Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැතිවුණු දේවල් සොයා දෙන Apple AirTag

පොදු ප්‍රවාහන සේවාවක ගමන් කරද්දී සොරුන්ගෙන් බෑග් එක පරිස්සම් කරගන්න එක වගේම, කාර් එකේ සීට් එක යටට ගිහින් නැතුවුණු යතුරු සොයා ගන්න එකත් අමාරු වැඩක්. නමුත් මෑතකදී Apple සමාගම හඳුන්වාදුන් AirTag එකක් ඒවාට සම්බන්ධ කර තැබුවොත් ඔබේ Apple දුරකථනයෙන් ඒවා තිබෙන තැන හරියටම දැනගන්න පුළුවන්.

ඔරලෝසු බැටරියකින් (CR2032) ක්රියා කරන, අඟල් 1.26ක විෂ්කම්භයකින් යුත් Apple AirTags තමන්ගෙ තරමට වඩා වැඩ ගොඩක් කරන්නට දක්ෂයි. ජලයෙන් සහ දූවිලිවලින් ආරක්ෂාව (IP67) ඇති මෙහි GPS මෙන්ම, ස්පීකරයක් ද ඇති බැවින් සොයා ගැනීම පහසු කරවීමට Maps වල location එක පෙන්වීමටත්, නාදයක් නිකුත් කිරීමටත් හැකියි. මෙය Connect වෙන්නේ Bluetooth හරහායි. එහෙත් ඔබේ දුරකථනයෙන් බොහෝ ඈතක පැවතියත් නැති වූ දෙය සොයා ගැනීම ගැටලුවක් වන්නේ නැහැ. මන්ද, වෙනත් ඇපල් දුරකථනයක් ඒ අසල තිබුණහොත් එය හරහා අන්තර්ජාලය ඔස්සේ ඔබේ දුරකථනයට GPS location එක එවන්නට තරම් එය සූක්ෂ්මයි. මේ නිසා ඔබේ බෑගය සොරකම් කළ කෙනා ලොව එහා කෙළවරට ගියත් ගැලවීමක් නම් නැහැ.

බැටරිය පහසුවෙන් මාරු කළ හැකියි (pickr.com.au)

මෙය පරීක්ෂා කරන්නට YouTube හි MegaLeg චැනලය අපූරු පරීක්ෂණයක් සැලසුම් කළා. ඔහු AirTags තුනක් ගෙන, ඒවා තම Apple දුරකථනයට pair කරනවා. ඉන්පසුව එකක් SpaceX හි ප්රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක්ට, දෙවැන්න Apple සමාගමේ ප්රධාන විධායක නිලධාරී ටිම් කුක්ට, සහ තෙවැන්න අහඹු ලෙස සපයාගත් උතුරු කොරියානු ලිපිනයකටත් යවනවා. මේවා තැපැල් කාර්යාල හරහා, ගුවන් යානා හරහා අදාළ ස්ථාන වෙත ළඟා වෙන හැටි ඔහුට notification ඔස්සේ පමණක් නොව Map එකෙන් GPS location වලිනුත් දැකගන්නට හැකි වෙනවා. ඉන් පැහැදිලි වන්නේ, අපේ දුරකථනය එය ආසන්නයේ නොමැති වුවත් ආසන්නතම Apple දුරකථනයක් හරහා ඔබට location එක වාර්තා කරන්නට AirTags වලට ඇති අපූරු හැකියාවයි. ඒ වීඩියෝව ඔබට මෙතැනින් නරඹන්න පුළුවන්.

දුරකථනය සමග Pair කර ඇති ආකාරය (ytimg.com)

නිවස තුළ යමක් නැති වුණොත් එය තිබෙන තැන Maps Navigation වලදී මෙන් ඊතල වලින් දක්වමින් ඔබට දිශාවත්, එයට ඇති දුරත් පෙන්වනවා. ඔබ ඇවිදගෙන යද්දී එය සජීවීව update වෙමින් තිබෙන තැන සොයා ගන්නට ඔබට උදව් වෙනවා. මේ විශේෂාංගය පාවිච්චි කරන්නට නම් iPhone 11 සිට ඉහළ දුරකථනයක් තිබිය යුතුයි. Find My app එක හරහා හෝ “Hey Siri, find my keys” ලෙස පැවසූ විට නාදයක් නිකුත් කරමින් ඔබට ඒ වෙත ළඟා වන්නට උපකාර ලැබෙනවා.

මෙහි බැටරි ආයු කාලය App එක හරහා දැකගත හැකි වන අතර, සාමාන්ය ඔරලෝසු බැටරියක් නිසා ඔබටම එය මාරු කරන්නට හැකියි. ඉතා හොඳ බැටරි ආයු කාලයක් ඇති බැවින් නිතර මාරු කිරීමට සිදුවන්නේ නැහැ. කෙසේ නමුත්, වෙනත් කෙනෙක් ඔබ යන එන තැන් බලා ගන්නට හොරෙන් AirTag එකක් බෑගයට දැම්මොත් මොකද වෙන්නේ? Apple සමාගම එයටත් විසඳුමක් දී තිබෙනවා. එලෙස වෙනත් අයෙකුගේ AirTag එකක් ඔබ සමග එනවා නම්, සහ එහි අයිතිකරු ඒ අසල නොමැති නම්, ඒ බව ඔබේ ඇපල් දුරකථනයට දැනුම් දෙනවා. ඔබට එය සොයා ගන්නට අපහසු වුවහොත් නාදයක් නිකුත් කරමින් සොයා ගැනීම පහසු කරවනවා. මේ නිසා වෙනත් අයට ඔබ යන එන තැන් දැකගන්නට අවස්ථාවක් නැහැ.

යමක් නැතිවූ විට Mapsවල Navigation ආකාරයට, එය ඇති තැන පෙන්වයි (tidbits.com)

ඔබට වෙනත් කෙනෙක්ගේ බෑගයක් හමුවුවහොත්, එය නැතිවූ එකක් බවට Lost Mode එක සක්‍රිය කර තිබුණොත් NFC සහිත ඕනෑම දුරකථනයකින් එහි අයිතිකරුගේ විස්තර දැකගන්නට හැකි වෙනවා. එවිට එය හිමිකරු වෙත ලබාදී උදව්වක් කරන්නත්, සමහරවිට ආදර සබඳතාවයකට මුල පුරන්නත් එය හේතුවක් වන්නටත් බැරි නැහැ.

Apple AirTags මිලදී ගෙන එය නිවසටම ගෙන්වා ගන්නට ඩයලොග් සමාගම පහසුකම් සලසා තිබෙනවා. මිල ගණන් සහ වැඩි විස්තර දැනගන්න https://www.dialog.lk/apple-airtag වෙත පිවිසෙන්න.

Related Articles