Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවතට

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිය රට ඉවත්වන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. දින 30ක් ඇතුළත සෑහීමකට පත්විය හැකි ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල නවතා දමන බවටත්, අවශ්‍ය නම් එම සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවටත් ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු අඟවන්නේ පසුගිය අප්‍රේල් මාසයේ අග භාගයේ සිට යි. ඔහු එම සංවිධානයෙන් ස්ථිර ලෙසම ඉවත් වන බවට නිවේදනය කරන්නේ මැයි මාසයේ 29 දින යි.

article

ලංකාවට ප්‍රතිලාභ රැසක් ලැබුණු “කොළඹ ක්‍රමය”

1948 වසරේ ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවට පත් වුණා. එම අවධියේ ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජූනියස් රිචඩ් ජයවර්ධන බටහිර රටවල්වලින් ආධාර ලබාගන්නා ක්‍රමයක් ගැන කල්පනා කළා. ඒ අනුව ඔහු 1949 වසරේ දී ලංඩන් නුවර දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවේ දී කරන ලද යෝජනාවක් කොළඹ ක්‍රමය ආරම්භ කිරීමට අඩිතාලම දමනු ලැබුවා. ඉන් වසර 2කට පමණ පසුව, 1951 වසරේ ජූලි 1 වැනි දා සිට ක්‍රියාත්මක වුණු කොළඹ ක්‍රමයෙන් අදටත් අපට ප්‍රතිලාභ රැසක් ලැබෙනවා.

article

පතොක් වගාව ලංකාවට ගැලපෙයි ද?

පතොක් යන නම ඇසුනු සැනින් ඔබට මතක් වෙන්නේ ශුෂ්ක දේශගුණයක හැදෙන කටු සහිත ගොරෝසු පත්‍ර තිබෙන ශාකයක්. පතොක් ශාකයේ බාහිර පෙනුම නිසා එය කිසිදු විශේෂ ප්‍රයෝජනයක් නැති ශාකයක්යැ යි බොහෝ දෙනෙකු සිතා සිටිනවා. නමුත් ලෝකයේ සමහර රටවල් පතොක් වාණිජ වගාවක් ලෙස සිදුකරනු ලබනවා. එලෙස පතොක් වාණිජ වගාවක් ලෙස සිදුකරන රටවල් අතර මෙක්සිකෝව, ඉන්දියාව, චිලී, සහ අප්‍රිකානු රටවල් ඉදිරියෙන්ම සිටිනවා. එම රටවල් කිහිපය අතුරින් බහුලවම පතොක් වගාව සිදුකරන මෙක්සිකෝවේ වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ නෝපාල් නම් පතොක් විශේෂය යි.

article

කොරෝනා නිසා මිලියන හැටක් අන්ත දිළිඳුභාවයට

ලෝකය පුරා පැතිරගොස් තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට වාර්තා වී තිබෙන ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 64 ඉක්මවා තිබෙනවා. ඒ හේතුවෙන් මරණයට පත් වූ ප්‍රමාණය ලෙස අද (ජුනි 5) වන විට සටහන් වන්නේ 382,867ක්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් 19 වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් තුන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය හා රුසියාව මේ වන විට නම් කර තිබෙනවා.

article

අසීරුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගත් ලංකා පිතිකරුවෝ

මංගල ටෙස්ට් ශතකය ලබාගැනීම ඕනෑම පිතිකරුවෙකුගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සිදුවීමක්. සමහර පිතිකරුවන් ඉතාමත් පහසුවෙන් එම දස්කම දැක්වුවත්, සමහර පිතිකරුවන්ට තම මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට සිදුවුණේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව යි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව මංගල ටෙස්ට් ශතකය ලබාගත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හමුවනවා.

article

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි

කොරෝනාවෛරසය හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට යි. 2019 වසරේ අග භාගයේ දී චීනයේ හුබේ පළාතේ වූහාන් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැතිරී ගිය කොරෝනාවෛරසයේ ඊළඟ කේන්ද්‍රස්ථානය බවට පත්වන්නේ යුරෝපය යි. ස්පාඤ්ඤය ප්‍රංශය හා එක්සත් රාජධානියෙන් සීග්‍ර ලෙස ආසාදිතයන් වාර්තා වෙන අතර වෛරසය වඩා වේගයෙන් ව්‍යාප්ත වන රටවල් බවට ඒවා පත්වෙනවා. නමුත් මේ වන විට එම සියලු රටවල්වලට වඩා ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනාවෛරස ව්‍යාප්තිය වේගවත් වී තිබෙනවා.

article

ලාංකිකයන්ගේ බඩ පුරවන රස අහර

සැරම සැර කොච්චි සම්බෝලයක් එක්ක තම්බපු මඤ්ඤොක්කා කෑල්ලක් කන්න කවුරුත් ප්‍රිය කරනවා. ඒ තරමටම මඤ්ඤොක්කා කියන ආහාරය අප සමාජය තුළ ජනප්‍රිය යි. එසේම පහසුවෙන් සොයාගැනීමට හැකි මඤ්ඤොක්කා අඩු මුදලකට බොහෝ දෙනෙකුගේ බඩ පුරවන ආහාරයක් බවට පත්ව තිබෙනවා. එනිසා මඤ්ඤොක්කා ශාකය ගෙවතු වගාවක් සහ වාණිජ භෝගයක් ලෙස වගා කිරීමට බොහෝ දෙනෙකු පුරුදුව සිටිනවා.

article

කොරෝනාවෙන් බැට කන වෙළඳ කලාප සේවකයින්

පසුගිය මාර්තු මාසයේ හදිසියේම රට පුරා පැතිරී ගිය කොරෝනා වසංගත තත්ත්වය නිසා ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. අඛණ්ඩව පනවනු ලැබූ ඇඳිරි නීතිය නිසා විවිධ පාර්ශවයන් දැඩි අපහසුතාවයකට පත් වුණා. එලෙස අන්ත අසරණ තත්ත්වයකට පත් වුණු පාර්ශවයන් අතුරින් වෙළඳ කලාප සේවක සේවිකාවන් ඉදිරියෙන්ම සිටිනවා. එනිසා අපි පසුගිය දිනවල ඔවුන් පිළිබඳව සොයා බැලීමක් සිදු කළා.

article

කොවිඩ්-19 සමයේ එක්ව කටයුතු කරමු – ශ්‍රී ලාංකික යෞවනය කතා කරයි

කොවිඩ්-19 වසංගතය නිසා ඇතැම් ජන කොටස් සමාජ අපකීර්තියට, ඒකාකෘතිකරණයට, සහ වෙනස් කොට සැලකීමට හේතු වී තිබේ. මෙය බරපතල හා පුළුල් ප්‍රතිවිපාක ඇති කළ හැකි තත්වයකි.
ආරක්ෂිත සහ සාර්ධර්මයෙන් සුසැදි ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තාරුණ්‍යයට කළ හැකි දේ ගැන යෞවනයන් අදහස් දැක්වුවේ මෙහෙමයි.

video

End of Articles

No More Articles to Load