Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා වසංගතය සමග එන මානසික ව්‍යාකූලතා

කොරෝනාවෛරසය හේතුවෙන් මේ වන විට රටවල් බොහොමයක මූලිකවම සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරුණු බරක් පැටවී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සලකන කළ කායික රෝගවලට අමතරව මානසික රෝගවලින් පෙළෙන රෝගීන්ට ද ඉතා අවාසනාවන්ත කාලයක් ලෙස මෙම වසංගත සමය නම් කළ හැකි යි.

article

දකුණු ආසියාවේ කොරෝනා වෛරසයේ හැසිරීම

නව කොරෝනාවෛරසය හෙවත් කොවිඩ් 19 මේ වන විට රටවල් 200කට අධික ප්‍රමාණයකට පැතිරගොස් අවසන්. ලෝකය පුරා අද වන විට (ජුනි 9) වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 6,931,000ක්. වාර්තා වූ රෝගීන් අතින් මේ වන විට 400,857ක් මරණයට පත් වී තිබෙනවා. එම රෝගීන් අතරින් 3,552,369ක් සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

article

ශ්‍රී ලංකාවට දේශීය ක්‍රීඩා නාලිකාවක් අවශ්‍ය ද?

මීට දශක දෙකකට පමණ පෙර රැකියාව නිමවා නිවසට ගිය මිනිසුන් ක්‍රිකට් තරගයක් රූපවාහිනිය ඔස්සේ නැරඹීමෙන් කාන්සිය මඟහරවා ගැනීමට පුරුදුව සිටියා. එසේත් නැත්තම් සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා වැනි ධාවන ශූරයන් දැක්වූ සුපිරි දස්කම් රූපවාහිනිය ඔස්සේ නැරඹීමෙන් උද්දාමයට පත්වුණා. එක්තරා යුගයක අපේ රටේ ජනතාව සහ ක්‍රීඩාව එකට සම්බන්ධ කිරීමට රූපවාහිනියට හැකියාව ලැබී තිබුණත් වර්තමානය වන විට එම යදම බිඳී ගොස් තිබෙනවා.

article

කොරෝනා සමයේ දරුවන්ගේ මානසික ව්‍යාකූලතා හදුනාගමු

යුනිසෙෆ් සංවිධානය විසින් සිදුකෙරුණු සමීක්ෂණයකින්, අවුරුදු 11ත් 19ත් අතර වයසේ පසුවන ළමුන් කොරෝනාවෛරසය පිළිබඳ බියෙන් පසුවන බව හෙළි වී තිබෙනවා. ඊට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ නිවසේ රැඳී සිටීම හේතුවෙන් බොහෝ ළමුන්ට විෂාදය, දැඩි ආතතිය වැනි තත්ත්වයන්, පාලනය කරගත නොහැකි මට්ටමට පැමිණි ඇති බව ද මානසික සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරනවා. පාසල් වසා දැමීම නිසා රටවල් 145ක දරුවන් බිලියන 1.6කට (කෝටි 160) විවිධ බලපෑම් එල්ල වී තිබෙන බව එම වාර්තාවල සඳහන්.

article

පාසල් නැවත ආරම්භ කරන්නේ කොහොමද?

කොවිඩ් 19 වසංගතය හමුවේ පාසල් නැවත විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් මොනවා ද? ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිළිබඳ නිර්දේශයයන් කිහිපයක් කාණ්ඩ පහක් ඔස්සේ ඉදිරිපත් කර තිබෙනවා.

video

ලංකාවේ වී වගාව ආශ්‍රිතව පවතින ගැටළු

ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වන බත සකස් කිරීම සඳහා සහල් අවශ්‍ය යි. වී භෝගය මඟින් සහල් ලබාගන්නා නිසා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ වී වගාව සිදුකරනු ලබනවා.

article

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ හමුවන මංසන්ධි

දුර පළාත්වල සිට රැකියා කටයුතුවල නිරත වීම සඳහා කොළඹට එන බොහෝ දෙනෙකු ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ වටිනාකම හොඳින්ම දන්නවා. වර්තමානයේ ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයා බවට පත්ව තිබෙන දුම්රිය විශාල පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලනවා. එලෙස දුම්රියෙන් ගමන් කරන ඔබට දුම්රිය මාර්ග පද්ධතිය තුළ දී දුම්රිය මංසන්ධි රැසක් හමුවනවා. ඉන් මංසන්ධි කිහිපයක් වර්තමානය වන විට ක්‍රියාත්මක නොවුණත් ඉතිරි මංසන්ධි කිහිපයකම සක්‍රීයව පවතින නිසා මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ හමුවන මංසන්ධි පිළිබඳව යි.

article

කොරෝනා නිසා ළමුන් මිලියන 80කට එන්නත් මඟහැරේ

කොරෝනාවෛරසය මේ වන විට සෑම රටකම සෞඛ්‍ය, සමාජ, හා ආර්ථික යන සියලු අංශයෙන් වෙත සිය දැඩි බලපෑම එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම සංවර්ධිත රටවල ද 2020 වසරේ ආර්ථික වර්ධනය මන්දගාමී වන බව ලෝක බැංකුව පෙන්වා දෙනවා.

article

කොරෝනාව නිසා අසරණ වුණු ලංකාවේ ක්‍රීඩා පුහුණුකරුවන්

නොසිතූ මොහොතක ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා වසංගතය නිසා පසුගිය මාස කිහිපය තුළ ලාංකීය ජනයාගේ දෛනික ජන ජීවිතය අඩාල වුණා. රට අකර්මණ්‍ය වී තිබුණු මාස කිහිපය තුළ බොහෝ රැකියා ක්ෂේත්‍රවල ගැටළු මතුවන ආකාරය දක්නට ලැබුණා. විශේෂයෙන්ම සමහර වෘත්තීන්වල නිරත වුණු අයට සිය රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණු නිසාම ඔවුන්ට අසීරුතා රැසකට මුහුණදීමට සිදුවුණා. එලෙස කොරෝනා නිසා අසරණ වුණු එක් පාර්ශවයක් වන ක්‍රීඩා පුහුණුකරුවන් මාස කිහිපයක් තිස්සේ ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගතකරමින් සිටිනවා.

article

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ පසුවිපරම

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනියැපොලිස්හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා මැයි 25 වෙනිදා පොලිස් අත්අඩංගුවේ පසුවන විට ඝාතනයට ලක් වෙනවා. සුදු ජාතික පොලිස් භටයෙක් වන ඩෙරෙක් චාවින් බිම වැටී සිටින ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිය දණහිස නවා සිරකරන වීඩියෝ පටයක් ද මාධ්‍ය ජාලවල සැරිසරනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකිරීම හා අනතුරුව ඔහු මරණයට පත්වීම හේතුවෙන් ඇමෙරිකාව පුරා ආරම්භ වූ විරෝධතා රැල්ල මේ වන තුරු අවසන් වී නෑ.

article

End of Articles

No More Articles to Load