Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසුන් පෙළූ වසංගතය – වසූරිය

‘දෙයියන්ගේ ලෙඩ’ යනුවෙන් අපේ පැරණි ගැමියන් සමහර රෝගාබාධ හඳුන්වනු ලැබනවා ඔබ අසා ඇති. පැරණි ගැමි විශ්වාසයන්ට අනුව මෙම රෝග දේව කෝපය නිසා හටගන්නා බව ව්‍යවහාරයේ පැවතියත් ඇත්තෙන්ම මේවා හටගන්නේ වෛරස ආසාදනය වීම නිසායි. සරම්ප, පැපොල, කම්මුල්ගාය වැනි මේ රෝග වැළඳුණු විට ඒවාට ප්‍රතිකාර කරන ඖෂධ මෙන්ම කෙම් ක්‍රමත් ගැමියන් සතුව පවතිනවා.

සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතයට පවා බලපෑම් කළ හැකි මේ රෝග වැළඳීම මැඩ පැවත්වීමට කළ හැකි හොඳම ප්‍රතිකර්මය එම රෝගකාරක වෛරස අඩපණ කොට ශරීරයට ඇතුළු කර ඒ සඳහා වූ ප්‍රතිරෝධය ශරීරය තුළින්ම ඇති කිරීම බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. මේ නිසා අද වන විට මේ ගණයේ රෝග වසංගත ලෙස පැතිරීම බෝහෝ සෙයින් අඩු වී තිබෙනවා. මේ නිසා සමහර ‘දෙයියන්ගේ ලෙඩ’ වර්තමානය වන විට සමහර රටවල් වලින් පමණක් නොව මුළු ලෝකයෙන්ම තුරන් කිරීමට මිනිස් වර්ගයාට හැකි වී තිබෙනවා. ඈත අතීතයේ පටන් මිනිස් ජීවිත දහස් ගණනක් මරුමුවට පත් කළ, ඉතාම දරුණු රෝගයක් වන ‘වසූරිය’ ලෝකයෙන් තුරන් කිරීමට හැකි වීම මිනිස් ප්‍රජාවම ලැබූ ජයග්‍රහණයක් යැයි කිව හැකියි.

වසූරිය වැළඳුණු දරුවෙක්-Public Health Image Library of the Centers for Disease Control and Prevention

වසූරිය ලෝකයෙන් තුරන් වී තිබුණද එහි භයානක කම නිසාම වර්තමාන පරපුර වෙනුවෙන් ඒ පිළිබඳ විස්තරයක් ගෙන එන්නට අපි තීරණය කළා.

වසූරිය පිළිබඳ හැඳින්වීමක්

වසූරිය වැරියෝලා නම් වයිරසයක් මඟින් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට ආසාදනය වන රෝගයක් වනවා. වසූරිය ආසාදනය වූ විට ආසාදිතයින් ඉතා දැඩි ලෙස ගිලන් වන අතර ඉතා තද උණකුත් වසූරියට අනන්‍ය වූ දිය පට්ටාත් හටගන්නවා. අතීත වාර්තා අනුව වසූරිය වැළඳුණු රෝගීන්ගෙන් තුනෙන් එකක් මේ නිසා මියගොස් තිබෙනවා. වසූරිය එන්නත් කිරීම් මඟින් වර්තමානය වන විට ලෝකයෙන් අතුගා දමා තිබුණ ද ඉතා දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හා රුසියාවේ රසායනාගාර දෙකක තවමත් මෙහි නියැදි දෙකක් රඳවා තබා තිබෙනවා. මේ නිසා වසූරිය ජෛව රසායනික අවියක් මෙන් යොදාගැනීමේ අවදානමක් අද වන විටත් පවතිනවා.

