Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රියන්ත මහඋල්පතගම කවියෙක් කියලා දැනගෙන හිටියා ද?

මෑත කාලයේ දී විශාල ජනප්‍රියත්වයකට පත් ටෙලි නාට්‍යයක් තමයි “කූඹියෝ” කියන්නෙ. එහි වඩාත් ප්‍රේක්ෂක අවධානයට ලක්වුණේ “ප්‍රියන්ත මහඋල්පතගම” චරිතය. මේ අපි ඔහු සමග කළ කතාබහක්.

article

දොස්තර නලාව වීසිකර සරුංගල් පසුපස දිවූ කලීඩ් හුසේයිනි

වෛද්‍ය වෘත්තියෙන් මිදී පූර්ණ කාලීන ලේඛකයෙකු වූ කලීඩ් හුසෙයිනිගේ නවතම නවකතාවක් ගැනයි මේ. එහි සිංහල පරිවර්තනයක් ද නිකුත්වෙනවා මේ අගෝස්තුවේ දී.

article

නාවිකයන් වෙනුවෙන් ගී ගැයූ දියකිඳුරියෝ

සියවස් ගණනාවක් මුළුල්ලේ මිනිසාට ළං විය නොහැකි මානයක රැඳෙමින් රහස් ගොන්නක් සඟවා ගෙන සිටි මහ සයුර, මුහුදු සර්පයින් සහ දියකිඳුරියන් වැනි මායාකාරී සතුන් රැසකට නවාතැන් සැපයූ බව යි පුරාණ මිනිසුන්ගේ විශ්වාසය වුණේ. ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට අඩක් මනුෂ්‍යයෙකුගේ සහ අඩක් මත්ස්‍යයෙකුගේ ස්වරූපය ගන්නා දියකිඳුරියන්, කාලාන්තරයක් තිස්සේ මිනිස් පරිකල්පනය තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන සිටි බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.

article

නීතිවිරෝධී කටයුතු සම්බන්ධව නිතර කියැවෙන, “හඳුනාගැනීමේ පෙරට්ටුව”

ඇතැම් විට අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී පුද්ගල හෝ දේපළ අනන්‍යතාවය තහවුරු කරගැනීමට සිදුවන අවස්ථාවන් පවතී. යමක අනන්‍යතාව හඳුනාගැනීමට ඇඟිලි සලකුණු, අතුල් සටහන්, පතුල් සටහන්, ඩී.එන්.ඒ. සාක්ෂ්‍ය, අත් අකුරු, කටහඬ, හා දෘශ්‍ය හඳුනාගැනීම් ආදී ක්‍රම භාවිත කරන බව අධිකරණ කටයුතුවල නිරත වීමෙහි දී දැකගත හැක. විත්ති කූඩුවේ දී හා හඳුනාගැනීමේ පෙරට්ටුවක් ය‍ටතේ දී ද දෘශ්‍ය හඳුනාගැනීම සිදුකළ හැක. හඳුනාගැනීමේ පෙරට්ටුවක් වූ කලී අපරාධ නඩුවක සැකකරුව‍ෙක්ව හඳුනාගැනීමට සාක්ෂ්‍යකරුවන්ට ඉඩහසර ලබා දෙන ක්‍රමවේදයකි.

article

ආනන්ද සමරකෝන් මියගියේ ජාතික ගීය නිසා ද?

“සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු. රජයත් පණ්ඩිතයනුත් එකතු වී ඔහු අමු අමුවේ මරා දැමූහ. ඔහු මළවුන් අතර ය. අප මරුවන් අතර ය”, ලෙස පියල් වික්‍රමසිංහ විසින් රිවිදින පත්‍රයට ලියූ ලිපියක් අවසන් කරයි. “ආනන්ද සමරකෝන්” යන නම කියූ පමණින් ඔහුව නොදන්නා අයෙකු නැත. මන්ද, පාසල් යන කාලයේ පටන්ම ඔහු ජාතික ගීයේ නිර්මාතෘ බව අපට ඉගැන්වූ බැවිනි. අද තිබෙන ජාතික ගීය අපගේ ජාතික ගීය ලෙස තේරී පත් වුණේ කෙසේ ද? එහි කතාව කුමක් ද? ආනන්ද සමරකෝන් හට ජාතික ගීය ලිවීම නිසා අවසානයේ අත්වුණේ කිනම් ඉරණමක් ද? ඒ වග සොයා බලමු.

