කාන්තාවන් අධ්‍යාපනය ලැබීම හෝ රැකියාවල නිරතවීම අත්‍යවශ්‍ය නොවන බවත්, ඔවුන් නිවෙස්වලට වී ගෘහස්ථ වැඩපොළ සිදුකරමින් කාලය ගත කළ යුතු බවත් බොහෝදෙනෙකු විශ්වාස කළ ජන සමාජයකි එකල ලංකාව. කාන්තාවට තමන්ට අවශ්‍ය පරිදි කිසිදු තීරණයක් ගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ට ඒ සියල්ල කිරීමට සිදුවූයේ ඔවුන්ගේ පියාගේ, සහෝදරයින්ගේ, හෝ පසුකාලීනව සිය ස්වාමිපුරුෂයාගේ අභිමතය අනුව ය. එම සංස්කෘතිය අභිබවා ගිය තැනැත්තියකි අයිරාංගනී සේරසිංහ.