Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ කබුකි නාට්‍ය කලාව

නාට්‍ය කලාව යනු ජනයාගේ සිත සතුටු කිරීමට හා සමාජයට විවිධ පණිවිඩ ලබා දීමට නළු නිළියන් විසින් රඟ දක්වන රැඟුමකි. ලංකාවට ආවේනික විවිධ නාට්‍ය කලාවන් පවතිනවා සේම ලෝකයේ අනෙකුත් රට වලටද ඊට ආවේනික වූ විවිධ නාට්‍ය සම්ප්‍රදායන් පවතී. එලෙස ජපානයට ආවේනික වූ නාට්‍ය කලාවක් ලෙස කබුකි නාට්‍ය හැඳින්විය හැක. මෙම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ කබුකි නාට්‍ය පිළිබඳව තොරතුරු ඔබට ගෙන ඒමට යි.

ඉතිහාසය

tokyotimes.com

කබුකි නාට්‍ය විශේෂිත වන්නේ එයටම ආවේනික වූ සංගීතය, නර්තනය, ඇඳුම් පැළදුම් ආදිය පැවතීම නිසයි. කබුකි නාට්‍ය කලාවේ ඉතිහාසය 17 වන සියවස දක්වා දිව යයි. ප්‍රථම කබුකි නාට්‍ය රඟ දක්වා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1536 දී බව සඳහන් වේ. ඒ ක්යෝතෝ නගරයේදී ය. මෙය කලාත්මක මාධ්‍යයක් ලෙස තවදුරටත් වර්ධනය වුයේ ක්‍රිස්තු වර්ෂ 1688 සිට 1704 දක්වා වූ කාලය තුළයි. කබුකි නාට්‍ය කලාව ස්ථාවරව ගොඩනැගෙන්නට පටන් ගත් කාල පරිච්ඡේදය ලෙස 1603 සිට 1867 දක්වා කාලය දැක්විය හැක. මෙම කාලය ස්ථාවර තොකුගාවා අවධිය ලෙස හඳුන්වයි.

ආරම්භක අවධියේ කබුකි රඟ දැක්වීම

thoughtco.com

මුල්ම කාලයේ කබුකි රඟ දක්වා ඇත්තේ කාන්තාවන් විසිනි. නිල වශයෙන් හඳුනා ගන්නා පළමු කබුකි නාට්‍ය රඟ දක්වන ලද්දේ 1603 වසරේදී ය. මෙකල කබුකි නාට්‍ය සඳහා පාදක වූයේ විවිධ කතාන්දරයි. කබුකි නාට්‍ය වලට යොදා ගන්නා සංගීතය, නර්තනය හා රඟ දැක්වීම් වල මුල් ආරම්භය අට වන සියවස දක්වා දිව යයි. මුල් කාලයේ කබුකි නාට්‍ය නගා සිටුවීමට කාන්තාවන් දායක වුවත් 1629 වසරේ සිට ඔවුනට කබුකි රඟ දැක්වීම තහනම් විය. ඊට හේතු වූයේ මෙම නාට්‍යයන් රඟ දැක් වූ බොහෝ ප්‍රධාන පෙලේ කාන්තාවන් ගණිකාවන් වීමයි.

කබුකි යන වචනයේ අර්ථය

“කබු” යන්න චීන වචනයක් ලෙස දැක්විය හැක. “ක” අකුරින් අර්ථවත් වන්නේ ගායනයයි. “බු” යනු නර්තනය යි. “කබු” යන වචනයට චීන ජාතිකයින් “සු” යන අකුර එක් කර “කබුසු” යන වචනය නිර්මාණය කර ඇත. “කබුසු” වචනයේ අර්ථය වන්නේ “ගායනය හා නර්තනය කිරීම” යන්නයි. සාමාන්‍ය ජනතාවට මෙම වචනය උච්චාරණය කිරීමට අපහසු වූ නිසා ඔවුන් එය “කබුකි” ලෙස උච්චාරණය කරන ලදී.

නාට්‍ය පෙන්වීමේ අරමුණ

japantimes.co

කබුකි නාට්‍ය රඟ දැක්වීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ජනයා පිනවීම හා නළුවන්ගේ හැකියාවන් අනෙක් අයට පෙන්වීමට ඉඩ ලබා දීමයි. මිට අමතරව සමාජයට උපදේශාත්මක පණිවිඩ ලබාදීම ද මේ මඟින් සිදු වේ. උදාහරණයක් ලෙස ආගමික ඝට්ටනයන් හා සදාචාරත්මක මතයන් රඟ දැක්වීම පෙන්වා දිය හැක.