වසූරියේ ඉතිහාසය

මීට වසර 12000කට පමණ පෙරත් වසූරිය මිනිස් වර්ගයා තැළූ පෙළූ බවට ශාක්ෂි හමු වී තිබෙනවා. ඊජිප්තුවේ පුරාණ මමි වලත් වසූරිය වැළඳුණු බවට ශාක්ෂි ලැබී අතර පස්වන රැම්සේස් රජුගේ මමියත් ඊට අයත් වනවා. වර්තමාන ලෝකයේ වසූරිය පිළිබඳ වාර්තා හමුවන්නේ 16 වන සියවසේ සිටයි. යුරෝපීය දේශ ගවේෂකයින් නිසා මෙය ලොව පුරාම ව්‍යාප්ත වුණා. ක්‍රි.ව 18 වන සියවසේදී වසූරිය ජෛව රසායනික අවියක් ලෙසද ඇමෙරිකාවේදී භාවිතා වූ බවට වාර්තා වෙනවා. විසි වන සියවස තුලදී වසූරිය නිසා ලොව පුරා මරණ මිලියන 300ත් 500ත් අතර ගණනක් වාර්තා වී තිබෙනවා.

පස්වන රැම්සේස් රජුගේ මමියේත් වසූරිය වැළඳුණු ලකුණු තිබෙනවා-Patrick Landmann/SPL

ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු වූ එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය සඳහා එන්නතක් නිපදවනු ලබනවා. නම් වසූරිය හා සමාන එහෙත් වසූරිය තරම් දරුණු නොවන Cowpox නම් රෝගාබාධයක අඩපණ වූ වෛරස එන්නත් කිරීමෙන් මිනිසුන් තුල වසූරිය කෙරෙහි ප්‍රතිරෝධයක් ඇති වන බව සොයාගන්නා ඔහු ඒ පිළිබඳව පරියේෂණ කර සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නවා. වසූරිය සඳහා එන්නත් කිරීම 20 වන සියවසේදී ජගත් වශයෙන් කාර්යයක්ෂමව සිදුවුණු අතර අවසාන වසූරිය රෝගියා වාර්තා වන්නේ 1977 වසරේදීයි. ලෝක සෞඛ්‍ය සංවිධානය 1980 වසරේදී ලොව සම්පූර්ණයෙන්ම වසූරියෙන් තොර බවට ප්‍රකාශ කරනවා.

එඩ්වඩ් ජෙනර් දරුවෙකුට වසූරිය එන්නත ලබා දෙමින්-moneyweek.com

වසූරිය වැළඳෙන්නේ කොහොමද?

වසූරිය රෝගය ඇති කරන්නේ ද්විත්ව ඩී. එන් ඒ දාම සහිත වයිරසයක් වන වැරියෝලා වයිරසයයි. මේ වයිරසය ආසාදිත පුද්ගලයෙකුගේ සම, වකුගඩු, ප්ලීහාව, අක්මාව ඇතුළු ඉන්ද්‍රියයන් රාශියකම දකින්නට පිළිවන්. ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට වෛරස රාශියක් සමඟ එක වර සටන් කිරීමට සිදු වන නිසා සංකූලතා වලට ලක්වී රෝගීන්ගේ මරණය සිදු වනවා. වැරියෝලා මේජර් හා වැරියෝලා මයිනර් යනුවෙන් මේ වෛරසයේ ප්‍රභේද දෙකක් ඇති අතර ඉන් වැරියෝලා මේජර් මඟින් ඇති කරන වසූරිය රෝගය වඩා මාරාන්තික වෙනවා.

වසූරිය මිනිසාට බෝ වන්නේ තවත් මිනිසෙකුගෙන් පමණක් නිසා එය ලෝකයෙන් තුරන් කිරීම වඩාත් පහසු වුණා. වසූරිය බෝ වන්නේ බිඳිති ආසාදනය නිසායි. මීට අමතරව සමහර අවස්ථාවන්හී දී රෝගීන් විසින් භාවිතා කරන ලද, දැඩි ලෙස ආසාදිත උපකරණ මඟිනුත් වසූරිය ආසාදනය වන්නට පිළිවන්.

