Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අපූරු හැඩයකින් නිර්මාණය වුණු “ගුගන්හෙයිම් කෞතුකාගාරය”

ලෝකයේ විවිධ විවිධ ගෘහ නිර්මාණ රාශියක් පිළිබඳව අපි ඔබට පසුගිය කාලය පුරාවට තොරතුරු ගෙන ආවා. ඒවා අතර ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ඉදිවෙමින් පවතින සාග්‍රාඩා ෆමීලියා හෙවත් ශුද්ධ වූ පවුලේ දෙව් මැදුර ,නව දිල්ලියේ බහායි දේවාලය​, “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ල , චීනයේ තුන්දුර්ග වේල්ල වගේ ලෝක ප්‍රසිද්ධ ගොඩනැගිලි රාශියක් වුණා. අද අපි හිතුවා ඔබව ස්පාඤ්ඤයට අරන් යන්න. ඒ තවත් අපූරු ගෘහ නිර්මාණ ශෛලයකට අනුව නිර්මාණය වුණු “ගුගන්හෙයිම් කෞතුකාගාරය” හා එය නිර්මාණය වුණු ආකාරය ගෙන තොරතුරු කියන්න.

article

මෙවර ලෝක කුසලානයේ දී පෙරලියක් සිදුකළ හැකි කණ්ඩායම් 5 ක්

පසුගිය පාපන්දු ලෝක කුසලාන කිහිපය දෙස නැවතත් හැරී බැලූ විට පෙනී යන්නේ ප්‍රේක්ෂකයින් නොසිතන ආකාරයට එක් කණ්ඩායමක් හෝ කිහිපයක් තරගාවලිය පෙරලියක් සිදුකරමින් තරගාවලියෙහි බොහෝ දුරක් ගමන් කර ඇති බවයි. 2002 වසරේ දී දකුණු කොරියාව සහ තුර්කිය අවසන් පූර්ව වටය දක්වා ද, 2006 වසරේ දී යුක්රේනය අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද, 2010 වසරේ දී ඝානාව සහ පැරගුවේ රාජ්‍යය අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද, පසුගිය 2014 වසරේ දී කොස්ටරිකාව අර්ධ අවසන් පූර්ව වටය දක්වා ද පැමිණීමට සමත් වූයේ සමස්ත ලෝකයම පුදුමයට පත්කරමිනි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ද එලෙස පෙරලියක් සිදුකරන්නට හැකි කණ්ඩායම් 5 ක් පිළිබඳව අද “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් සාකාච්ඡා කෙරේ.

article

මහා කාලි ඇදහූ ඉන්දියානු මංපහරන්නෝ: තගී

“Thug” කියන වචනයෙන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ අපරාධකරුවෙකු හඳුන්වන්න යි. නමුත් මෙය ඉංග්‍රීසි යෙදුමක් නම් නොවෙයි. “තග්” කියන වචනය, සහ තේරුමත් ආවෙ ඉන්දියාවෙන්. ඇත්තෙන්ම හින්දි භාෂාවෙ “තගී” කියන යෙදුමෙන්. කවුද මේ තගී?

article

ට්‍රම්ප් යටතේ ඇමරිකා – උතුරු කොරියා සබඳතා වෙනස් වූ අයුරු

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වූ පසු ඔහු අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති නිතරම කතාබහට ලක් වුණා. මේ අතර උතුරු කොරියාවත් වෙනදාට වඩා සිය ශක්තිය ප්‍රදර්ශනය කිරීමට පටන්ගත්තා. මුල් කාලීනව දැඩි එදිරිවාදිකමක් මෙම දෙරට අතර පැවති නමුත් මේ වන විට ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් ඓතිහාසික ලෙස මුහුණට මුහුණ හමුවීමක් දක්වා තත්ත්වය වෙනස් වී තිබෙනවා.

