අවුරුදු 30කට 40කට, හෝ ඊටත් පෙර ලංකාවෙ වෙළඳපොළ අද වගේ නෙවෙයි. අද විවිධ නිශ්පාදනයන්, විවිධ සන්නාමයන් යටතේ වැහි වැහැලා තිබුණත්, ඒ කාලෙ ලංකාවෙ තිබුණෙ සන්නාමයන් කීපයයි. යම් වෙළඳ භාන්ඩයක් (උදා: සබන්, දත් බෙහෙත්, සෙරෙප්පු) ගැන සඳහන් කරද්දි, එය යම් සන්නාමයකින්ම හඳුන්වන තරමට ඒ සීමිත සන්නාමයන් විසින් වෙළඳපොළ බලය තහවුරු කරගෙන තිබුණා.