Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන ශ්‍රී ලංකා කණ්ඩායම

පසුගිය කාල සමයේ එක්දින පිටිය තුළ එතරම් දස්කම් නොදැක්වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අවස්ථාවක යළි නැගී සිටිය හැකි කණ්ඩායමක්. අවසන් වරට එංගලන්තයේ පැවති 1999 ලෝක කුසලාන තරගාවලියේ දී පළමු වටයෙන්ම ඉවත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියේ ඉදිරියට යාමට නම් ඔවුන් සතුව සිටින සුපිරි ක්‍රීඩකයන් සුපුරුදු රිද්මයට පැමිණිය යුතුම යි. එම නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක පැවැත්වෙන මෙම තරගාවලිය සාර්ථක ලෙසින් අවසන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත්ම වැදගත් දෙයක්.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1975 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහාම සහභාගි වුණු ශ්‍රී ලංකා  කණ්ඩායම 1996 සහ 2011 ලෝක කුසලාන තරගාවලිවල දී සත්කාරක රටක් ලෙසින් කටයුතු කළා. 1975 සිට මේ දක්වා පැවති තරගාවලි 11 තුළ තරග 73කට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන් තරග 35ක් ජයග්‍රහණය කරන විට 35ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

1996 ලෝක කුසලාන තරගාවලියේ දී ශූරතාවය දිනාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය යි. ඊට අමතරව 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලිවල දී අනු ශූරතාවය දිනාගැනීමට ඔවුන් සමත් වුණා.

1996 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ කුමාර් සංගක්කාර විසිනුයි. 2003-2015 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ඔහු ඉනිම් 35ක දී ශතක 5ක් සහ අර්ධ ශතක 7ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 1532ක්. 56.74ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් සංගක්කාර, තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩාකළේ 2015 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 124ක් ලබාගනිමින්.

සංගක්කාර ස්කොට්ලන්තයට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා  

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් මුත්තයියා මුරලිදරන් 1996-2011 කාල සීමාව තුළ පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ලබාගත් කඩුලු ප්‍රමාණය 68ක්. 2007 තරගාවලියේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 19කට කඩුලු 4ක් දවාගනිමින් මුරලිදරන් තරගාවලි ඉතිහාසය තුළ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

මුරලි අයර්ලන්තයට එරෙහිව පන්දු යවමින් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව  එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගාවලිවල දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ බංගලාදේශ තුන්කොන් තරගාවලිය සහ ස්කොට්ලන්ත එක්දින තරගාවලිය පමණ යි. එම කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාව මව්බිමේ දී දකුණු අප්‍රිකාව හමුවේ 3-2ක් සහ එංගලන්තය හමුවේ 3-1ක් ලෙසින් එක්දින තරගාවලි පරාජයට පත්විය. එලෙස මව්බිමේ දී පරාජයට පත් ශ්‍රී ලංකාව, නවසීලන්තය හමුවේ 3-0ක් සහ දකුණු අප්‍රිකාව හමුවේ 5-0ක් ලෙසින් මව්බිමෙන් පිටත දී පරාජයට පත්විය. ඊට අමතරව ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ දීම පරාජයට පත්වීම ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ විශාල අපකීර්තියක්.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු ශ්‍රී ලංකා  පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී තිසර පෙරේරා සහ කුසල් පෙරේරා  ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත.

තිසරගේ ලකුණු 140 ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු ශ්‍රී ලංකා  පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා සහ ලසිත් මාලිංග වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

තිසර පෙරේරා (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක)

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් ජනිත් පෙරේරා

ලහිරු තිරිමාන්න

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

ධනංජය ද සිල්වා

මිලින්ද සිරිවර්ධන

ජීවන් මෙන්ඩිස්

තිසර පෙරේරා

ලසිත් මාලිංග

සුරංග ලක්මාල්

ඉසුරු උදාන

නුවන් ප්‍රදීප්

ජෙෆ්රි වැන්ඩසේ

මෙවර ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන

තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුගේ අවධානය දිනා නොගත් කණ්ඩායමක් වුවත් ඔවුන් සුපුරුදු රිද්මයට පැමිණීමට නම් නව සැලසුම් සහිතව තරගාවලියට අවතීර්ණ විය යුතු යි. එහිදී ශ්‍රී ලංකාව සතුව සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයන් තිදෙනා වන මාලිංග, මැතිව්ස්, සහ තිසර සිය අත්දැකීම් යොදා ගනිමින් කණ්ඩායමට නිසි මඟ පෙන්වීමක් කරහොත් තරගාවලිය අවසානයේ දී සතුටුදායක ප්‍රතිඵලයක් ලබාගත හැකියි.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක් අතරතුර (islandcricket.lk)

Related Articles