මේ දිනවල ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය කෝටියකට අධික පිරිසක් බිලිගෙන අවසන්. එසේම ලක්ෂ 5කට වැඩි පිරිසකට සිය ජීවිතය අහිමි කළ කොරෝනාව අවසන් වන ලකුණු තවමත් පෙනෙන්නට නැහැ. පසුගිය මාස කිහිපය තුළ, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව, සහ දකුණු ඇමරිකාව යන මහද්වීපයන් පුරා කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර ගියත් අප්‍රිකානු මහද්වීපයට එහි බලපෑම තදින් දැණුනේ නැහැ. නමුත් ගෙවුණු සති කිහිපය තුළ අප්‍රිකානු මහද්වීපයෙන් සැලකිය යුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් හමු වුණා. එම නිසා ඉදිරි මාසයේ දී අප්‍රිකාව තුළත් කොරෝනාව දරුණු ලෙස පැතිර යනු ඇති බවට අනාවැකි පල වී තිබෙනවා.