Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හිමිකරුවන්ට ශාපයක් වූ හෝප් දියමන්තිය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශන ශාලාවක අගනා දියමන්ති මාලයක් තැන්පත් කොට ඇත්තේ වෙඩි නොවදින වීදුරු වලින් නිම වූ විශේෂිත අල්මාරියකය. පිටත ආලෝකය පරදවා බැබලෙන මෙය ලොව ඉමහත් ප්‍රසිද්ධියට ලක්ව ඇති, එමෙන්ම අයිතිකරුවන්ට මරණීය අපල ගෙන දුන් අසුබ දියමන්තියකි. එය නම් කොට ඇත්තේ හෝප් දියමන්තිය ලෙසිනි. වසර 300කට වැඩි ඉතිහාසයක් ඇති හෝප් දියමන්තිය ගැන අසුභවාදී කතා බොහොමයකි. මෙහි ඉතිහාසය පුරාවටම එක් අයිතිකරුවෙකු හැරෙන්නට අන් සියලු දෙනාටම වේදනාත්මක අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදු විය.

article

හැමදාම සමාව ගන්නා ෆේස්බුක් සමාගම

පුරුෂයකුගේ විවාහ වීමේ මූලික සුදුසුකම වන්නේ වරදක් නොකළත් සමාව ගැනීම බව memes පෙන්වා දෙද්දී ලොව තාක්ෂණික දැවැන්තයන් අතින් ද නිතර වැරදි සිදුවෙනවා. ට්විටර් සමාගම විසින් වරක් encrypt නොකර මුරපද ගබඩා කරගෙන තිබූ අතර මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Zune, Windows Vista, Windows Mobile ආදී අසාර්ථක නිෂ්පාදන කළා. අවසානයේ ඔවුන් දුරකතන සඳහා වූ මෙහෙයුම් පද්ධතිය සහ වින්ඩෝස් දුරකතන නිපැයීම ද දැන් නවතා තිබෙනවා. තමා අතින් වූ වරදකින්, පෞද්ගලික දත්ත පිළිබඳව අන්තර්ජාලය තුළ කෙතරම් කල්පනාකාරී විය යුතුද යන්න පිළිබඳව ලෝකයේ දෑස් හැරලූ ෆේස්බුක් සමාගමත් අවස්ථාවන් විශාල ප්‍රමාණයකදී වැරදි සිදුකර තිබෙනවා මෙන්ම නිහතමානීව ඒ හැම අවස්ථාවකදීම ඊට සමාව අයැද තිබෙනවා. මේ, ඉතිහාසය පුරා ඔවුන් සමාව භජනය කළ අවස්ථාවන් කිහිපයක්.

article

ඡායාරූප සංස්කරණයට Online Tools පාවිච්චි කරමු

ඡායාරූපයක් සංස්කරණය කරගන්නට අවශ්‍ය වුණාම ඒ වෙනුවෙන් ෆොටෝෂොප් open කරන එක හිසරදයක් වීම අහඹු දෙයක් නොවෙයි. ෆොටෝෂොප් අයිකනය ක්ලික් කළ වහාම එහි loading screen එකත් එක්ක ලෝකයේ සෑම ඔරලෝසුවකම වෙලාව නවතිනවා. මොකද, Chrome වැනි බ්‍රවුසරයක් open කරගෙන ඉඳිද්දීම අඩු RAM එකක් තියෙන පරිගණකයකට Photoshopනුත් run කරන්න ලැබෙනවා කියන්නේ ගහෙන් වැටුණු මිනිහා වඳින්න ගිය දේවාලෙ ඔළුවෙ කඩාගෙන වැටිලා ගොනාත් ඇන්නා වගේ වැඩක්. හදිස්සියේ මිතුරෙකුට යවන ඡායාරූපයකට ඉතා සුළු වෙනස්කමක් කරන්නට දැවැන්ත මෘදුකාංගයක් විවෘත කරනවා වෙනුවට online tool භාවිත කරන එක බොහොම පහසු වැඩක්. එවිට වින්ඩෝස් නැති පරිගණකයක සිට වුවත් ඔබට ෆොටෝෂොප්වලින් කරන වැඩ ටිකම කරන්නත් පුළුවන්. මේ ගෙන එන ඒවායේ විශේෂත්වය වන්නේ Sign Up නොවීම පාවිච්චි කළ හැකි වීමයි.

