Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව අතර වසර 68 ක සබඳතාව

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් රට තුළ ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පසුගිය ජුලි 29 වැනි දා නිවේදනය කළේ ය.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව කියා සිටියේ, ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයෙන්,  සාගින්නෙන් පෙළෙන සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟයට තුඩු දී ඇති අර්බුදයේ මූලික හේතු සහ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අනුගමනය කළ යුතු බව යි.

ලෝක බැංකු සමූහය ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව එහි සඳහන් වේ.

 දත්ත මූලාශ්‍රය: ලෝක බැංකුව – Design credit: Roar Media/Jamie Alphonsus

 

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් යනු කුමක්ද?

සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය, රටක ආර්ථිකය සමස්තයක් ලෙස ක්‍රියාත්මක වන ආකාරය ගැන සැලකිලිමත් වේ: එය ජාතියේ ආර්ථිකය පවත්වාගෙන යන ආකාරය සහ කළමනාකරණය කරන ආකාරය පිළිබඳ මූලික සැලැස්ම යි.

පුළුල් ලෙස සංවාදයට ලක් වන මෙම සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ පරමාර්ථය, ශක්තිමත් සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කරන, රැකියා උත්පාදනය වන, ධනය සහ ජීවන තත්ත්වයන් වැඩිදියුණු කරන ස්ථාවර ආර්ථික පරිසරයකට ඉඩකඩ සැපයීමයි. ඒ කිසිවක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිදු නොවේ.

ශ්‍රී ලංකා-ලෝක බැංකුව අතර සබඳතාව දශක හයකට වැඩි කාලයක් පුරා විහිදේ. වසර ගණනාවක් පුරා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සිය සංවර්ධන ඉලක්ක සපුරාලීමට සහාය වීම සඳහා මූල්‍ය ආධාර ලබා දී ඇත.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් යනු කුමක්ද?- YAMIL LAGE/AFP via Getty Images

 

ලෝක බැංකුව නව මූල්‍ය ආධාර ලබා දීමට අකමැති වීමට හේතුව ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින අවිනිශ්චිත ස්වභාවය නිසා විය හැකි ය. විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් සහ දැවැන්ත දේශපාලන නොසන්සුන්තාවකට පත්වීමෙන් පසු, රටේ ආර්ථිකය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ පරිදි – කඩා වැටී ඇත. එමනිසා, ජාත්‍යන්තර ණය දෙන්නකු ශ්‍රී ලංකාවට තවත් උපකාර ලබා දීමට පසුබට වීම පුදුමයක් නොවේ.

ලෝක බැංකුව ව්‍යාපෘති කොපමණකට මූල්‍යාධාර ලබා දී තිබේද?

ජූනි මාසයේදී බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ව්‍යාපෘති 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බව ය. මූල්‍යාධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තවත් ආධාර බලාපොරොත්තු ව සිටියේ ය.

දැනට රට තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති 25 න් ලෝක බැංකු ව්‍යාපෘති ඇත්තේ 17 කි. මෙම ලෝක බැංකු ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති අමෙරිකානු ඩොලර් මිලියන 160 ක පමණ මුදල ඖෂධ හිඟය මඟහරවා ගැනීමටත්, ආහාර පිසීමේ ගෑස්, පොහොර, පාසල් දරුවන්ගේ ආහාර හිඟය මඟහරවා ගැනීමටත්, දුප්පත් සහ අවදානමට ලක්විය හැකි නිවාස සඳහා හුවමාරු කිරීමටත් ප්‍රතිව්‍යුහගත කෙරේ.

 දත්ත මූලාශ්‍රය: ලෝක බැංකුව – Design credit: Roar Media/Jamie Alphonsus

 

වසර 68ක දී ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 204ක් සඳහා මූල්‍යාධාර ලබා දී ඇති අතර, ඉන් ව්‍යාපෘති 156ක් සම්පූර්ණ කර ඇති අතර දැනට 6ක් ක්‍රියාත්මක වෙමින් පවතී.

1954 ජූලි මාසයේදී ඇබර්ඩීන් ලක්ෂපාන ජලවිදුලි ව්‍යාපෘතිය ලෝක බැංකුව මුල්‍යකරණය කළ පළමු ව්‍යාපෘතිය විය. ඩොලර් මිලියන 19.1 ක කැපවීම ජල විදුලි උත්පාදනය පුළුල් කිරීම සහ කෙහෙල්ගමු ගඟේ ගබඩා වේල්ලක් ඉදිකිරීම සඳහා විය.

ලෝක බැංකුව මූල්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

ලෝක බැංකුව විවිධ ආකාරයේ මූල්‍ය ක්‍රම භාවිත කරමින් ඔවුන්ගේ හවුල්කාර රටවල්වල ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය සිදු කරයි.

ප්‍රදාන: මේ ආකාර මූල්‍යකරණ සිවිල් සමාජ සංවිධානවලට ලබා දේ. ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රදාන 12 ක් ලැබී ඇත.

 

IBRD ණය: ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) යනු ලෝක බැංකුවේ ප්‍රධාන ආයතන දෙකෙන් එකකි. IBRD නම්‍යශීලී ණය යනු ලෝක බැංකුවේ ණය ගැතියන් සඳහා වන ප්‍රමුඛ ණය සැලසුම් වේ. ශ්‍රී ලංකාවට මේ වන විට IBRD ණය 14ක් ලැබී ඇත.

IDA ණය: ලෝක බැංකුවේ දෙවන ප්‍රධාන සාමාජිකයා වන ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ණය සහ ණය ගැනීම් මේ යටතට ගැනේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනදායී ණය සහ ප්‍රදාන පිරිනමයි. ශ්‍රී ලංකාවට මේ වන විට IDA ණය 84ක් ලැබී ඇත.

ලෝක බැංකුව – gettyimages.com

 

මෑතක දී ලෝක බැංකුව ශ්‍රී ලංකාවට උදව් කළේ කෙසේද?

2020 දී, ලෝක බැංකුව ඩොලර් මිලියන 217.8 ක් සමඟ ශ්‍රී ලංකාවේ දෙවන විශාලත ම බාහිර ණය දෙන්නා විය.

2021 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ලෝක බැංකුවට ඩොලර් මිලියන 3631.2 ක හිඟ ණය ප්‍රමාණයක් ගෙවා ඇත. 2022 මැයි මාසයේ දී, එහි ආර්ථික කඩාවැටීමේ මුල් අදියර සලකා බලමින්, පවතින ණය  ප්‍රතිව්‍යුහගත කර තවත් ඩොලර් මිලියන 600 ක් ලෝක බැංකුව මෙරටට ලබා දීමට නියමිතව තිබිණි.

ඒවා මෙම වසර මුලදී අත්‍යවශ්‍ය ආනයන ගෙවීම් සඳහා මෙම මුදල් වැය කර ඇත.

Graphic Design credit: Roar Media/Jamie Alphonsus

දත්ත මූලාශ්‍රය: ලෝක බැංකුව

Related Articles