Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බැස්ටීලයට පහරදීම, බොස්ටන් තේ සාදය හා මොන්කාඩා ප්‍රහාරය

තම හිමිකම් වෙනුවෙන් ජන කොට්ඨාසයක් මුලින්ම සටන් වැදුණු ප්‍රථම අවස්ථාව ලෙස හඳුන්වා දිය හැක්කේ, බ්‍රිතානයේ ජෝන් රජතුමාට විරුද්ධව 1215 වසරේ බ්‍රිතාන්‍ය ජනතාව විසින් ආරම්භ කළ කැරැල්ල යි. එම කැරැල්ලෙන් පසුව පල්ලිය හා වංශවතුන්ගේ කැමැත්ත මත ජෝන් රජතුමාව සාමාන්‍ය ජනතාවට යටත් වන නීතියෙන් ම බැඳ තබනවා. සාමාන්‍ය ජනතාව යටත් වන නීතියට රාජ වංශිකයෙක් යටත් කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙස එය හඳුන්වනු ලබනවා.

article

ඩෙන්මාර්කය එක්සත් කළ බ්ලූටූත් රජු

බ්ලූටූත් කියන්නෙ ස්මාර්ට් ෆෝන් එකක් තියෙන හැම කෙනෙකුම වගේ අසා ඇති වචනයක්. අපේ ස්මාර්ට් ෆෝන් එකේ තිබෙන ෆයිල් එකක් අසල තියෙන තවත් ෆෝන් එකකට යවන්න අපට එම තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්.

article

කොරෝනා ගැන අසත්‍ය පුවත් හඳුනාගන්නා ආකාරය

WhatsApp හරහා එන අසත්‍ය ප්‍රචාර Share කරන්නේ නැතිව, විශ්වාසදායී මූලාශ්‍රවලින් ලද පුවත් පමණක් අනෙක් අයට යවන්න.
ජාතිය වෙනුවෙන් ඒ වගකීම ඔබ සතු යි! #COVID19LK

video

2004 දී කැංගරුවන් හමුවේ ලැබූ අවාසනාවන්ත ටෙස්ට් තරගාවලි පරාජය

2004 වසරේ දී එවකට ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් සහ එක්දින තරගාවලිවලට සහභාගි වීම සඳහා යි. සංචාරය ආරම්භ කරමින් පැවති එක්දින තරගාවලිය 3-2 ලෙසින් ජයග්‍රහණය කළ කැංගරුවන් ඉන්පසුව, පැවති ටෙස්ට් තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ ඊට වසර 5කට පෙර ලක්බිමේ දී ලද ටෙස්ට් තරගාවලි පරාජයේ වාඩුව ගැනීමේ අරමුණෙන්. එදා ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කරට කර සටනක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ටෙස්ට් තරග 3දී ම පළමු ඉනිම අවසන් වන විට ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටීමට සමත් වුණා. නමුත්, සෑම ටෙස්ට් තරගයක දී ම දෙවන ඉනිමේ දී ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුණු කැංගරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළේ සියල්ලන්වම මවිතයට පත් කරමින්.

article

නව කොරෝනාවෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

COVID19 පැතිරෙන ආකාර මොනවාද යන්න පිළිබඳව අපගේ පාඨකයන් අපේ ෆේස්බුක් පිටුවේ තැබූ Commentවලට පිළිතුරක් වශයෙන්, නව කොරෝනාවෛරසය ගැන දැනට සොයාගෙන ඇති කරුණු අනුව විද්‍යාත්මක පහදා දීමක් කරන්නට අපි තීරණය කළෙමු. සියල්ලෝම මාධ්‍යවේදීන්යැ යි සිතාගෙන ඉන්නා සමයක, බොරු ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සංසරණය වන බැවින් සත්‍ය පසුබිම ගැන දැනුවත්ව සිටීම වැදගත් ය.

article

කොරෝනා වසංගතයට එරෙහිව පෙළගැහෙන තාක්ෂණික ලොව දැවැන්තයෝ

2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට චීනයේ වුහාන් නගරය මුල් කරගෙන පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙන COVID-19 එසේ නොමැති නම්, කොරෝනා වෛරසය අද වෙද්දී ලෝකය තුළ විශාල කලබගෑනියක් නිර්මාණය කරන්නට සමත්ව තිබෙනවා. මෙයින් තාක්ෂණික ලෝකයට සිදු වූ බලපෑම් ගැන පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා. ලෝකයේ දැවැන්ත සමාගම් ගණනාවකට දැවැන්ත පාඩු සිදුකරන්නටත් මෙය සමත් වුණා. “තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය” ලිපිය වෙන්වුණේ ඒ වෙනුවෙන්ම යි. කොරෝනා රෝගයට එරෙහිව සටන් කරන්නට ලෝකයේ ප්‍රභල සන්නාමයන් රාශියක් සහ ලොව ප්‍රබල ව්‍යාපාරිකයන් එක්ව තිබෙනවා. මේ ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ ඔවුන් මේ වෛරසයට එරෙහිව ගෙන යන සටන පිළිබඳව යි.

