ඉරාකයෙන් හමු වූ අතුරුදන් වූ ඇසිරියානු නගරය : මාඩමන්
යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගාවන්ට මැදි ව පිහිටි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය සතු වූ බලවත් රාජ්‍යයක් ලෙස ඇසිරියානු අධිරාජ්‍යය හැඳින්වීමේ වරදක් නැහැ. ඉතිහාස පොත්පත් හි සඳහන් වන ආකාරයට ක්‍රිස්තු පූර්ව 25 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන ලද ඇසිරියානු අධිරාජ්‍යය බිඳ වැටී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 612 – 609 අතර කාල සීමාවේ දී යි. ටයිග්‍රීස් ගං ඉවුරේ ගොඩ නංවන ලද ඇසිරියානු අධිරාජ්‍යය පැවති භූමි ප්‍රදේශය වර්තමානයේ දී උතුරු ඉරාකය, ඊශාන දිග සිරියාව, ගිනිකොන දිග තුර්කිය සහ වයඹ දිග ඉරානය යන රාජ්‍යයන්ට අයත් වෙනවා.