ආහාර මෙනුවේ බොජුන් ත්‍රිමාණ ව පෙන්වන අනාගත අවන්හල්
අවන්හලක ආහාර මෙනුව පාරිභෝගික තෘප්තියට සෘජුව ම බලපාන බැවින්, එය නිර්මාණාත්මක ආකාරයෙන් ඉදිරිපත් කරන අවස්ථා දැකිය හැකි යි. “Hololamp” තාක්ෂණික සමාගම, ආහාර මෙනු ඉදිරිපත් කරන ආකාරය නවමු මානයකට ගෙන යන්නේ මෙම වැදගත්කම වටහා ගනිමින්.