article

තරගවලින් පැරදුණු මයික්‍රොසොෆ්ට් සමාගම දිනවන්න හදන වැඩපිළිවෙළ

මයික්‍රොසොෆ්ට් කිව්වාම ඔබට මතක් වෙන්නේ මොකක්ද? බොහෝ දෙනෙක්ට තවමත් සැළකිය යුතු පිරිසක් පාවිච්චි කරන Windows මෙහෙයුම් පද්ධතිය සහ MS Office පැකේජයේ මෘදුකාංග මතක් වෙනවා ඇති. තවත් අයට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වසර ගණනාවක් තිස්සේ ඉදිරියෙන් සිටි බිල් ගේට්ස් මතක් වෙනවා ඇති. නමුත් එතැනින් එහාට දෙයක් මතක් කරන්න කියලා කිව්වොත්? වැඩි දෙනෙක්ට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා නේද? සමහර විට ඔබට ඔවුන්ගේ යම් නිපැයුම්වල නම් මතක තිබුණත් ඔබ ඒවා නිතරම පාවිච්චියට ගන්නවාද කියලා තරමක් හිතලා බලන්න. Windows Phone මෙහෙයුම් පද්ධතිය, Internet Explorer සහ Edge බ්‍රව්සර් දෙක, Bing සෙවුම් යන්ත්‍රය, Skype අැමතුම් සේවාව, Xbox කොන්සොල් එක වගේම තවත් මොන තරම් මයික්‍රොසොෆ්ට් නිමැවුම් අද වැඩි දෙනෙක් දන්නවා වුණත් ඉතාම සුළු පිරිසක් විතරක් පාවිච්චි කරන මට්ටමට මට්ටමට වැටිලා තියෙනවා ද?

article

අමතක නොවන පාපන්දු ලෝක කුසලාන තරඟ 10 ක්

වර්තමානයේදී පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක පැවැත්වෙන සම්පූර්ණ තරඟ සංඛ්‍යාව 64 කි. මෙම තරඟ සියල්ලම ඉතා උද්වේගකර තරඟ වන අතර සමුදුරු කිහිපයක් පසුකරගෙන විත් හෝ තරඟ නරඹන්නට ක්‍රීඩා ලෝලියෝ පසුබට නොවෙති. එයට අමතරව රූපවාහිනය ඉදිරියේ මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලියෝ තරඟ නරඹති. යම් අවස්ථාවල දී එම සංඛ්‍යාව බිලියනයකට අධික වේ. මෙසේ ක්‍රීඩා ලෝලීන් අති විශාල ප්‍රමාණයක් පාපන්දු ලෝක කුසලානය නරඹන්නේ එම තරඟාවලියේ තිබෙන උණුසුම් බව නිසාමය. මෙවර පාපන්දු ලෝක කුසලානය පිළිබඳ සාකාච්ඡා කරන “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් මේ වනවිට පාපන්දු ලෝක කුසලානය පිලිබඳ බොහෝ ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර පසුගිය ලෝක කුසලාන කිහිපයේ පැවති තරඟ අතුරින් ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන තරඟ 10 ක් පිළිබඳව අද එම විශේෂාංගයෙන් ඉදිරිපත් කර ඇත.

article

ලොව ඇති වඩාත්ම තැති ගන්නා සුළු ස්ථාන දහයක්

යම් කිසි ස්ථානයකට යන නොඑන බව තීරණය කරන්නට බලපාන හේතු බොහොමයක් තිබෙනවා. අද්භූත බවින් පිරි බියකරු ස්ථානයකට යන්න ඔබ කැමතිද? ලොව ඇති වඩාත්ම තැති ගන්නා සුළු ස්ථාන 10ක් සහ ඒවායේ පසුබිම් කතා මේ ලිපියෙන් දැන ගන්න පුළුවන් වෙයි.

article

දළදාව සැඟවූ උඩරට විහාර

මහනුවර රාජධානියට දළදා වහන්සේ වැඩමවාගෙන ආවේ පළමුවන විමලධර්මසූරිය රජු (1592-1603) විසින්. ඒ රජු එවකට දෙල්ගමුවේ සඟවා තිබූ දළදාව පෙරහරින් මහනුවරට වැඩම කරවාගෙන, දළදා මැදුරක් ද ඉදිකර පුදපූජා පැවැත්වුවා. ඊට පසු බලයට පත් සෑම රජ කෙනෙකුම දළදා පුදපූජා පැවැත්වූවා. දළදාව තමන් සතුවීම රජකම පවත්වාගෙන යාමට ඇති උරුමයක් ලෙස සැලකුණා. නමුත් මහනුවර දළදා මාලිගයේ එකදිගට වැඩ වැඩසිටීමට දළදා වහන්සේට හැකියාවක් නොලැබුණේ පරසතුරු ආක්‍රමණ නිසයි. පෘතුගීසි, ඕලන්ද, සහ ඉංග්‍රීසි ආකුමණ උඩරටට එල්ලවන විට රජවරු සහ නායක හිමිවරු දළදාව උඩරට ප්‍රදේශයේම රහසිගත ස්ථානවල සඟවා තැබීමට කටයුතු කළා. අදටත් එලෙස දළදා සඟවා තැබූ ගල්ලෙන්, විහාරස්ථාන අපට දැකබලා ගන්න පුළුවන්. ඒවායේ දළදා ඉතිහාසයට සම්බන්ධ රසවත් හා අනුවේදනීය තොරතුරු බැඳී තිබෙනවා. එවැනි ස්ථාන ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ.

article

End of Articles

No More Articles to Load