නාට්‍ය රඟ දක්වන ස්ථාන

කුඩා රංග ශාලාවලට අමතරව ටෝකියෝ, කියෝටෝ හා ඔසාකා නගර වල ප්‍රධාන රංග ශාලාවල කබුකි රඟ දැක්වීම සිදු කරයි. කබුකි නාට්‍ය ආරම්භ කිරීමට පෙර එහි රඟ දක්වන තරුණ නළුවෙක් කබුකි නාට්‍යයේ සංගීතය සැපයීම, රඟ දක්වන වේදිකාව ආදිය පිලිබඳ කරුණු දක්වයි. කබුකි නළුවන් බොහෝ විට වේදිකාවට පැමිණෙන්නේ හා පිටවන්නේ ප්‍රේක්ෂකාගාරය තුළිනි.

uk.theoutlook.com.ua

කබුකි වේදිකාවේ වම් පස සිටින්නේ වැදගත් චරිතයි. දකුණු පස කොටස එතරම් වැදගත් නොවන චරිත රඟපාන්නන් සඳහා වෙන් කර ඇත. කබුකි වලට සංගීතය සැපයීම සඳහා කළු පැහැති තිර වලින් ආවරණය කල සංගීත කාමරයක් ඇත. මෙහි ඇත්තේ ජපන් සම්ප්‍රදායික සංගීත භාණ්ඩයි. කබුකි රඟ දක්වන අතරතුර වේදිකාවේ ඇති භාණ්ඩ ඉවත් කිරීමට පිරිසක් සිටී. මොවුන් කුරොකෝ ලෙස හැඳින්වේ. ඔවුන් කළු පැහැති ඇඳුම් ඇඳ මුහුණත් කළු පාටින් ආවරණ කර ගෙන සිටී.

නළු නිළියන්

මුල් කාලයේ කාන්තාවන් යොදා ගනිමින් රඟ දැක් වූ කබුකි පසු කාලයේදී පිරිමි පුද්ගලයින්ට පමණක් සිමා විය. ගැහැණු චරිත රඟ දක්වන නළුවන් හඳුන්වන්නේ oyama ලෙසිනි. මෙවන් චරිත තුළින් ප්‍රසිද්ධියට පත් වූවෙක් ලෙස Yoshizawa Ayame දැක්විය හැක. බොහෝ කබුකි නළුවන් තමාගේ කීර්තිය වර්ධනය කරගෙන ඇත්තේ තමන් රඟ දක්වන චරිත තුළිනි.

චරිත සඳහා මුහුණු ආලේපන ගැල්වීම  

kansaiscene.com

කබුකි රඟ දැක්වීමේදී නළුවන් සඳහා බොහෝ මුහුණු ආලේපන ගල්වයි. ඔවුන්ගේ මුහුණු ආලේපන ගැල්වීමේ රටාව කුමදෝරි (kumadori) ලෙස හැඳින්වේ. ඔවුන් මුහුණු සඳහා වර්ණ භාවිත කරන්නේ චරිතයේ ලක්ෂණ හොඳින් මතු වී පෙනෙන ආකාරයටයි. උදාහරණයක් ලෙස රතු වර්ණය මගින් යහපත්කම දක්වන අතර නිල් වර්ණය මඟින් ඊර්ෂ්‍යාව හා භය දක්වයි. කබුකි නළුවන් අනෙකුත් නාට්‍ය සම්ප්‍රදායන් වල මෙන් වෙස් මුහුණු භාවිත නොකරයි. ඔවුන් මුහුණු, අත් හා බෙල්ල සුදු පාටින් වර්ණ ගන්වන අතර ඇස් වටා ප්‍රදේශය හා කට වටා ප්‍රදේශය රතු පැහැයෙන් වර්ණ ගන්වයි.

කබුකි ඇඳුම්

joseysensey.deviantart.com

කබුකි ඇඳුම් විවිධ වර්ණයන්ගෙන් හා විවිධ මෝස්‌තර වලින් පවතී. ඇතැම් ඇඳුම් කිලෝග්රෑම් 20ක පමණ බරින් යුතු වේ. එක් කබුකි ඇඳුම් කට්ටලයක් 25 වතාවක් පමණ භාවිත කිරීමෙන් පසු ඉවත් කිරීම කරයි. මීට හේතුව වන්නේ ආලෝකය නිසා ඒවායේ වර්ණයන් විනාශ වීමත්, දහඩිය නිසා ඇඳුම් වලින් දුගඳ හැමීමත් යන හේතු නිසාවෙනි.

විසිවන සියවසේ කබුකි

19 වන සියවසේදී කබුකි නාට්‍ය බොහෝ ශාස්ත්‍රීය ස්වරූපයක් ගන්නා ලදී. මුල් අවධියේ කබුකි රඟ දැක්වීමට සම්පුර්ණ දිනයක් ගත වන ලදී. නමුත් වර්තමානයේ නාට්‍ය රඟ දැක්වීමට ගත වූ කාලය පැය කීපයකට සිමා කිරීමද දක්නට ලැබේ. 21 වන ශතවර්ෂය තෙක් ජපානයේ ජනප්‍රියම නාට්‍ය කලාව බවට කබුකි පත් වී තිබුණි. වර්තමානයේ පවා ප්‍රසිද්ධ කබුකි නාට්‍ය නළුවන් කබුකි හා සම්බන්ධ නොමැති බොහෝ චිත්‍රපට වල රඟ දැක්වීම් සිදු කරයි.

කවරයේ පින්තුරය – jetaany.org

Related Articles