Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් සිහිනය අතැර දමා වේගයට පෙම් බැඳි තරුව

දිනය  : 2008 අගෝස්තු 16 වන ඉරු දිනයි.
ස්ථානය : බීජීං කුරුළු ක්‍රීඩාංගණය
මෙකී සිදුවීම මෙයින් වසර දහතුනකට ඉහත සිදුවූ  අතීත සිදුවීමක මතකාවලෝකනයකි.

සිය රටට මුලින්ම ලැබූ ඔලිම්පික් උළෙලේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වූ කුඩා චීන මිනිසුන් දහසකි, බුහුටිව වැඩෙහි යෙදෙන ඔවුන් ක්‍රීඩාංගණය තුළත් ක්‍රීඩාංගණය පිටත් කඩිසරව වැඩෙහි නිරත වේ.එකී චීන මුහුණු  හා මුසු වූ නානාප්‍රකාර ජාතීන් දහසකි. ඔවුන් වසර හතරකට වරක් එළැඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ප්‍රවේශ පත්‍රයක් වසරකට පෙර වෙන් කොට ගෙන අවසන්ව තිබිණි. කළු සුදු වර්ණ මිශ්‍රිත ප්‍රේක්ෂකාගාරයකි, දෑස් නිලංකාර වන කැමරා එළි දස දහසකි, කුඩා වැස්සකින් තෙත බරිත වූ  ධාවන පථයකි, ඉංජිනේරු ක්‍රම ශිල්ප උළුප්පමින් මනා වූ වානේ සැකැස්මෙන් නිර්මිත කුරුළු ක්‍රීඩාංගණයකි … ලොවක් දෑස් අයා බලා සිටිනා මොහොතකි.

2002 වසරේ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගය ජයගැනිමෙන් අනතුරුව
2002 කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් පසු-images.app.goo.gl 

බිජිංහි  පෙරළිය

මේ 2008 වසරේ  ඔලිම්පික් පිරිමි මීටර් සියය අවසන් තරගයයි.

සජීවි විකාශනය නරඹන මිනිසුන් මිලියන ගණනාවකි. සෑම ඔලිම්පික් උළෙලකම  වඩාත්ම ප්‍රකට ඉසව්ව වන්නේ මෙයයි. වඩා වැදගත්  කරුණ නම් එය හුදෙක්ම තරගයක් හෝ පදක්කම් ප්‍රදානයකට සීමා නොවීමයි.  එය “මිහිකත වේගවත්ම මිනිසා “සොයා බැලීමේ නිල මිනුම් දණ්ඩයි. මෙකී ඉසව්වේ  ජයග්‍රාහකයා හෙට දින සිට ඉන් මතුවට ලොව ‘වේගවත්ම මිනිසා’ වනු ඇත. එය එතරම් තරගකාරී ඉසව්ව වන්නේ එබැවිනි.
ධාවන පථය මත ධාවකයන් අට දෙනෙකි ඔවුන් බොහෝමයක් උතුරු ඇමෙරිකානූ මහාද්වීපයෙන් පැමිණියා වූ ධාවකයන් ය. එයින් මුළු ලොවක් දෑස් අයා බලා සිටි එක් මිනිසෙකි. ඔහු මෙකී ඉසව්වෙන්ම මීට  මාස තුනකට පෙර නිව්යෝර්ක් හි රීබොක් (Reebok ) ගෝන්ප්‍රී තරගාවලියේ දි  ලෝක වාර්තාවක් තැබූ මිනිසායි.

ඔහු බීජිං නුවරට පැමිණ ඇත්තේ මාස තුනකට පෙර දිනූ  සිය කිරුළ රැකගැනීමේ අරමුණෙනි. ඔහු තුන්වන  මංතීරුවේය, ඔහුගේ ප්‍රතිවාදීන් ඔහුට දෙපසිනි. ජය කණුව ඔහුට මීටර් සියයක් දුරිනි.

