Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිනක්ස් මෙහෙයුම

අද වන විට මෙහෙයුම් පද්ධතිය (OS – Operating System) යන වචනය 21 වෙනි සියවසේ බොහෝ දෙනෙකුට හුරුපුරුදු වචනයක් බවට පත් වී හමාරයි. මෙහෙයුම් පද්ධතියක් යනුවෙන් හැඳින්වෙන්නේ පරිගණකයක ඇති සියලු දෘඩාංග (hardware) සහ මෘදුකාංග/ ක්‍රමලේඛන (software) අතර සම්බන්ධයක් පවත්වා ගනිමින්, ඒ සියල්ල කළමනාකරණය සහ භාවිතයට ගැනීමට ඒ මොහොතේ පරිශීලකයාට සහාය දක්වන ප්‍රධාන මෘදුකාංගය යි. අද වන විට ලෝකයේ ප්‍රධාන වශයෙන් පරිගණකවල භාවිත වන මෙහෙයුම් පද්ධති ගණනාවක් තිබෙනවා. microsoft ආයතනයේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය (windows), apple සමාගමේ මැක් ඕඑස් (mac OS), ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ලෙස උබුන්ටු (ubuntu), ඩේබියන් (debian), red hat වැනි මෙහෙයුම් පද්ධති අද වන විට ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය මෙහෙයුම් පද්ධති අතර පවතිනවා. මේ ලිපිය හරහා කතා කෙරෙන්නේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති සහ එහි විකාශනය ගැන යි.

අත්වරදකින් බිහි වූ ලිනක්ස්

1991 වසරේ දී නිර්මාණය වූ Linux Kernel එක 1960 දී Bell Telephone Laboratories හි නිර්මාණය වූ Unix මෙහෙයුම් පද්ධතියට බෙහෙවින් ම සමාන වුණා. එහි නිර්මාතෘ වූයේ ලිනස් බෙනඩික්ට් ටොවර්ඩ්ස් (Linus Benedict Torvalds). 1969 දී ෆින්ලන්තයේ (Finland) හෙල්සින්කි (Helsinki) හි දී උපත ලැබූ ඔහු, 1988 වසර වන විට හෙල්සින්කි සරසවියේ පරිගණක විද්‍යාව හදාරන සිසුවෙක් ව සිටින අවධියේ වැඩියෙන් ම ඇලුම් කොට ඇත්තේ Unix මෙහෙයුම් පද්ධතියට යි. මෙකල සීමිත මෙහෙයුම් පද්ධති සංඛ්‍යාවක් තිබුණු අතර, DOS (Disk Operating System) නමින් හැඳින්වූ විචිත්‍රක පරිශීලක අතුරු මුහුණතක්, (GUI – graphical user interface) නොතිබුණු මෙහෙයුම් පද්ධතියක් ද තිබුණා. එමෙන්ම මහාචාර්ය ඇන්ඩෲ තැනන්බෝම් (Andrew Tanenbaum) විසින් නිර්මාණය කරන ලද Minix මෙහෙයුම් පද්ධතියත් එකල තරමක් ජනප්‍රිය යි. ලිනස් බෙනඩික්ට් ටොවර්ඩ්ස් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කළ ද, ඔහු එයින් සෑහීමකට පත් වුණේ නැහැ. අවසානයේ ඔහුගේ තනි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අපූරු මෙහෙයුම් පද්ධතිය බිහි වෙනවා. මෙහි ක්‍රියාකාරිත්වය සහ හැසිරීම් Unix මෙහෙයුම් පද්ධතියට සමාන ලෙසින් ඔහු නිර්මාණය කළ අතර, මෙහි ඇති විශේෂත්වය නම් සම්පුර්ණ මෙහෙයුම් පද්ධතිය සැකසීමට භාවිත කළ කේතයන් මිනිස් සමාජය වෙත නොමිලේ ලබාදීම යි.

ලිනක්ස් නිර්මාතෘ ලිනස් බෙනඩික්ට් ටොවර්ඩ්ස් මහතා- codepen.io

Unix පාදක කරගෙන නිර්මාණය වූ මෙහෙයුම් පද්ධති අගට “x” අක්ෂරය දීම සම්ප්‍රදායයක් විය. ටොවර්ඩ්ස් විසින් නිපදවූ මෙම මෙහෙයුම් පද්ධතියට ඔහු යෙදූ නම, නොඑසේ නම් ඔහු දීමට අපේක්ෂා කළ නම Freakx. ඒ නිදහස (free) යන අරුත සමග යි. නමුත්, ඔහු අතින් සිදු වූ වරදකින් එය ලිනක්ස් (linux) ලෙස සටහන් වුණා. එතැන් පටන් අද දක්වා ම මේ කර්නල් එක හඳුන්වන්නේ ලිනක්ස් යන නමින්. ලිනක්ස් මුල දී මෙය නිර්මාණය කරන්නේ Intel x86 (32bit) Personal Computer (පුද්ගල පරිගණක) සදහා යි. අනෙකුත් මෙහෙයුම් පද්ධතිවලට වඩා පරිගණකයෙහි දෘඪාංග ආරක්ෂා කිරීමේ හැකියාවත් Linux Kernel සතු ව පවතින විශේෂ හැකියාවක්. Linux Kernel පාදක මෙහෙයුම් පද්ධති ගණනාවක් අද වන විට දැක ගන්න පුළුවන්. මේ ඒ අතරින් කිහිපියක්.

