Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නැවුම් පල පුබුදන අරගල බිමේ ගොවි බිම

“කඩෙන් මිරිස් මිරිස් ටිකක්වත් ගන්න බැරි කාලයක් ළඟදී ම එනවා. ඉතින්, මං මෙතන කරන්නේ සෑම කෙනෙකුටම උදව් කරන්නටත්,  මගේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගැනීමටත් උත්සාහ කිරීම යි. අපේ ආහාර අප ම වගා කරන්නේ කෙසේදැයි අපි ඉගෙන ගත යුතුයි, ” ගෝටා ගෝ ගමේ ප්‍රථම ප්‍රජා උද්‍යානයේ ආරම්භකයා හා රැක බලා ගන්නා වන රාජපක්ෂ (76) කියයි.

රාජපක්ෂගේ ප්‍රජා උද්‍යානය එතරම් විශාල නැත, නමුත් එය කුඩා ඉඩක විවිධ එළවළු සහ පලතුරු වගා කිරීමේ දී කළ හැකි දේ පිළිබඳ සාක්ෂියකි.

ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් සහ නැවත භාවිතයට සැකසූ බෑග් භාවිත කරමින් – Kris Thomas

 

 “මං මේ ඉඩකඩේ මඤ්ඤොක්කා, තක්කාලි, ලීක්ස්, කැරට්, මුං ඇට සහ බොහෝ දේ වගා කරනවා” ඔහු කියයි. “මේ සියල්ල ඉතා කුඩා ඉඩක් ඇතුළත වගා කළ හැකියි යන්න පෙන්වා දීම මගේ අරමුණ යි. මට වුවමනා වන්නේ මෙම විරෝධතා අඩවියේ සිටින සැමට අපට සාක්ෂාත් කරගත හැකි දේ තුමක්දැයි යන්න ඉගැන්වීමටයි.’’ ඔහු කියයි.

ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් සහ නැවත භාවිතයට සැකසූ බෑග් භාවිත කරමින්, රාජපක්ෂ ගෝටා ගෝ ගමේ ඔහුගේ තාවකාලික කූඩාරමේ සිට මේ කටයුත්තේ නිරත වෙයි. ඔහු මෙම ප්‍රජා උද්‍යානය ආරම්භ කරන විට බීජ සහ කොම්පෝස්ට් මිලදී ගත්තේ ඔහුගේම මුදලිනි. දැන්, අනෙක් විරෝධතාකරුවන්ගේ ද සහාය ඇතිව, රාජපක්ෂ සෑම දිනක ම ප්‍රජා උද්‍යානයේ වැඩ කටයුතුවල නිරත වන්නේ ඉතා ඉක්මනින් තම පළමු අස්වැන්න නෙළා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

රාජපක්ෂ සෑම දිනක ම ප්‍රජා උද්‍යානයේ වැඩ කටයුතුවල නිරත වෙමින් – Kris Thomas

 

“මැයි 09 වෙනිදා මං මගේ බිරියත් එක්ක ගෙදර හිටියා. උද්ඝෝෂණ භූමියට ප්‍රහාරය එල්ල වෙනවා එදා මං දැක්කා. ඒ සිදු වීම මට දරාගන්නට බැරි දෙයක් වුණා. ඉතින් පහුවදාම මං තීරණය කළා මෙතනට ඇවිත් මේ බිම නැවත ගොඩනඟන්න උදව් කරන්න. එතකොටයි මං තීරණය කළේ මෙතැන වත්තක් හදලා ගෙවතු වගාව සහ ගොවිතැන ගැන මං දන්නා දේ, ඒකට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට උගන්වන්න” ඔහු කියයි.

පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව ඔහුගේ අස්වැන්නේ වර්ධනයට උදව් නොකළ නමුත් ඔහු ඉන් අධෛර්යයට පත් නොවිණි. ඔහු තම වගාව සඳහා පොහොර සකසා ගන්නටත්, වගා බිම සකස් කිරීමටත් කූඩාරම් රාශියක් අතර ඇති කුඩා ඉඩ ප්‍රයෝජනයට ගෙන ඇත.

ඉඩම සකස් කිරීමට ප්‍රජා කුස්සියේ පොල් ලෙලි, දරවල අළු සහ වෙරළ වැලි පවා යොදාගෙන තිබෙනවා – Kris Thomas

 

 “මං ඉඩම සකස් කිරීමට ප්‍රජා කුස්සියේ පොල් ලෙලි, දරවල අළු සහ වෙරළ වැලි පවා යොදාගෙන තිබෙනවා. මේ ඉඩම, විරෝධතා භූමිය ආරම්භ කළ දා සිට, බොහෝ වෙනස් වෙලා. මේ බෝග පැළවෙලා ඒවායේ පල සෑහෙන්න මෝරපු ගමන් මට ඕන ඒවා තවත් අයට දීලා වගාව පටන් ගන්න ඒ අයත් පොලඹවන්නයි.”  රාජපක්ෂ කියයි.

Related Articles