article

හෙළ නාග පරපුරේ තතු මෙන්න

පැරණි වංශකතා සහ සාහිත්‍යය ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට බුදුරදුන් තෙවරක් ලක්දිවට වැඩම කර ඇති අතර ඉන් දෙවන සහ තුන්වන ගමන් සිදුව ඇත්තේ නාග ගෝත්‍රිකයන් උදෙසා යි. නාග නමින් ගෝත්‍රයක් ලක්දිව තිබී ඇති බවත්, ඔවුන් ලක්දිව බලවත් ගෝත්‍රයක් වශයෙන් පැවත ඇති බවත් යන විශ්වාසය මෙනිසා ඇති වූ බව උපකල්පනය කෙරේ.

article

පාපන්දු ලෝක කුසලානයට සූදානම් වූ රුසියාවේ විසල් ක්‍රීඩාංගන 12

මෙවර පාපන්දු ලෝක කුසලානය 2018 ජූනි 14 වෙනිදා රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි. දවස් 31ක් පුරා දිවයන මෙම තරඟාවලියට රටවල් 32ක් සභාගී වෙනවා. නගර 11ක, ක්‍රීඩාංගන 12ක තරඟ 64ක් මෙවර පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. අපි ඔබට අද ඒ ක්‍රීඩාංගන 12 පිළිබඳ​ තොරතුරු ගෙන එන්න හිතුවා.

article

අද දක්නට නැති, පැරණි ලෝකයේ පුදුම හත

මීට වසර දහස් ගණනකට පෙර ලොව බිහිවූ ශිෂ්ඨාචාර වල ජනයා ද වර්තමාන ජනයා මෙන්ම නව සොයාගැනීම කිරීමට මහත් ආශාවකින් පෙළුණු අතර, ඒ සඳහා නිරන්තරයෙන් උත්සාහ ද කළා. විශේෂයෙන් අනුස්මරණීය දේ ඉදි කිරීමේ දී ඒවා හැකිතාක් අපූර්ව ලෙස ඉදිකිරීමට ඔවුන් හැකි සෑම උත්සාහයක්ම දැරුවා. ඒවා ඵල දැරූ අතර ඉන් සමහරක් වර්තමාන තාක්ෂණයෙන් පවා ඉදි කිරීම අපහසු බව විද්වතුන්ගේ මතය යි. ඒවායින් විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් වන ‘පැරණි පුදුම හත’ පිළිබඳව මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කරනවා.

article

තියුණු අවසන් මහා තරඟයකින් නිමා වූ ලෝක සත් සාමාජික රග්බි තරගාවලිය​

පසුගිය ඉරිදා ප්‍රංශයේ පැරීස් හි පැවති අවසාන මහා තරඟය ජයගත් දකුණු අප්‍රිකානු සත් සාමාජික රග්බි කණ්ඩායම 2017-18 තරඟ සමයේ ලෝක සත් සාමාජික ශූරයින් බවට පත්විය. ඒ ඉතා තියුණු අවසාන මහා තරඟයේ දී එංගලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම 24-14 ක් වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුවයි. 1999-00 තරඟ සමයේ සිට සෑම වසරකම පැවැත්වූ මෙම සත් සාමාජික රග්බි තරගාවලියේ දකුණු අප්‍රිකාව ශූරයින් වූ තෙවැනි අවස්ථාව​ මෙය වේ. මෙයට පෙර 2016/17 සහ 2008/09 යන අවස්ථා දෙකේද දකුණු අප්‍රිකාව ශූරයින් බවට පත්වී ඇත. මේ දක්වා 12 වතාවක් ශූරයින් බවට පත්වී තිබෙන නවසීලන්තය වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනූ රට බවට පත්වී තිබේ. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ අන්තර්ජාතික රග්බි පාපන්දු සංගමය විසිනි.

article

End of Articles

No More Articles to Load