Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොළොන්නරුවේ ආළාහන පිරිවෙනෙහි අසිරිය

අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දෙවන රාජධානිය බවට පත් වුණේ පොළොන්නරුව යි. එලෙස නිර්මාණය වුණු පොළොන්නරුව රාජධානිය පාලනය කළ ප්‍රබලම රජවරු අතුරින් ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාට යි. එදා පොළොන්නරුව සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන ගිය මහා පරාක්‍රමබාහු රජතුමා සුවිසල් නිර්මාණ රැසක් ඉදිකරනු ලැබුවා. එම යුගයේ දී පුලතිසි පුරවරය තුළ ඉදිවුණු නිර්මාණ අතුරින් ආළාහන පිරිවෙන නම් ආරාම සංකීර්ණය ඉතාමත් සුවිශේෂී නිර්මාණයක් වනවා. ප්‍රධාන ස්මාරක තුනකින් සහ තවත් පරිවාර ස්මාරක කිහිපයකින් සමන්විත වුණු මෙම ආරාම සංකීර්ණය විශාල භූමි ප්‍රදේශයක පිහිටා තිබෙනවා. එසේම, පොළොන්නරුවෙන් හමුවුණු මුල්ම රෝහලෙහි නටබුන් පිහිටා තිබෙන්නේ ද මෙම ආරාම සංකීර්ණ තුළ යි.

article

COVID-19 ගැන විස්තර සපයන හොඳම වෙබ් අඩවි 7ක්

නව කොරෝනාවෛරසය මුළු ලොවටම ජීවිත තර්ජන එල්ල කරමින් සියලු ජනතාව නිවෙස්වලට කොටු කරන්නට සමත් වුණා. ඒ සමග තවමත් සමාජ ජාල පුරා අසත්‍ය පුවත් පැතිරෙමින් යන්නට පටන් ගත් බැවින්, සත්‍යාපනය කරන ලද පුවත් සහ වෙබ් සේවාවන් සමග සමීපව කටයුතු කිරීමෙන් කිසිවකුටත් ඔබව නොමඟ යවන්නට නොහැකි වේවි.

article

අමතක නොවන පැරණි සිංහයෝ 10- බන්දුල වර්ණපුර

1975-1982 කාල සමය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර, ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ දී හමුවන සුවිශේෂී ක්‍රීඩකයෙකු වනවා. ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේ දී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන් බන්දුල, සිය රට ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට තරම් වාසනාවන්ත වුණා. එසේම, 1979 ලෝක කුසලානයේ දී ලංකා එක්දින ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ ද සිය කණ්ඩායමේ මෙහෙයවනු ලැබුවේ මෙම ක්‍රීඩකයා යි.

article

කෝවිඩ්-19 සමග කරළියට පැමිණි නිරෝධායනයේ ඉතිහාසය

මේ දිනවල ලොව පුරා පැතිරී යන කොරෝනාවෛරසය රටවල් රැසකට බලපෑම් ඇති කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැනෙන්නට පටන් ගත් නිසා ජනතාවගේ දෛනික ජන ජීවිතය අඩාල වුණා. එලෙස කොරෝනාවෛරසය ලංකාව තුළ පැතිරී යාමත් සමගම නිරෝධායනය, නිරෝධානය මධ්‍යස්ථාන වැනි වචන නිතර අසන්නට ලැබුණා. මීට පෙර ලාංකීය ජනතාවට සමීප නොවුණු නිරෝධායනය නම් එම ක්‍රියාවලියේ උපත සිදුවුණේ 14 වැනි සියවසේ මැද භාගයේ දී යි. එදා ලෝකය පුරාම පැතිරී ගිය කළු මරණය නම් වසංගත තත්ත්වයත් සමගම කරළියට පැමිණි නිරෝධායනය නම් ක්‍රියාවලිය, විවිධ වසංගත අවස්ථාවන්වල දී යොදාගනු ලැබුණා. මෙම ලිපිය මඟින් අපි නිරෝධායනයේ උපත සහ එහි ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරමු.

article

ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් කපා දමයි!

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රදානය කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා ප්‍රකාශ කරනවා. ඔහුගේ එම ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ලක් වී තිබෙනවා. චීනයෙන් ආරම්භ වී පැතිර යාම ආරම්භ වූ කොවිඩ් 19 වසංගතය, ඉන් අනතුරුව යුරෝපය කේන්ද්‍ර කරමින් යුරෝපා රටවලට ප්‍රබල තර්ජනයක් එල්ල කරනවා. මේ වන විට එම වසංගතය පැතිර යන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින්.

article

කෝවිඩ්-19 වෙනුවෙන් සල්ලි විසිකරන සුපිරි තරු

මේ දිනවල ලොව පුරා පැතිරී යන කොරෝනා වසංගතය නිසා රටවල් රැසක ජනතාව පීඩාවට පත් වී තිබෙනවා. එවන් මොහොතක ඔවුන්ට පිහිටවීමට ලොව පුරා සිටින විවිධ ක්ෂේත්‍රවලට අයත් සුපිරි තරු අමතක කළේ නැහැ.

article

දෙවන ලෝක යුද සමයේ ජර්මානු යුද ටැංකි

දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන්ගේ පාබල බල ඇණි ශක්තිමත් කළ යුද්ධ ටැංකි පිළිබඳව ඔබ අසා ඇති. ඒ ආකාරයෙන් මිත්‍ර හමුදාවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ යුද ටැංකි තුනක් පිළිබඳව කෙටි විස්තරයක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

කෝවිඩ්-19 හේතුවෙන් ඇමරිකානු ජනාධිපතිවරණය කල් යයි ද​?

කෝවිඩ්-19 හේතුවෙන් ඇමරිකානු ජනාධිපතිවරණය කල් යයි ද​? එසේ කල් දැමිය හැක්කේ කාට ද​? කොපමණ කාලයකට ද​? මේ දිනවල ලෝක දේශපාලනයේ කතාබහට ලක් වන මතභේදයක් පිළිබඳව යි මේ.

article

ඩඩ්ලි සේනානායකගේ දේශපාලන දිවිය පිළිබඳ මතකය

අතීතයේ දී ලංකා දේශපාලන බිමේ සිටි බොහෝමයක් දේශපාලනඥයන් ජනතාවගේ හදවතට වඩාත් සමීපව සිටියා. එම නිසාම එකල දේශපාලන බිමේ සිටි සමහර චරිත පිළිබඳව අදටත් බොහෝ දෙනා ගෞරවයෙන් යුතුව කතා කරනවා. එලෙස අදටත් ජනතාවගේ මතකයෙන් ගිලිහී ගොස් නැති දේශපාලනඥයන් අතුරින් ඩඩ්ලි සේනානායකට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. ලංකා දේශපාලන බිමේ සිටි ප්‍රබලම පවුලකින් පැවත ආ ඩඩ්ලි, සිව්වරක් අග්‍රාමාත්‍ය ධූරය ලැබීමට තරම් වාසනාවන්තයෙකු වුණා. එසේ නම් මේ, ඩඩ්ලි සේනානායකගේ දේශපාලන දිවිය පිළිබඳව ආපසු හැරී බැලීමක්.

article

End of Articles

No More Articles to Load