හිට්ලර්ගේ සිනමාවේදිනිය: ලෙනී රීෆන්ෂ්ටාල්
ජෝර්ජ් ලූකස්, පීටර් ජැක්සන් හා රිඩ්ලි ස්කොට් වැනි එපික් වර්ගයේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට මෙන්ම තවත් බොහෝ සිනමාකරුවන් අධ්‍යයනය කරන චිත්‍රපට දෙකක් තමයි 1935 දී නිර්මාණය කළ Triumph of Will සහ 1936 බර්ලින් ඔලිම්පික් උළෙල ඇසුරින් 1938 දී තැනූ Olympia යන චිත්‍රපට. විශේෂත්වය වන්නේ මේ චිත්‍රපට දෙකම ඇඩොල්ෆ් හිට්ලර් හා ජෝසෆ් ගොබෙල්ස්ගේ පූර්ණ අනුග්‍රහයෙන් නට්සි ජර්මනියේ තනන ලද ඒවා වීමයි. එම චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළ ලෙනී රීෆන්ෂ්ටාල්ද විවාදාත්මක චරිතයක්.