Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණික ලෝකය කැලඹූ ඔක්තෝබරයේ Apple Event  

මේ වසර තාක්ෂණ ලෝකයේ  පුවත් පිට පුවත් මවන අවුරුද්දක් බව‍ට පත්වෙලා අවසන්. විශේෂයෙන් වසර අවසානයේ ලෝකයේ ප්‍රධාන තාක්ෂණික දැවැන්තයන් එළඹෙන වසර වෙනුවෙන් ඔවුන්ගේ  උපාංග සහ සේවා පිළිබඳ ව එළිදැක්වීම් සිදු කළා.

පසුගිය දිනෙක පැවැත් වූ Apple සමාගමේ Event එක නම් ඇපල් සන්නාමයට ආසා කරන පිරිසේ බලාපොරොත්තු බිඳ නොදැමූ බව නම් කියන්න ම ඕනේ. ඒ අතරින් නව M1 චිප් අඩංගු  MacBook Pro පරිගණක තාක්ෂණික ලෝකයේ ම කතාබහට ලක්වෙන්නට පටන් ගත්තා. 

නව හැඩයකින් කල එළි බසින අලුත් – පරණ  MacBook Pro

14-inch සහ 16-inch models ලෙසින් නිකුත් වන නව MacBook Pro පරිගණක වෙතින් Touch Bar  එක දකින්නට නොලැබීම කාගේත් පුදුමයට හේතුවක් වුණා. කොහොම නමුත් පුදුමයට පත් වෙන්නට තිබු එකම කාරණය එය නම් නොවෙයි. පරණ පරිගණකවලින්, මාදිලිවලින් ඉවත් කර තිබු අංග ගණනාවක්  නැවත මේ 2021  වසරේ MacBook Pro වෙත එක් වී තිබීම ම පුදුමය ගෙන දෙන කරුණක්.

මේ අතරට HDMI port එකක් Thunderbolt port තුනක්, SD card slot එකක්, headphone jack slot එකක් වගේ ම MagSafe charger එකත් නැවත එක් ව තිබුණා.  M1 Pro සහ M1 Max chip ලින් මේ වසරේ MacBook Pro උපාංග බලගැන්වෙනු ඇති. 

14-inch model නව MacBook Pro එකෙහි මූලික ආරම්භක මිල සටහන් වෙන්නේ $1,999 ලෙස වන අතර  16-inch model එකේ $2,499 සිට ආරම්භ වෙනවා. ඒවගේ ම මෙය ලබන සතියේ සිට ලොව පුරා වෙළඳපොළට නිකුත් වීමට නියමිත යි. 

කොහොම වුණත් මේ නව MacBook Pro පිළිබඳ බොහෝ දෙනෙක් එතරම් කැමැත්තක් නොදක්වන කාරණය වෙන්නේ එයට අලුතෙන් එකතු වෙන notch එකයි.  මේකට හේතුව වෙන්නේ අලුතෙන් එකතු වෙන 1080p FaceTime camera එක. 

MacBook Pro – apple.com 

 

කොහොම නමුත් මේ නව මාදිලිවල  MacBook Pro හි බැටරි ආයු කාලයත් බොහෝ දෙනකු ගේ කතාබහට ලක්වෙන්නට සමත් වුණා. 16-inch MacBook Pro එක සතුව පැය 21 ක video playback හැකියාව පවතිනවා. 14-inch මාදිලියේ මේ බැටරි ධාරිතාව පවතින්නේ පැය 17ක් පමණයි. 

ඒවගේ ම නැවත එකතු වුණු MagSafe port එක සහ පහසුකම සමඟ ඔබට ඔබේ නව MacBook Pro උපාංගය 50% ක් පමණ ආරෝපණය කිරීමට ගත වෙන්නේ විනාඩි 90ක් (පැය 1යි විනාඩි 30ක්) පමණ කාලයක් බව යි මෙහිදී දැනගන්නට ලැබුණේ. 

HomePod Mini 

පසුගිය වසරේදීත් අතිශය ජනප්‍රිය වූ HomePod Mini උපාංගය නම් මේ වසරේ දී එතරම් වෙනස්කමකට ලක්වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයට නව වර්ණ සංකලනයන් (yellow, orange, blue) හඳුන්වා දීමට ඇපල් සමාගම කටයුතු කර තිබුණා.

මේ Smart Speaker එක $99 ක මිලට එළඹෙන නොවැම්බරයේ සිට වෙළඳපළට නිකුත් වනු ඇති. 

