ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ්

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙල මේ දිනවල ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙනවා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ලාංකීය ක්‍රීඩකයකු අද දිනයේ දී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ඒ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගය සඳහා සහභාගි වුණු දිනේෂ් ප්‍රියන්ත යි. එහි දී මීටර් 67.79ක් දුරකට හෙල්ලය විසි කළ දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කමක් දිනා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා. ඔහු 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලේ දීත් මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබුණා. මෙවර දිනේෂ් දිනාගත් රන් පදක්කම ශ්‍රී ලංකාව පැරා ඔලිම්පික් ඉතිහාසයේ දිනා ගත් පළමු රන් පදක්කම වීම විශේෂත්වයක්.

Related Articles

Exit mobile version