Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානයේ “ශූරයන්ගේ ශාපය”

දකුණු කොරියාවත් සමඟ පැවති තරගයෙන් 2-0 ක් ලෙසින් පරාජය වීම නිසා පසුගියවර ලෝක ශූරයන් වූ ජර්මනියට මෙවර ලෝක කුසලානයේ පළමුවැනි වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. රුසියාවේ කසාන් නුවර කසාන් අංගනයේ දී පැවැත්වූ මෙම තරඟයේ දී බොහෝ දෑ ජර්මනියේ අවාසියටම සිදුවිය. ඒ අවසරයෙන් දකුණු කොරියානුවන් අවසාන මොහොතේදී ගෝල දෙකක් වාර්තා කල අතර ඒ අනුව ජර්මනිය E කාණ්ඩයේ අවසාන ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවත්විය.

article

2018 පාපන්දු ලෝක කුසලානය – A කාණ්ඩය

​2018 පාපන්දු ලෝක කුසලානය ජූනි 14 වන දා රුසියාවේ මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. කාණ්ඩ අටක් යටතේ රටවල් 32ක් මෙහි මූලික වටයට තරග කළ අතර එම කාණ්ඩ අටෙහි තරග පිළිබඳ වෙනමම විස්තර කිරීමට අප බලාපොරොත්තු වනවා.

article

මොකක්ද මේ offside නීතිය?

පාපන්දු තරඟයක් නරඹන විට ඔබට නිරන්තරයෙන් දැකගත හැකි වන දෙයකි ක්‍රීඩකයෙකු offside වීම. බොහෝ දෙනෙකු මෙම offside නීතියට එතරම් කැමැත්තක් නොදැක්වුවද offside නීතිය තිබීම නිසා පාපන්දු ක්‍රීඩාව තව තවත් ආකර්ශනීය ක්‍රීඩාවක් බවට පත්වේ. 1863 වසරේ සිට පැවත එන මෙම offside නීතිය වරින් වර විවිධාකාරයේ වෙනස්වීම් වලට භාජයය වී ඇත. “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද පැහැදිලි කරන්නේ බොහෝ දෙනෙකුට වැදගත් වන offside නීතියට අදාළ, ඉතා වැදගත් වන කොටස් කිහිපයක් පිළිබඳවයි. මෙම ලිපිය හැකිතරම් සෙමින් කියවන්න. අවශ්‍යනම් නැවත නැවතත් කියවා පැහැදිලි කරගන්න.

article

2006 හොඳම ලෝක කුසලානයද?

එතෙක් මෙතෙක් පැවති ලෝක කුසලාන අතරින් හොඳම පාපන්දු ලෝක කුසලානය කුමක්ද? යැයි කිසිවෙකු ඔබගෙන් පැනයක් ඇසුවොත් ඔබ එයට ලබාදෙන පිළිතුර කුමක්ද? එසේත් නැතිනම් ඔබ මෙතෙක් නරඹන ලද පාපන්දු ලෝක කුසලාන අතරින් හොඳම ලෝක කුසලානය කුමක්දැයි කිසිවෙකු ඔබගෙන් විමසුවහොත්? ඇතැම් විට එය 2006 වීමට ඉඩ තිබේ. ඉතාලිය විසින් ජයග්‍රහණය කරන ලද 2006 පාපන්දු ලෝක කුසලානය මෙතෙක් පැවති හොඳම හොඳම පාපන්දු ලෝක කුසලානයක් බවට පත්වන්නේ මන්ද යන්න පිළිබඳයි අද “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් ගෙන එන්නේ.

article

ලෝක ශූරයින් හැඬවූ මෙක්සිකෝවේ සුපිරි තරුව

පාපන්දු ලෝක ශූරයින් ලෙසින් මෙවර ලෝක කුසලානයට සහභාගී වූ ප්‍රබල ජර්මානු කණ්ඩායමට මෙවර ඔවුන් මුහුණදුන් පළමු තරගයේදී ම නොසිතූ පරාජයකට මුහුණදීමට සිදුවිය. ඒ මෙක්සිකෝවට එරෙහිවයි. පසුගිය 17 වැනි දින රුසියාවේ මොස්කව් නගරයේ දී එම තරගය පැවැත්වුනේ F කාණ්ඩයේ තරගයක් ලෙසිනි. මුල සිටම ආක්‍රමණශීලීව ක්‍රීඩා කල මෙක්සිකෝ ක්‍රීඩකයින් ප්‍රථම භාගයේ දී තරඟයේ පාලනය සියතට ගැනීමට සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් තරඟයේ 35 වැනි මිනිත්තුවේ දී මෙක්සිකෝවේ ඉදිරිපෙළ ක්‍රීඩක, 22 හැවිරිදි, හර්වින් ලොසානෝ විසින් විශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.

article

මෙවර ලෝක කුසලානයේ ජයග්‍රාහකයා කවුද?