පුද්ගලයෙකුට වසූරිය වැළඳී සම්පූර්ණයෙන්ම දිය බිබිලි වියළී යන තුරු අන් අයෙකුට ඔහුගෙන් හෝ ඇයගෙන් රෝගය වැළඳිය හැකියි. එය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පහළ වී සති 3 – 4 අතර කාලයක් වෙනවා. යමෙකුගේ ශරීරයට වසූරිය වෛරසය ඇතුලු වී රෝග ලක්ෂණ පහළ වීමට දින 7 ත් 17 ත් අතර කාලයක් ගන්නවා.

වසූරිය රෝග ලක්ෂණ

තද උණ වසූරියේ මූලික ලක්ෂණයයි. මීට අමතරව වසූරිය වැළඳුණු වහාම වාගේ ශරීරයේ වේදනාව, ශීතල ගතිය හා හිසරදයන් ඇති වෙන්නට පටන් ගන්නවා. මූලික රෝග ලක්ෂණ පහළ වී පැය 24-48 ඇතුලත වසූරිය බිබිලි හටගැනීමට පටන්ගන්නවා. මේවා ශරීරය පුරාම හටගනන්නා අතර විශේෂයෙන්ම පාද, මුහුණ, අත්, කට වැනි ස්ථාන වල හටගන්නවා. හදිසියේ ඇස් ආශ්‍රිතව මේවා හටගතහොත් අන්ධ භාවය පවා ඇති වෙනවා.

වසූරිය කැලැල් වල විකසනය -WHO

වසූරිය බිබිලි වල ස්වභාවයත් කල් යත්ම වෙනස් වෙනවා. මුලින්ම ඒවා හටහන්නේ රතු පැහැ ලප ලෙසයි. අනතුරුව ඒවා සමෙන් ඉහළට එසවී දියර හා සැරව පිරුණු දිය පට්ටා බවට පත් වෙනවා. කලාතුරකින් මේවා රුධිරයෙන් ද පිරිය හැකියි. මේවා ඇති වී සතියකින් හෝ දෙකකින් පමණ වියළීමට පටන් ගන්නා අතර, කබොල ඇතිවී හැලී යන්නේ ගැඹුරු වලවල් සම මත ඇති කරමින්.

වසූරිය ලෝකයෙන් තුරන් කළේ කෙසේද?

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලොව පුරා දියත් කළ වසූරිය තුරන් කිරීමේ වැඩසටහනේ දී වසූරිය එන්නත ලබන කුඩා දරුවෙක්-pixnio.com/USCDCP

වසූරිය වැළඳුණු පසු කුමන ප්‍රතිකාර කළත් එසේ වැළඳුණු පුදගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු මිය ගියා. තව බොහෝ දෙනා සදාකාලික අන්ධ භාවයටත් විරූපී බවටත් පත් වුණා. විශේෂයෙන් 1960 දශකය අග භාගය වන විටත් අප්‍රිකාවේ හා ආසියාවේ වසූරිය පැතිරී තිබුණා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා වසූරිය එන්නත එන්නත් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. මීට අමතරව වසූරියෙන් වැළකෙන අයුරු හා අවදානම් සාධක වැනි දේ ගැනද මෙහිදී ජනතාව දැනුවත් කරනු ලැබුවා. මෙහි අරමුණ වූයේ ලොව වෙසෙන සියළු ජනයා වසූරිය කෙරෙහි ප්‍රතිරෝධී කොට එය ලෝකයෙන් තුරන් කිරීමයි. 1966 වසරේදී දියත් කෙරුණු මේ ව්‍යාපෘතිය සාර්ථක වූ අතර 1980 වසරේදී ඔවුන් වසූරිය ලොවින් තුරන් කරන ලද බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

කවරයේ පින්තූරය -staywellworld.org

Related Articles