ලන්ඩන් හි ජයග්‍රහණය සමරමින්
උසේන් බෝල්ට් ලන්ඩන් නුවර සිය ජයග්‍රහණය සමරමින්-images.app.goo.gl 

ලෝ වටා කැමරා මුහුණත ඔහු මතයි, අවුරුදු විසි එකක තරුණයා තවමත් සන්සුන් ය. කුරුළු ක්‍රීඩාංගණයේ ආලෝක කදම්බය ධාවන පථය පුරා විසිරි ඇත. ප්‍රේක්ෂකාගාරයේ හඬ කෙමෙන් කෙමෙක් වියැකී යයි. ඒ තරගය ආරම්භ වීමට ආසන්න බවේ අවිධිමත් සංඥාවයි. සියල්ලම සන්සුන්ව හුස්ම පමණක් වැටෙන ශබ්දය ඇසිය හැකි තරම් නිහඬයි… ,”On your Mark !! “ප්‍රථම විධානය නිකුත් විය.
ධාවකයන් ආරම්භක පුවරු මතට නැඟිණි. රූපවාහිනී අසල මිනිසුන් නිසලය, බිජිං ක්‍රීඩාංගණය නිසලය, හිස බිමට හැරවූ නිහඬ ධාවකයන් සූදානම් ය.වෙඩි හඬ වා තලය උණුසුම් කළේ ය.

තරගය ඇරඹිණි.. වේගවත් ආරම්භයක් !! අඩි හයයි අඟල් පහක් උසැති ඔහුගේ ආරම්භය කවදත්  ප්‍රමාද ය. ඔහුගේ වර්ණවත් ක්‍රීඩා දිවිය පුරාම ඔහුට වධ දුන් එකම කාරණය එය පමණි.

” හෙමින් පටන් ගන්න..හයියෙන් ඉවර කරන්න.”

ඒ ඔහුගේ පුහුණුකරු නිරන්තරයෙන් මතක් කළ උපදෙසයි.

ධාවකයන් සියල්ලම 40 වන මීටරය පසුවන විට එකම රේඛාවකට පැමිණ ඇත. පස්වන මංතීරුවේ ධාවනය යෙදෙන  උසැති මිනිසා පිළිබඳ සියල්ලගේම දෑස යොමුවී ඇත. ඔහුගේ හිස එසවී ඇත. රිද්මය ඔහු සතුය. අවසන් මීටර 60 සියල්ලගේම දෛවය තීරණය කරන මොහොතයි. වසර හතරක පුහුණුවීමේ ප්‍රගතිය මැන බලන දිනයයි. දිගු දෙපා සහ සවිමත් දෑත් මඟින් යෙදෙන ජවයෙන් පස්වන මංතීරුවේ ධාවකයා  ඉදිරියට ඇදෙයි. අසූවන මීටරය වන විට ඔහු පෙරමුණේය. අනූවන මීටරය වන විට ඔහු ලෝක ශූරයා වී අවසන්ය. තවදුරටත් වේගය වැඩිනොකළ යුතු බව ඔහුට වැටහේ. දෙපසට දිගු කළ දෑතෙන් සිය ජයග්‍රාහණය සනිටුහන් කරමින් ඔහු ඔලිම්පික් ශූරයා විය. ඒ..  ශ්‍රේෂ්ඨතම චාරිකාවක ආරම්භයයි.

කාලය තත්පර 9.69 කි. නව ලෝක  වාර්තාවක්, නව ඔලිම්පික් වාර්තාවක්, රන් පදක්කමක් . .සුවිශාල සැණකෙළියක්. ලෝක මලල ක්‍රීඩා පිටියේ නව පරිච්ඡේදයේ ඇරඹුම එලෙසින් සටහන් විය.එම මොහොතේ සිට මෙකී අවුරුදු විසි එකේ තරුණයා ඉදිරි දශකය පුරාවට මුළු ලොවක් ආදරය කළ මලල ක්‍රීඩකයා විය.

2008 අගෝස්තු මස බීජීං කුරුළු ක්‍රීඩාංගණය දෙවනත් කළ උසැති  කොලු ගැටයා අන්කවරකු නොව උසේන් සෙන්ට් ලියෝ බෝල්ට් නොහොත් උසේන් බෝල්ට්ය.