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායම පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පවසති. තේරීම් තරඟ ජයග්‍රහණය කරමින් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කිසිදු කණ්ඩායමක් අවතක්සේරු කල නොහැකි අතර කිසිදු කණ්ඩායමක් ලෝක කුසලානයට සහභාගී වන්නේ පරාජය වීමට නොවේ. නමුත් මෙම කණ්ඩායම් අතුරින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන කණ්ඩායම් කිහිපයක් තිබෙන අතර එම කණ්ඩායම්වලින් එකක් මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එසේනම් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් අද සාකාච්ඡා කරන්නේ මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින රටවල් 10 පිළිබඳවයි.

article

පාපන්දු ලෝක කුසලානයට සූදානම් වූ රුසියාවේ විසල් ක්‍රීඩාංගන 12

මෙවර පාපන්දු ලෝක කුසලානය 2018 ජූනි 14 වෙනිදා රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි. දවස් 31ක් පුරා දිවයන මෙම තරඟාවලියට රටවල් 32ක් සභාගී වෙනවා. නගර 11ක, ක්‍රීඩාංගන 12ක තරඟ 64ක් මෙවර පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. අපි ඔබට අද ඒ ක්‍රීඩාංගන 12 පිළිබඳ​ තොරතුරු ගෙන එන්න හිතුවා.

article

තියුණු අවසන් මහා තරඟයකින් නිමා වූ ලෝක සත් සාමාජික රග්බි තරගාවලිය​

පසුගිය ඉරිදා ප්‍රංශයේ පැරීස් හි පැවති අවසාන මහා තරඟය ජයගත් දකුණු අප්‍රිකානු සත් සාමාජික රග්බි කණ්ඩායම 2017-18 තරඟ සමයේ ලෝක සත් සාමාජික ශූරයින් බවට පත්විය. ඒ ඉතා තියුණු අවසාන මහා තරඟයේ දී එංගලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම 24-14 ක් වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුවයි. 1999-00 තරඟ සමයේ සිට සෑම වසරකම පැවැත්වූ මෙම සත් සාමාජික රග්බි තරගාවලියේ දකුණු අප්‍රිකාව ශූරයින් වූ තෙවැනි අවස්ථාව​ මෙය වේ. මෙයට පෙර 2016/17 සහ 2008/09 යන අවස්ථා දෙකේද දකුණු අප්‍රිකාව ශූරයින් බවට පත්වී ඇත. මේ දක්වා 12 වතාවක් ශූරයින් බවට පත්වී තිබෙන නවසීලන්තය වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනූ රට බවට පත්වී තිබේ. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ අන්තර්ජාතික රග්බි පාපන්දු සංගමය විසිනි.

article

මෙවර ලෝක කුසලානයේ දී පෙරලියක් සිදුකළ හැකි කණ්ඩායම් 5 ක්

පසුගිය පාපන්දු ලෝක කුසලාන කිහිපය දෙස නැවතත් හැරී බැලූ විට පෙනී යන්නේ ප්‍රේක්ෂකයින් නොසිතන ආකාරයට එක් කණ්ඩායමක් හෝ කිහිපයක් තරගාවලිය පෙරලියක් සිදුකරමින් තරගාවලියෙහි බොහෝ දුරක් ගමන් කර ඇති බවයි. 2002 වසරේ දී දකුණු කොරියාව සහ තුර්කිය අවසන් පූර්ව වටය දක්වා ද, 2006 වසරේ දී යුක්රේනය අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද, 2010 වසරේ දී ඝානාව සහ පැරගුවේ රාජ්‍යය අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද, පසුගිය 2014 වසරේ දී කොස්ටරිකාව අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද පැමිණීමට සමත් වූයේ සමස්ත ලෝකයම පුදුමයට පත්කරමිනි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ද එලෙස පෙරලියක් සිදුකරන්නට හැකි කණ්ඩායම් 5 ක් පිළිබඳව අද “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් සාකාච්ඡා කෙරේ.

article

End of Articles

No More Articles to Load