අරගලයේ ජයග්‍රහණයට පාර්ලිමේන්තු ක්‍රියාවලිය තීරණාත්මකයි

YouTube video player

රාජපක්ෂවරුන්ට සහ මේ ආණ්ඩුවට විරුද්ධ ව පවතින ජනතා අරගලය තීරණාත්මක ජයග්‍රහණයක් සඳහා ගෙනියන්න නම් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව ඇතුළත ඒ සම්බන්ධ ක්‍රියාවලියක් ඇති කර ගැනීම. එළියෙ ඉඳගෙන කරන උද්ඝෝෂණ විශාල බලපෑමක් කරන බව ඇත්ත. පසුගිය දවස්වල ඒවායින් විශාල බලපෑමක් වුණු බවත් අපි දැක්කා. නමුත් අරගලය අවසාන තීරණාත්මක ජයග්‍රහණයක් කරා ගෙන යන්න නම් පාර්ලිමේන්තුව ඇතුළේ ඒ සම්බන්ධ ක්‍රියාවලිය ඉදිරියට යා යුතුයි. අපට පේන දෙයක් තමයි ඒ සඳහා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධාකාර ප්‍රතිපාදන අපට පාවිච්චි කරන්න පුළුවන් බව.

ජනතා අරගලයේ තීරණාත්මක ජයග්‍රහණයට ඉදිරි පියවර තැබිය යුත්තේ කෙසේ ද? මේ ඒ පිළිබඳ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන කරන විග්‍රහයක්!

Related Articles

Exit mobile version