iPhone එකක් පිරිසිදු කරන්නේ මෙහෙමයි
දුරකථනය දිනපතා පාවිච්චි කරද්දී විවිධ කුණු දූවිලි මෙන් ම අපේ සම මත තිබෙන දාඩිය, තෙල් ගතිය ද එහි තැන්පත් වෙනවා. කාලයක් තිස්සේ මේවා දුරකතනය වටා සහ එහි ඇති සිදුරුවල එකතු වීමෙන් අවපැහැ වීම පමණක් නොව සංවේදක නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, චාර්ජ් නොවීම, කැමරාවෙහි දෝෂ හටගැනීම දකින්නට ලැබෙනවා. මේ බොහෝ දෝෂයන් පිළිබඳව ඇපල් ස්ටෝර් එකකට දුරකතනය ගිහින් දුන්නත් ඔවුන් මුලින්ම කරන්නේත් දුරකතනය හොඳින් සුද්ධ කර බලන එකයි. ඉතින් එය මාසයකට වරක්වත් අපට ම කළ හැකි නම්, දුරකතනයේ පෙනුම වගේම ආයු කාලයත් වැඩි කරගන්නට හැකි වෙනවා.