බිය විය යුතු නැති එහෙත් ප්‍රවේශම් විය යුතු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය
පසුගිය දිනවල දකුණේ ප්‍රදේශ බොහොමයක දරුණු උණ රෝගයක් ව්‍යාප්ත වීමත් ඉන් මරණ 7ක් වාර්තා වීමත් නිසා මෙය වසංගත රෝග තත්වයක්ද යන සැකය ජනතාව අතර පැතිර ගොස් තිබුණි. ඇතැමුන් මෙය ‘අභිරහස් වෛරසයක්’ ලෙසද හඳුන්වනවා. සෑම පළාතකම දරුවන් සිටින මව්වරුන් මෙම රෝගය ගැන විමසිල්ලෙන් පසුවන අතර අනියත බියකින්ද පෙළෙනවා.