article

ගොගොල් සහ මළ මිනිස්සු

රුසියානු සාහිත්‍යය​ කියවා හෝ ඒ පිළිබඳ​ අසා ඇති අයෙකු නිකොලායි ගොගොල් යන නම අසා ඇතුවාට සැක නැත. ගොගොල් කුඩා කල පටන් තමන්ටම කියා ගත්තේ තමන් ප්‍රසිද්ධ නොවී මිය නොයන ලෙසයි. ගොගොල් ලොව පුරා ප්‍රසිද්ධ වූයේ ඔහුගේ සුවිශේෂී කෘතියක් නිසාවෙනි. මෙය නමින් ‘මළ මිනිස්සු’ වේ.

article

පොදු මහජනයාගේ සිත් ගත් මල් සිංදුවේ ගති සොබාව

ඩේලියා මල, දෙහි මල, අරලියා මල, රතු රෝස මල, දෙළුම් මල ආදී මල් මූලික කරගත් ගීත පසුකලෙක මල් සිංදු නමින් ලේබල් විය. ඒ මල් සිංදු සුභාවිත ගීත අසන සම්භාව්‍ය රසිකයින් සුළුතරයකගේ සිනහවට ලක්වුවත්, බහුතර ජනයා අතර මල් සිංදු සහ ඒ මාදිලියේ ගීත ජනප්‍රිය විය. වර්ථමානයේ අන්තර්ජාලය පැමිණීමත් සමග මියුසික් වීඩියෝ එකක් එළිදැක්වීමට වැඩි මහන්සියක් නැත. එමනිසා විවිධ තාලවලට ගැයුනු, අමුතු ආකාරයේ රූපන ගීත අපට අද දකින්නට තිබේ. එහෙත් අපේ කණට හුරුපුරුදු මල් සිංදු තාල, මුල දී අකමැති වුවත් පසුව හෝ අපගේ සිත් සතන් වෙලා ගනී. එයට හේතු වන්නට ඇත්තේ මේ මේ කරුණුය යන්න අපගේ අදහස වෙනවා.

article

හර්කියුලීස්ගේ වැඩ දොළස

මහා දෙවිවරු පෘථිවියට ආපු කාලයේ ග්‍රීසියේ හෙ‍රැක්ලීස් නම් වීරයෙකු හිටියා (රෝමකයින් මොහුව දන්නේ “හර්කියුලීස්” යන නමින්). ග්‍රීක මහා දෙවි සූස්, ඇල්ක්මිනි නම් මනුෂ්‍ය කාන්තාව හා සහවාසයෙන් ඉපදෙන හෙ‍රැක්ලීස් අර්ධ දෙවියෙක්. සිය පුරුෂයාගේ කාම මිථ්‍යාචාරයේ ප්‍රතිඵලය වූ හෙ‍රැක්ලීස් කෙරෙහි දෙවියන්ගේ ‍රැජිණ වූත්, සූස්ගේ භාර්යාව වූත් හීරා දෙවඟනට තිබුණේ තදබල වෛරයක්. ඈ විසින් වරක් හෙ‍රැක්ලීස්ව තාවකාලික උමතු තත්ත්වයකට පත්කරවන අතර, හෙ‍රැක්ලීස් අවසිහියෙන් සිය බිරිඳවත්, දරුවන් දෙදෙනාවත් මරා දමනවා. තමන් කළ අපරාධය වැටහීමෙන් පසු දරුණු සිත්වේදනාවට පත්වෙන හෙ‍රැක්ලීස් ඩෙල්‍ෆිහි අනාගතවක්තෘවරිය හමුවන්නට යන්නේ සිය වරද සමාකරගන්නේ කෙසේද යන්න දැනගැනීමේ අරමුණෙන්.

article

පාපන්දු ලෝක කුසලානයේ විරෝධතා දැක්වූ “පුසී රයට්” කණ්ඩායම​

පසුගිය දා අවසන් වූ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන අතරතුර විරෝධතාකරුවන් සිව් දෙනෙකු මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණය වෙත කඩා වැදුණා ඔබ දකින්න ඇති. මෙම විරෝධතාව පිළිබඳ වගකීම “පුසී රයට්” නම් සංවිධානය විසින් බාරගනු ලැබුණා. ඔවුන් ගැන නැවත කතාබහක් ඇති වුණේ කාලයකට පසුව යි.

article

End of Articles

No More Articles to Load