ජැමෙයිකානු ජිවිතය

කැරිබියන් දූපත් සමූහයේ ප්‍රධානතම දුපතක් වන ජැමෙයිකාවේ අගනගරය වන  කින්ග්ස්ටන් නුවරින් දුවිලි පිරුණු මාර්ගයක් ඔස්සේ පැය පහක පමණ ගමනකින් පසුව ළඟා විය යුතු, ට්‍රෙලවනි පරිපාලන දිස්ත්‍රික්කයේ රාත්‍රීයේ  ඉඳහිට දැල්වෙන  වීදී ආලෝකය ධාරා කිහිපයකින් සමන්විත  ෂර්වුඩ් කොන්ටෙන්ට් ග්‍රාමයේ දි  1986 අගෝස්තු 21 උපන් කොලු ගැටයකුට ඔහුගේ පියා අතින් උසේන් නම් නම තැබිණි. සෙන්ට් ලියෝ යන්න ඔහූගේ පියාගේ සහෝදරියගේ නාමකරණයයි.  බෝල්ට් යනු ඔහුගේ පෙළපත් නාමයයි. එහි අර්ථය “අකුණු ” පහර යන්නයි. ගම්බද පරිසරයක් වූ ෂර්වුඩ් කොන්ටෙන්ට් හි පහසුකම් එකල ඉතා අවම විය. අසුව දශකය අග භාගය  වන විට විදුලිය සහ අනෙකුත් පහසුකම් ඔවුනට ලැබී තිබිණි. එබැවින් කුඩා බෝල්ට්ගේ දිවිය එතරම් අපහසු නොවිනි.

වැඩිමහල් සහෝදරියකට සහ බාල සහෝදරයකුට මැදිව උපන් කුඩා බෝල්ට් ඉතා ක්‍රියාශිලි දරුවකු විය. ඉතා කුඩා වයසේ සිටම ඔහු තත්පර දහයක් නිහඬව තබා ගැනිමට ඔහුගේ මව අසමත් විය.
ඔහූගේ මවගේ පියා ( උසේන් බෝල්ට් ගේ සීයා ) වරක් කුඩා බෝල්ට් බිළිඳකුව සිටි සමයක දුටු අපූරු සිදුවීමක් පසුකලක සඳහන් කර සිටියේ මෙසේ ය.

” ඇඳෙහි මැද නිදා සිටි බිළිඳා සෙමින් සෙමින් ඇඳේ අග කෙළවරට පෙරළෙමින් පැමිණ, එක් මොහොතක සිය කුඩා අතට සියලූ බර යොදා නැවත අනෙක් පසට හැරුනි. “

එකී සිදුවීම එවන් වයසක බිළිඳෙකුගෙන් කිසිවිටක අපේක්ෂා නොකරන අන්දමේ හැසිරීමක් විය. පසුව ඔහූගෙ සීයා බෝල්ට් ගේ මවට පවසා තිබුනේ “කවදහරි දවසක මේ ළමයා ලෝකෙම පුදුම කරනවා ” යනුවෙනි. තරුණ  බෝල්ට් 2008 බිජිං ඔලිම්පික් උළෙල ජයග්‍රහණය කරන විට එය සියැසින් දැකබලා ගැනීමට ඔහුගේ සීයා ජිවතුන් අතර නොසිටියේ ය.

ජැමෙයිකානු සංස්කෘතිය බොහෝ දුරට ආසියාතික සංස්කෘතියට යම් සමානකමක් දක්වයි. එය බොහෝ විය යටත් විජිත පාලන සමයෙහි අධිරාජ්‍යවාදය නිසා උරුම වූවක් විය හැක. අතිශය මධ්‍යම පාන්තික පවුලක දරුවකූ වූ බෝල්ට්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට ඔහුගේ මව්පියන් නිරන්තරයෙන් උත්සුක විය. ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය රසකැවිලි වෙළඳාම  වුව ද, එයින් ලැබූ ආදායම සිය දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට ඔවුන් වියපැහැදම් කළේ ය. සිය මවගේ අරපිරිමැස්මෙන් යුත් මුල්‍ය කළමනාකරණය සහ ඔවුන්ගේ රසකැවිලි වෙළඳසලෙන් ලද ආදායම හේතුවෙන් කුඩා බෝල්ට් ගේ දිවිය අනෙකුත් ජැමෙයිකානු දරුවන්ගේ තරම් අමිහිරි නොවිණි.