වැඩි වෙනසක් නැති HomePod Mini Smart Speaker- Apple.com 

Apple Music ‘Voice’ 

ලෝකයේ ජනප්‍රිය ම Music Streaming service එකක් වන Apple Music ඔවුන්ගේ නව පැකේජයක් පිළිබඳවත් මේ Event එකේදී කරුණු අනාවරණය කළා. එක උපාංගයක පමණක් භාවිත කළ හැකි මිලෙන් අඩු පැකේජයක් ලෙසයි මෙය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. $5  පමණ මිලකට මෙය රටවල් 17 කට ලබාදීමට නියමිත යි.

ඉතා ඉක්මනින් අනෙක් රටවල් සඳහාත් මේ විශේෂ Apple Music ‘Voice’  පැකේජය ලබාදීමට සමාගම සුදානම් බවයි මෙහිදී අනාවරණය  වුණේ.  ඇපල් කෘත්‍රිම සහකරු වන Siri හරහා මේ සේවාව ක්‍රියාත්මක වන බව තමයි අපට දැනගන්න ලැබුණේ. ඒවගේ ම ඇපල් සමාගම Spotify සහා Amazon සේවා හා තරග වැදීමට නව “mood සහ activity playlists” ගණනාවක් Apple Music වෙත එක්කර තිබෙනවා. 

AirPods 3

ඇපල් සමාගම ඔවුන්ගේ ජනප්‍රිය උපාංගයක් වන AirPods උපාංගයෙත් නව මාදිලියක් ගැන පසුගියදා පැවති event එකේ දී නිවේදනය කළා. AirPods 3 ලෙසින් නම් වෙන මෙය මුලික වශයෙන් entry-level AirPods එකක් ලෙසයි හැඳින් වෙන්නේ.  තවමත් පරිශීලකයන් භාවිත කරන පැරණි  AirPods සහ නව AirPods Pro උපාංග අතරට අතරමැදි උපාංගයක් ලෙස මෙය හැඳින්වීම වරදක් නැහැ. Q-Tip සමගින් නිර්මාණය වී තිබෙන නිසා මේ වෙත premium පෙනුමක් එක් ව තිබෙනවා.

AirPods උපාංගයේ නව මාදිලිය – Apple.com 

AirPods Pro උපාංගයට සමාන ලෙසින් කුඩාවට නිර්මාණය ව  තිබීම සහ Sensor control පහසුකම නිසාම මේ වෙත පරිභෝගිකයන් ආකර්ෂණය වෙනු ඇති බවයි මගේ මතය නම්. බොහෝ දෙනකුගේ කනට සරිලන ලෙසින් මෙය විශේෂිත හැඩයකින් නිමවා තිබෙන නිසා ම ඔබේ කනට කිසිදු අපහසුවකින් තොරව පැළඳීමට හැකියාව ලැබේ වි. ඊට අමතර ව මේ සුවිශේෂී හැඩය ඔබේ කනට සහ ඔබට වඩා සුපැහැදිලි සහ අපුර්ව අත්දැකීමක් එක කරන බව තමයි සමාගම කියන්නේ. 

මේ නව AirPods 3 එක වරක් ආරෝපණය කළ පසු පැය 6ක් ඔබට භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ ම මෙහි AirPods case එකේ ඇති ධාරිතාව සමඟ ගත් විට සම්පූර්ණ  භාවිත කළ හැකි කාලය පැය 30ක් ලෙසයි ඇපල් සමාගම AirPods 3 හඳුන්වා දෙමින් නිවේදනය කළේ.

ඊට අමතර ව මේ නව AirPods වෙත wireless charging පහසුකමත් එක් ව තිබෙනවා. මෙහි ආරම්භක මිල ලෙසින් සඳහන් වුණේ  $179 ක මුදලක්.  ඒ වගේ ම මෙහි වේගවත් charging හැකියාව නිසාම ඔබ විනාඩි 5ක් charge කිරීමෙන් ඔබට පැයක පමණ කාලයක් මෙය භාවිත කළ හැකි යි. 

MacOS Monterey නව මෙහෙයුම් පද්ධති සංස්කරණය – 9to5mac.com 

 

විනාඩි 49ක් පුරාවට පැවති Apple Event එකේ දී  MacBook Air, Mac Pro, Mac Mini උපාංග පිළිබඳ නව යමක් සඳහන් වුණේ නැහැ  ඒ වගේ ම MacOS Monterey නව මෙහෙයුම් පද්ධති සංස්කරණය එළිදැක්වෙන දිනයක් පිළිබඳ ව වැඩි යමක් දැනගන්නට ලැබුණේත් නැහැ. කොහොම වෙතත් ඒ ගැන වැඩි විස්තර ලබන සතිය පමණ වන විට දැන ගන්නට ලැබේවි යැයි අපට අනුමාන කරන්න පුළුවන්. 

කවරයේ ඡායාරූපය- Apple Event එක - Apple.com 

මූලාශ්‍ර: 

Apple.com 

Cnet.com 

Theverge.com 

Related Articles