පොලිස් වටලෑමකින් ඇරඹුණු අරගලය – ස්ටෝන්වෝල් පිබිදීම
වර්ෂ 1969 ජුනි මස 28 වැනිදා අළුයම් කාලයේ දී නිව් යෝර්ක් නගරයේ ග්‍රීනිච් විලෙජ් ප්‍රදේශයේ කිසියම් කලබලයක් ඇතිවෙනවා. කලබලය ඇති වෙන්නේ පොලිස් කණ්ඩායමක්, සහ ස්ටෝන්වෝල් නම් සමාජ ශාලාවක සිටින පිරිසක් අතර යි. පොලිස් කණ්ඩායම ස්ටෝන්වෝල් වටලා තිබුණා. නිව් යෝර්ක් නගරයේ කොතෙකුත් රාත්‍රී සමාජ ශාලා තිබුණත්, ස්ටෝන්වෝල් සමාජ ශාලාවටම පොලීසිය පැමිණෙන්නේ ඇයි?