවසන් වසර 2 තුළ මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු එක්දින තරග 8 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 289ක් වුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

කෙනිංටන් ඕවල් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 8 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම ඕවල් පිටියේ පැවැත්වෙන ඉන්දු-ඕස්ට්‍රේලියා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 8 දී කාසියේ වාසිය දිනූ නායකයන් අවස්ථාවන් 7ක දී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් කාසියේ වාසිය දිනාගන්නා නායකයේ තීරණය එය වීමට ඇති ඉඩ වැඩි යි.

කෙනිංටන් ඕවල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

අවසන් වසර 2 තුළ ඉන්දීය කණ්ඩායම මෙම පිටියේ දී දිවා තරග 3කට සහභාගි වී ඉන් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එම සමය තුළ ඕවල් පිටියේ පැවති දිවා තරගයක දී පරාජය උරුමකර ගත්තා.

2017 ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙම පිටියේ තරග වැදුණු ආකාරය (gettyimages)

අද පැවැත්වෙන ඉන්දු-ඕස්ට්‍රේලියා තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක අතර පැවති එක්දින තරග 8 සලකා බැලීමේ දී කණ්ඩායම් 2ම තරග 4 බැගින් ජයග්‍රහණය කර සම මට්ටමේ සිටියි. අද තණතීරුවත් පිතිකරුවන්ට යෝග්‍ය එකක් වුණොත්, ප්‍රේක්ෂකයන්ට ඉතාමත් ආකර්ෂණීය තරගයක් දැක බලා ගැනීමට හැකිවනු ඇත. තරගාවලිය සඳහා එක්ව සිටින ප්‍රබල කණ්ඩායම් 2ක් අතර පැවැත්වෙන මෙම තරගය තරගාවලියේ තියුණුම තරගයක් වීමට ඉඩ ඇත්තේ තරගාවලියේ ඉදිරිය තීරණය කිරීමට මෙම තරගය බලපෑමක් ඇති කරන නිසා යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles