අයිස්ලන්තයේ පිහිටි සුප්‍රසිද්ධ ගිනි කන්ද ‘හෙක්ලා’

පෘථිවි අභ්‍යන්තරයේ සිට පිටතට පැමිණෙන්නා වූ ලාවා ගලා ගිය පසු ඇති වන භූ ලක්ෂණ ලෙස ගිනි කන්දක් හැඳින්විය හැකි වනවා. මෙය දීර්ඝ කලින් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන නමුත් මේ සම්බන්ධයෙන් විවිධ මිත්‍යා විශ්වාසද පවතිනවා.

ගිනි කඳු වල ලාවා පිටතට පැමිණීම මඟින් ජන ජීවිතයට බාධා ඇති විය හැකි වුවද, මේ හා වක්‍රාකාරව ගිනි කඳු මඟින් යම් යම් ප්‍රයෝජනද ලබා දෙනවා. සංචාරක ආකර්ෂණය ඉහළින්ම හිමි කර ගෙන තිබෙන ලෙස අයිස්ලන්තයේ පිහිටා තිබෙන හෙක්ලා ගිනි කන්ද හැඳින්විය හැකි වනවා.

හෙක්ලා ගිනි කන්දේ පිහිටීම හා ඒ හා බැඳී ඉතිහාසය

icenews.is (භූ ගෝලීය පිහිටීම)

හෙක්ලා යනුවෙන් හැඳින්වෙන්නේ දක්ෂිණ අයිස්ලන්තයේ පිහිටා තිබෙන සක්‍රීය තත්ත්වයේ පසු වන ගිනි කන්දකි. මෙරට නැගෙනහිර ගිනිකඳු කලාපයේ මෙම කන්ද පිහිටා තිබෙනවා. මෙම හෙක්ලා ගිනි කන්ද අයිස්ලන්තයේ වඩාත් ප්‍රසිද්ධම මෙන්ම වඩාත් සක්‍රීයම ගිනි කන්ද වනවා. මෙහි සැතපුම් 3.4 පමණ දීර්ඝ විවරයකින් යුක්ත ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙය Heklugjá යනුවෙන් හඳුන්වනු ලබනවා. හෙක්ලා මුහුදු මට්ටමේ සිට අඩි 4,892 පමණ උසකින් යුක්ත වන අතර සැතපුම් 70 ක් පමණ නැගෙනහිරට වනවා.

යුරෝපීයානුවන් මෙම කන්ද හඳුන්වා තිබෙන්නේ “Hekkenfeld’’ යනුවෙනි. Halldor Kiljan Laxness ඔහුගේ නව කතා කෘති වලද මෙම කන්ද Iceland’s Bell යනුවෙන් දක්වා තිබෙනවා.

අතීතයේ සිදු වූ විදාරණය වීම

bookmundi.com (2000 වසරේ සිදු වූ විදාරණය)

1104 සිට 2000 දක්වා විදාරණය වීම් 20 කට වැඩි අවස්ථා ගණනක් සිදුව තිබෙනවා. ප්‍රධාන විදාරණය වීම් 1300, 1766 හා 1947- 1948 ආදී වකවානු වල සිදුව තිබෙනවා. වර්ෂ 1104 දී විදාරණය වීම සිදු වූයේ අනතුරු ඇඟවීමකින් තොරවමය. මෙහි දී ඉතාමත් වේගයෙන් ලාවා ඉදිරියට බැහැර කරනු ලැබූ අතරම, ලාවා විශාල ප්‍රමාණයක් ඇද හැලෙනු ලැබුවා. මේ ආකාරයට ආරම්භ වූ විදාරණය එදා සිට වර්තමානය දක්වාම සිදු වන අයිස්ලන්තයේ පිහිටි සක්‍රීය ගිනි කන්දක් බවට පත් තිබෙනවා.

වර්ෂ 1766 සිදු වූ පිපිරීම හේතුවෙන් ජීවිත විශාල ගණනක් විනාශ වී තිබෙනවා. 1947 – 1948 සිදු වූ විදාරණය මාස 13 ක් පමණ නොනැසී පැවතුණා. මෙහි දී අළු වලින් සෑදුණු වලාකුළු වායුගෝලයේ සැතපුම් 16 ක් පමණ ආසන්නයට ගමන් කරනු ලැබ තිබෙනවා.

ඇතැම් අන්තර්ජාල ලිපි සඳහන් කරන්නේ අති විශාල විදාරණයක් සිදු වූයේ වර්ෂ 1300 දී පමණ බවයි. මෙහි දී කන්ද විභේදනය වීමකට ලක් වුණා. දෝංකාරය රටේ උතුරු ප්‍රදේශයන් ඇසුණු අතරම, අළු ආදිය මඟින් එහි අඳුරු සහිත පරිසරයක් නිර්මාණය කරනු ලැබුවා. මෙම සිද්ධිය​ හේතුවෙන් ගොවිතැන් කටයුතු කඩා වැටීමක් සිදු වූ අතරම, මෙම සාගතය හේතුවෙන් මිනිස් ජීවිත රැසකට තර්ජනය එල්ල වුණා.

විසිවන සියවසයේ අග භාගයේ පමණ හෙක්ලා ගිනි කන්දේ සිදු වූ විදාරණය වීම් වල දක්නට ලැබුණ ලක්ෂණයක් වන්නේ එකවිටම ලාවා ගලා යාම යි. සුළු ආකාරයේ විදාරණය වීම හතරක් සම්බන්ධයෙන් ද වාර්තා වනවා. ඒ 1970, 1980, 1991 හා 2000 යන ආදී වර්ෂ වලයි. 2000 වර්ෂයේ සිදු වූ විදාරණය දින හතරක් පමණ තිබූ නමුත් එමඟින් බරපතල ගණයේ හානියක් සිදු වූයේ නැති බව සඳහන්.

අපායට ඇතුළු වන ගේට්ටුව (Gateway to Hell)

funiceland.is

ලෝකයේ ඇතැම් රටවල ජනතාව දැඩිව විශ්වාස කරන දෙයක් වන්නේ අපායට ඇතුළු වීමට ගේට්ටු තිබෙන බවයි. මේ ආකාරයට ගේට්ටු 17 ක් පමණ තිබෙන අතරම, මේ ආකාරයේ ගේට්ටු වල පිහිටීම ලෙස ඔවුන් විශ්වාස කරන්නේ අසාමාන්‍ය භූ ගෝලීය ක්‍රියාකාරකම් සහිත ස්ථාන වගේම විල්, ගිනි කඳු, ගල් ගුහා ආදියයි. මේ ආකාරයට අපායට ඇතුළු වීමට තිබෙන එක් ගේට්ටුවක් ලෙස අයිස්ලන්තයේ හෙක්ලා ගිනි කන්ද ද සලකනවා.  ඒ අනුව මේ අසල ජීවත් වන්නන් හා නෞකා මඟින් ගමන් කරන්නන් මෙය අපායට ඇතුළු වීමට තිබෙන ස්ථානයක් ලෙස සලකනු ලැබුවා. කෙසේ නමුත් ගිනි කන්ද සක්‍රීය වූ වී ලාවා ගලා යාමෙන් පසුව පෘථිවිය විවෘත  වී, අපාය නිරාවරණය වූ බවට සලකනු ලැබුවා.

වර්ෂ 1750 දක්වාම කිසිවකු මෙම හෙක්ලා කන්දට නැගීමක් සිදු නොකරනු ලැබූ අතරම ස්වභාව විද්‍යාඥයින් දෙදෙනෙක් වන Eggert Olafsson හා Bjarni Palsson මෙම කන්ද මුදුනට යාමේ දුෂ්කර කටයුත්තේ නියැලුණා. ඒ වර්ෂ 1750 ජූනි මසයි. කෙසේ නමුත් එහි ඒ හා සම්බන්ධව පැවතී ජනප්‍රවාද සනාථ කර ගත හැකි අයුරින් වූ කිසිවක් සොයා ගැනීමට මෙම යුවලට හැකියාවක් ලැබුණේ නැහැ. එදින පටන් මෙම කන්ද සෑම ආකාරයේ වූ මිනිසුන්ටම සමාකීර්ණ වුණා. ඒ අනුව උතුරු දිසාවෙන් මෙම කන්දට නැගීමට පහසු වනවා.

හෙක්ලා ගිනි කන්ද මඟින් අත් වන ප්‍රයෝජන හා කඳු නැගීම

adventures.is (හෙක්ලා ගිනි කන්ද තරණය කරන්නන්)

හෙක්ලා සුන්දරත්වයෙන් යුත් සිත්ගන්නා සුළු ආකාරයේ කන්දක් වනවා. දූපතේ නගෙනහිර අවසාන ප්‍රදේශය විශාල ගොවිතැන් කටයුතු සිදු කරන කලාපයකි. එක් වකවානුවක මෙම ප්‍රදේශය වනාන්තරයක් ලෙසින් තිබුණා.

එමෙන්ම අද වන විට හෙක්ලා සංචාරය කිරීමට තෝතැන්නක් බවට පත්ව තිබෙනවා. යහපත් කාලගුණ තත්ත්ව යටතේ මෙම කන්ද නැගීම සිදු කරනු ලබනවා.

මේ ආකාරයට සලකා බැලූ විට අයිස්ලන්තයේ හෙක්ලා ගිනි කන්ද සුන්දරත්වයෙන් යුක්ත වනාවක් මෙන්ම තරමක් බිය​ ජනකය. කෙසේ නමුත් කඳු නගින්නන් හට නම් මෙය විනෝදජනක අත්දැකීමකි.

කවරයේ පින්තූරය:  wired.com

Related Articles

Exit mobile version