Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මස්තිෂ්ක ආගාධය ගැන දැනුවත් වෙමු.

මස්තිෂ්ක ආගාධය (cerebral palsy) යන්න ඔබට එතරම් හුරුපුරුදු යෙදුමක් නොවෙන්නට පුළුවන්. නමුත් උපතේ සිටම ශරීරයේ මාංශ පේශීන් නිවැරදි ආකාරයට හැසිරවීමට නොහැකි දරුවෙකු ඔබ ජීවිතයේ දී එක් වරක් හෝ දැක ඇතිවාට නම් සැකයක් නැහැ. ඉතින් මේ ආකාරයට දරුවන්ට තම මාංශ පේශීන් අශ්‍රිතව අබාධ ගෙන දෙන මස්තිෂ්ක ආගාධය පිළිබද ඔබගේ දැනුමට යමක් එක් කිරීම මේ ලිපියේ අරමුනයි.

amazon.com (බොහෝ විට මෙම දරුවන්ට රෝද පුටුවක උඅකර අවශ්‍ය වෙනවා)

දරුවන්ට ආබාධ ගෙන දෙන තත්ත්ව අතරින් බහුලවම දැක ගත හැකි තත්ත්වයක් ලෙස මෙම මස්තිෂ්ක ආගාධය (cerebral palsy) හඳුනාගත හැකිය. මස්තිෂ්ක(cerebral) යන්නෙන් මොළය ද, ආගාධය (palsy) යන්නෙන් මාංශ පේශීන් ආශ්‍රිත ගැටළුවක් යන්න ද අර්ථවත් වෙනවා. එනම්, සිරුරේ චලනය හා ඉරියව් පවත්වා ගැනීම  පිණිස අවශ්‍ය වන මාංශ පේශී පාලනයේ සිදු වන අපිළිවෙලක් නිසා මෙය ඇති වෙනවා. උපතට පෙර, උපතේදී හෝ, ඉන් පසුව ජිවිතයේ මුල් අවදියේම, දරුවා බිලිඳකුව සිටියදී සිරුරේ චලනයන් පාලනය කරන මොළයේ කුඩා කොටසකට හානි සිදු වීම නිසා මෙම තත්ත්වය ඇති වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස මොළයේ හානි වූ කොටසේ සිට මාංශ පේශි වෙත වැරදි උපදෙස් ලැබිම සිදු වෙනවා. මෙනිසා මාංශ පේශි තද හෙවත් දරදඩු හෝ ඉතා මෘදු බවක් ඇති වීම සිදු විය හැකිය. මෙහිදී මාංශ පෙශීන් ක්‍රියා විරහිත හෝ අප්‍රාණික වන්නේ නැහැ.

සමහර විට මෙම හානිය මොයේ අනෙකුත් කොටස් වලටද බලපෑම් එල්ල විය හැකි අතර පෙනීමේ, ඇසීමේ, අදහස් හුවමාරු කරගැනීමේ අපහසුතා  හා වටහා ගැනීමේ  ඌනතා ඇති විය හැකි වෙනවා. මෙම මස්තිෂ්ක ආගාධය දරුවන්ට ජීවිතය පුරාම බලපාන තත්ත්වයක් වෙනවා. මෙහිදී වර්ධනයත් සමග මොළයට සිදු වූ හානිය වැඩි නොවන නමුත් දරුවා වැඩෙත්ම එනිසා දරුවාට ඇතිවන බලපෑම වඩාත් ඉස්මතුව පෙනෙනවා. උදාහරණයක් ලෙස, විකෘතිතා ඇති වීමෙන් චලනයන් වඩාත් අපහසු වීම දක්වන්නට පුළුවන්.

mychildwithoutlimits.org (මෙම දරුවන්ට අහාර ගැනීමේ අපහසුත ඇති වීමට පුළුවන්.)

