මෙක්සිකානු පොළොවේ නිදන් වූ පළිඟු රජ දහන
මෙක්සිකෝවේ චිහුවාහුවා නගරය සුවිශේෂ වන්නට හේතුව ලෝකයේ විශාලතම නිධානයක් සඟවාගෙන සිටීමයි. චිහුවාහුවාහි නයිකා නමින් හැඳින්වෙන පතලේ විශාල ප්‍රමාණයේ පළිඟු සියවසකට වැඩි කාලයක් තිස්සේ මෙලෙස නිදන්ගත වී තිබෙන්නේ සොබාදහම් දිනිතියගේ විශ්මිත බව ලොවට කියාපාමින්. ටොන් 55 ට වැඩි බරකින් යුත් ලොව විශාලතම පළිඟුවද ඇත්තේ මෙම පතල තුළයි. පළිඟු පතල සොයාගෙන අදට වසර 117 කට ආසන්න කාලයක් ගත වී තිබුණත් එය තවමත් ලෝකයට වැදගත් සොයා ගැනීමක් බවට පත්ව තිබෙන්නේ එහි අද්විතීය පිහිටීම, ඉහළ මූල්‍යමය වටිනාකම සහ ස්වභාව ධර්මයේ අපුර්වතම නිර්මාණයක් වන නිසාවෙනුයි.