ඩේබියන් (Debian)

ඩේබියන් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වන්නේ 1993 වසරේ දී නමුත්, ස්ථාවර සංස්කරණයක් නිකුත් වෙන්නේ 1996 දී යි. අද වන විට එහි නවතම සංස්කරණය වන ඩේබියන් 9.6 www.debian.org වෙබ් අඩවියෙන් නොමිලයේ ම භාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

ඩේබියන් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය- linux.softpedia.com

උබුන්ටු (Ubuntu)

“ලෝකයාට දිගු වූ මනුෂ්‍යත්වයේ දෑත්” යන අරුත දකුණු අප්‍රිකානු දර්ශන විද්‍යාවට අනුව මෙයට නම යොදා තිබෙනවා. අද වන විට ලෝකයේ වැඩිපුර ම භාවිතා වන ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිය ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 6කට වතාවක් උබුන්ටු නව අනුවාදයක් නිකුත් කරන අතර, උබුන්ටු ආරම්භ වෙන්නේ 2004 ඔක්තෝම්බර් 20 වෙනි දා යි. www.ubuntu.com වෙබ් අඩවියෙන් ඔබට නොමිලයේ මේ මෙහෙයුම් පද්ධතිය භාගත කරගන්න පුළුවන්. Ubuntu 18.10 යනු මෙහි නවතම සංස්කරණය යි.

උබුන්ටු නවතම සංස්කරණය 18.10- Youtube.com

රෙඩ්හැට් (Redhat)

සර්වර් (server) පරිගණක වෙනුවෙන් ම විශේෂයෙන් නිර්මාණය වූ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. 2000 වසරේ දී නිකුත් වන මෙම මෙහෙයුම් පද්ධතිය, අද වන විට ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් තම සර්වර් පරිගණක සඳහා භාවිතා කරනවා. www.redhat.com තුළින් ඔබට මෙම මෙහෙයුම් පද්ධතිය මිල දී ගන්න පුළුවන් වගේ ම, developers.redhat.com අඩවියෙන් ඔබට අත්හදා බැලීමේ සංස්කරණයක් බාගත  කරගන්න පුළුවන්.

රෙඩ්හැට් මෙහෙයුම් පද්ධතිය- youtube.com

ෆෙඩෝරා (Fedora)

තවත් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් ලෙස ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය හඳුන්වන්නට පුළුවන්. 2003 වසරේ දී තමන්ගේ පළමු ස්ථාවර සංස්කරණය නිකුත් කරන මෙම මෙහෙයුම් පද්ධතිය, රෙඩ්හැට් සමාගමේ අනුග්‍රහයෙන් දියුණු කෙරෙන්නක්. getfedora.org වෙබ් අඩවියෙන් මෙහි නවතම සංස්කරණය ඔබට බාගත කරගන්න පුළුවන්.

ෆෙඩෝරා බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්- Tokopedia.com

ලංකාව සඳහාත් විශේෂයෙන් ම නිර්මාණය වුණ මෙහෙයුම් පද්ධති කිහිපයකුත් අද වෙනකොට දැක ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් සහළාන ලිනක්ස් සහ හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධති හඳුන්වන්න පුළුවන්. ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය පාදක කර ගනිමින් නිර්මාණය වන හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය hanthana.org වෙබ් අඩවිය හරහා download  කරගන්න පුලුවන්.

ෆෙඩෝරා පාදක කර නිමැවුණු හන්තාන ලිනක්ස්- hanthana.org

ඒ වගේ ම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය පාදක කර ගනිමින් නිර්මාණය වුණු සහළාන මෙහෙයුම් පද්ධතිය linux.softpedia.com වෙබ් අඩවිය හරහා බාගත  කරගන්න පුළුවන්.

මෙම මෙහෙයුම් පද්ධති දෙකේ ම wallpaper එකේ සිට බොහෝ දෑ ලංකාවට උචිත ලෙස සකසා තිබීම විශේෂත්වයක්.

කවරයේ පින්තූරය: HostAfrica

මූලාශ්‍රයයන්:

hanthana.org

Tokopedia.com

youtube.com

Debian.org

Related Articles