මස්තිෂ්ක ආගාධය එක් එක් දරුවාට  බලපාන අකාරය වෙනස් වෙනවා. යම්තමින් බලපෑ දරුවකු තරමක් අසීරු සමබරතාවයකින් යුතුව අවිදීමට ඉගෙන ගන්නා අතර, සමහර දරුවන්ට අත් භාවිතය අපහසු වන්නට පුළුවන. බොහෝ විට ඔවුනට රෝද පුටුවක ආධාරය අවශ්‍ය වෙනවා. දැඩි ලෙස බලපෑ දරුවකුට වාඩි විමට පවා වෙනත් අයෙකුගේ උදව් අවශ්‍ය වෙනවා. එසේම මෙම තත්ත්වය නිසා දරුවන්ට ආහාර ගැනීම හා සම්බන්ද ගැටළු ද ඇති වෙනවා. එහිදී ආහාර ගිලිම ද අපහසු වෙන්නට පුළුවන්. එනිසා මොවුන් තවත් කෙනෙකුගේ උදව්වෙන් ආහාර ගැනීම අවශ්‍ය වෙනවා. එසේම නිතර කට දෙපසින් කෙල ගැලිමක්ද බොහෝ විට දකින්නට පුළුවන් වෙනවා. එසේම මොවුන්ට කතාකිරීම සම්බන්ධයෙන්ද අපහසුතා ඇති වෙනවා. ඉගෙනීම සඳහා ද උදව් අවශ්‍ය විය හැකි අතර, එදිනෙදා කටයුතු තනිව කරගැනීමට තවත් කෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වෙනවා.)

මස්තිෂ්ක ආගාධයේ ආකාරයන්.

මස්තිෂ්ක ආගාධය වැළදුණු දරුවන්ගේ මාංශ පේශීන්ට හානි වී ඇති ආකාරය හා ඔවුන්ට මාංශ පේශීන් චලනයට ඇති හැකියාව මත පදනම්ව මෙම රෝගය ප්‍රධාන ආකාර හතරකට බෙදා දක්වනවා. එනම්,

01. ස්පැස්ටික් (spastic)

මෙයින් අදහස් කරනුයේ මාංශ පෙශීන් තද හෝ දරදඩු වීමයි. මංශ පේශින්ගේ දරදඩු බව නිසා චලනයන් අලස හා ව්‍යකුල වෙනවා. මොළයේ හානි වූ කොටසින් ලැබෙන වැරදි උපදෙස් හේතුවෙන්  දරුවාට මිදීමට අසීරු විශේෂිත වූ අස්වාභාවික ඉරියව් වල ශරීරය තබා ගන්නා අතර  මෙය චලනයන්හි විවිධත්වය ද නැති කරනවා.

02. ඇතිටොයිඩ් (athetoid )

ඇතිටොයිඩ් යනු පාලනය කල නොහැකි චලනයන් වෙනවා. මේවා දරුවාගේ බාහු, අත්, පා, හා මුහුනේ ගැස්සීම් සහිතව හෝ, සෙමෙන් සිදුවන දැඟලිලි සහිත චලනයන් ලෙස හදුනා ගත හැකි වෙනවා. මෙම චලනයන් නිතරම පාහේ සිදුවීම දකින්නට ලැබෙන අතර දරුවා කලබල වූ විට හෝ තැති ගැනුණු විට මේවා වැඩි වන අතර, සන්සුන්ව සිටින විට ඉතාමත්ම අඩුය.

03. ඒටැක්සික් (ataxic)

cerebralpalsyguidance.com (ඒටැක්සික් තත්වය සහිත දරුවකු දැක්වෙන පින්තුරයක්)

මෙයින් අදහස් කරනුයේ අස්ථාවර, වෙව්ලන, හා ගැස්සෙන චලනයන්ය. මෙම අස්ථාවර චලනයන් පෙනෙනුයේ දරුවා සමබරතාවය රැකීමට, ඇවිදීමට, හෝ අත්වලින් යමක් කිරීමට උත්සහ ගන්න විටදී වෙනවා.

4. මිශ්‍ර (mixed)

බොහෝ දරුවන් මස්තිෂ්ක ආගාධයේ එක් ආකාරයක ගති ලක්ෂණ වලට වඩා ගති ලක්ෂණ පෙන්නුම් කරනු දකින්නට පුළුවන්. දරදඩු ගතියෙන් යුත් දරුවාට පාලනය කල නොහැකි චලනයන්ද තිබිය හැකි වෙනවා. මෙහිදී විස්තර වන්නේ එලෙස ඉහත දැක්වූ ආකාර කිහිපයක ලක්ෂණ එක් දරුවෙකු තුලින් නිරුපනය වන අවස්ථාවනුයි.