උසේන් සිය පවුලේ සාමාජිකයන් සමඟ
බෝල්ට් පවුල-images.app.goo.gl 

ඔහුගේ මුල්ම පාසල වැල්ඩෙන්සියා ප්‍රාථමික විදුහලයි. වැල්ඩෙන්සියා ප්‍රාථමික පාසලේදී උසේන් හුරුබුහුටි දරුවකු විය. ගුරුවරිය ඔහුට නිරන්තරයෙන් ආදරය කළේ ය. ඔහු ගුරුවරුය පවරන ඕනෑම වැඩක් ඉක්මනින් අවසන් කොට ගුරුවරියගේ නිබඳ ආදරයට පත්විණි.  ඔහූගේ ධාවන දිවිය ආරම්භ වන්නේ ද එහිදී ය. ප්‍රාථමික පාසල් අතර ධාවන තරගයෙන් වැල්ඩෙන්සියා පාසල නියෝජනය කළ ඔහු එහිදි ජය ලැබීය. පසුව ෂර්වුඩ් කොන්ටෙන්ට් ප්‍රාදේශීය තරගයක් සඳහා ද කුඩා බෝල්ට් සහභාගි වී ජයග්‍රහණය කළේ ය. ඔහු සිය අනාගත වෘත්තීයේ මූලික අඩිතාලම සකසා ගත්තේ ඒ ආකාරයටයි.
ජැමෙයිකානු දරුවන් කුඩා කල සිට ක්‍රීඩාවට දක්වන්නේ මහත් වූ ළැදියාවකි. එකී ක්‍රියාශීලීත්වයට ඔවුන් බ්‍රිතාන්‍යය යටත් විජිතයක්ව සිටි සමයේ නිදන්ගත වූ ශක්තිය ද හේතුවක් වන්නට ඇත. ඔබ අදත් ජැමෙයිකානු වීදීයකට ඇවිද ගියේ නම් ක්‍රිකට් ක්‍රීඩා කරන කොලු ගැටවුන් පිරිසක් හඳුනාගැනිමට අපහසු නොවනු ඇත. අවශ්‍ය නම් ඔබ සමඟ ක්‍රීඩා වටයක් ක්‍රීඩා කිරිමට පවා ඔවුන් මැළි නොවේ. ඒ ඔවුන්ගේ අව්‍යාජ විනෝදකාමී ජැමෙයිකානු සංස්කෘතිය යි. කුඩා බෝල්ට්ගේ ළමාකාලය වූ අනූව දශකයේ  මෙය වඩාත් ත්‍රීව්‍ර විය. මක්නිසාදයත් ඔවුනට එකල තාක්ෂණික මෙවලම් අද තරම් බහුලව නොතිබූ බැවිනි.

උසේන් ෂර්වුඩ් කොන්ටෙන්ට් හි නිවසේදි
ක්‍රිකට්! එය ඕනෑම ජැමෙයිකානු දරුවකුගේ සිහිනයයි.-images.app.goo.gl 

 

කැරිබියානු ක්‍රිකට් උන්මාදය
ක්‍රිකට්! එය ඕනෑම ජැමෙයිකානු දරුවකුගේ සිහිනයයි. ඔවුන්  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට සිහින දකින්නේ  කුඩා කල සිටයි. කුඩා බෝල්ට්ට මුලින්ම අවශ්‍යය වූවේ වේග පන්දු යවන්නකු වීමටයි. අවුරුදු 12 දි විලියම් නයිබ් පාසලට ඇතුළත් වූ මොහොතේ සිට ඔහූගේ සිහිනය එය විය. ඔහුගේ වයසට වඩා කැපී පෙනෙන උස  වේග පන්දු යැවීමටම ආශිර්වාදයක් බඳු විය. බටහිර ඉන්දීය කොදෙව් තරගයක් රූපවාහිනීයේ විකාශය වන දිනයක් නම් ජැමෙයිකානු දරුවන් පාසල් යැවීම ඉතා අපහසු කටයුත්තක් විය. කුඩා උසේන්ද අයත් වූවේ මෙකී කණ්ඩායමට ය. විශේෂයෙන්ම පාසලේදි ඔහු ක්‍රිකට් තරුවක් විය.
දිනක්  පාසලේ පුහුණුකරු වූ පැබ්ලෝ මැක්නීල් (Pablo Mcneil)  ඔහු දැකීමත් සමඟ මෙකී තරුණයාගේ ජිවිතයේ දිශානතිය සැනෙන් වෙනස් වන්නට විය.

“ක්‍රිකට් නෙවෙයි ඔයාගේ සෙල්ලම .” 

ඒ පැබ්ලෝ මැක්නීල්ගෙන් කුඩා බෝල්ට් වෙත ලැබුණු  මූලික උපදෙසයි.

Related Articles