article

දෙවන ලෝක යුද්ධය- මාස අටක් ඇදීගිය සෙවස්තෝපල් වටලෑම

මීට පළමුව ඔඩෙස්සා නගරය සඳහා වූ සටන පිළිබඳ ලිපියේ දී ක්‍රිමියාවට එල්ල වූ ජර්මන් ප්‍රහාරය හේතුවෙන් නගරය අත්හරින්නට සෝවියට් හමුදාවලට සිදු වූ අයුරු අපි විස්තර කළා.

article

ලෙඩ රෝග වැළඳීම නිසා අකාලයේ මියගිය ක්‍රිකට් ක්‍රීඩකයන්

ක්‍රිකට් ක්‍රීඩකයන් සිය තරග දිවිය ගෙවමින් සිටිය දී හදිසි අනතුරු සහ ලෙඩ රෝග නිසා මියගිය අවස්ථාවන් රැසක් ක්‍රිකට් ඉතිහාසය තුළ හමුවනවා. එහි දී ෆිල් හියුස්, හැන්සි ක්‍රොන්යේ, රාමන් ලම්බා, මන්ජුරල් රානා, රුනාකෝ මෝටන්, කොලී ස්මිත්, බෙන් හොලියොක් වැනි ක්‍රීඩකයන් හදිසි අනතුරු නිසා මියයන තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මියගොස් තිබෙනවා. එසේ නම්, එලෙස ලෙඩ රෝග නිසා අකාලයේ මියගිය ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම යි මේ ලිපියේ අරමුණ.

article

ති.නා අපට, හුස්ම එපිට!

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂකයෙකු වූ තිස්ස නාගොඩවිතාන මහතා ඊයේ දිනයේ දී ස්වකීය ජීවිතයෙන් නික්මුණා. මේ, ඔහු වෙනුවෙන් Roar සිංහල අපගේ ආචාරය යි.

video

අප ඔබ සමග යි.

මේක කාටත් ටිකක් කරදර කාලයක්. Roar අපි ඔබ වෙනුවෙන් දිගටම වැඩ කරන්නේ හැමතැනම පැතිරෙන අසත්‍ය පුවත් අතරින්, ඔබට සත්‍ය තොරතුරු ලබාදීම අපේ වගකීම බව හිතන නිසා යි. ඒ සියල්ල අතරේ, අපට ඔබට කියන්න යමක් තිබෙනවා.

video

අභයගිරි බිම සුන්දර කළ පොකුණු

පණ්ඩුකාභය රජතුමාගේ කාල සමයේ නිර්මාණය වුණු අභයවාපී නම් වැව, ලංකාවේ වාරි කර්මාන්තයේ ආරම්භය ලෙසින් සනිටුහන් වනවා. නමුත්, ඊට පෙර යුගයේ සිටම ලංකා භූමිය තුළ පොකුණු පිහිටා තිබුණු බවට විජය-කුවේණි පුවත සාක්ෂ්‍ය දරනවා. පැරණි සිංහල ජල කර්මාන්තකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණු අවස්ථාවක් ලෙස සැලකෙන පොකුණු එදා අභයගිරි බිමේ වැඩි වශයෙන් දක්නට ලැබුණා. එසේ නම් මෙම ලිපිය ලියැවෙන්නේ එදා අභයගිරි බිම සුන්දර කළ පොකුණු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

article

කොලරා කාලේ යේමනය

සෞදි අරාබියේ නායකත්වය ඇතිව යේමනයේ ආණ්ඩුවේ හමුදාවන්ට සහයෝගය දෙන සන්ධානයක් හා හූති (Houthi) කැරලිකරුවන් අතර යේමනයේ වසර කීපයක පටන් බිහිසුණු අරගලයක් සිදුවෙමින් පවතින බව ඔබ දන්නවා ඇති. ඒ හේතුවෙන් එරට ජන ජීවතය මේ වන විට පවතින්නේ අරාජික තත්ත්වයක යි. යේමනයේ යුද්ධයට මැදිව සිටින සාමාන්‍ය ජනතාව සාගතයෙන් හා විවිධ රෝගවලින් ද ඉතා දැඩි සේ පිඩා විඳිනවා. 2015 මාර්තු 26 සිට 2020 මාර්තු 7 දක්වා කාලය තුළ මෙම සටනේ දී සිවිල් වැසියන් 12,366ක් මියගොස් ඇතැ යි ගණන් බලා තිබෙනවා. ඊට අමතරව විවිධ ලෙඩ රෝග හා කුසගින්න හමුවේ ද විශාල පිරිසක් වාර්ෂිකව මියයනවා.

article

End of Articles

No More Articles to Load