මස්තිෂ්ක ආගාධය ඇති වීමට හේතුව.

බොහෝ අවස්ථා වල මෙම මස්තිෂ්ක ආගාධය ඇති වීමට නිශ්චිත හේතුවක් හදුනා ගැනීමට අපහසු වෙනවා. නමුත් පහත සදහන් සාදක ඒ සදහා බලපෑම් කල හැකි වෙනවා.

එහිදී උපතට පෙර ගර්භනී කාලයේ මුල් සති වල මවට වැළ‍ඳෙන අසාදන මේ සදහා හේතු විය හැකියි. ජර්මන් සරම්ප වැනි රෝග තත්ත්ව, ගර්භනී කාලය තුල මවට අධික රුධිර පීඩනය, හෝ පාලනය නොකළ දියවැඩියා තත්ත්වය දැක්විය හැකියි. එසේම උපතේදී ඇති වන ආබාධ තත්ත්ව නිසා ද මෙය ඇති වීමට පුළුවන්. නව මසට කලින් උපන් බිළිඳුන්ගේ මොළයට සිදු විය හැකි හානි තත්ත්වයන් ද, අසීරු දරු උපත් නිසා බිළිඳාගේ මොළයට හානි සිදු වීමද, උපතේදී බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතා පැවතීම ආදියද හදුනා ගන්නට පුළුවන් වෙනවා. එසේම උපතින් පසු බලපාන හේතු ලෙස මොළයේ අසාදන රෝග එනම් මෙනින්ජි ප්‍රදාහය වනි තත්ත්ව ඇති වීම ද, හිසට තුවාල කරන හදිසි අනතුරුද                    අසාදන හෝ විජලන නිසා උණ අධික වීම ආදී තත්ත්වයන්ද මෙම රෝගය ඇති වීමට හේතු වන්නට පුළුවන් වෙනවා.

මෙම තත්ත්වය ඇති වීමට බාහිර පරිසරය, එනම් සමාජ තත්ත්වය හෝ ආර්ථික තත්ත්වය වැදගත් නොවේ. සැම රටකම සෑම වර්ගයකම පවුල් වල මස්තිෂ්ක ආගාධය සහිත දරුවන් සිටිය හැකිය. ලෝකය පුරා මෙම මස්තිෂ්ක ආගාධය සහිත දරුවන් හා වැඩිහිටියන් මිලියන 17 ක් පමණ සිටින බවට වාර්තා වෙනවා. එසේම පසුගිය වසර 40 පුරාවට සිදු වූ සැම ළදරු උපත් 1000කටම මස්තිෂ්ක ආගාධය සහිත දරුවන් 2-3 අතර ප්‍රමාණයක් සිදු වෙනවා. ශ්‍රී ලංකාව තුලද මෙම තත්ත්වය සහිත දරුවන් හා වැඩිහිටියන් 40 000 ක් පමණ සිටින බව ගණන් බලා තිබෙනවා.

මස්තිෂ්ක ආගාධය සහිත සැම දරුවෙකුටම ඔවුන්ගේ වර්ධනය සඳහා මුල් කාලයේදීම සිදු කෙරෙන ඉගැන්වීම් හා පුහුණු කිරීම් මගින් ඔවුන්ට යම් උදව්වක් ලබදිමට හැකි වෙනවා. මෙම රෝගයේ සුව වීමක් නොමැති වුව ද මොළයේ ඇති හානියේ ප්‍රමාණය හා කෙතරම් කලින් දරුවාට ප්‍රතිකාර කිරීම ඇරඹුවා ද යන කරුණු මත මෙයින් ඇතිවන බලපෑම් අඩුකර ගන්නට පුළුවන්. එසේම දරුවන්ට උදව් දීම කලින් ඇරඹූ තරමට ලබාදිය හැකි දියුණුවද වැඩි වෙනවා.

community.fireflyfriends.com (කවරයේ පින්තුරය)

මුලාශ්‍ර:

webmd.com

cplanka.org

mayoclinic.org

cerebralpalsyguide.com

Related Articles