Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පකිස්ථාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ ඉතිහාසය

පළමු ටෙස්ට් තරඟාවලිය

c.tribune.com.pk

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පළමුවරට ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පවත්වා තිබෙන්නේ 1982 වසරේදීයි. එම තරඟාවලිය තරඟ තුනකින් යුතුව පවත්වා තිබෙනවා. මෙම තරඟාවලියේ පළමු තරඟය පකිස්ථානයේ කරච්චි නුවර පවත්වා ඇති අතර ඉන් පකිස්ථාන කණ්ඩායම ලකුණු 204 කින් ජයගෙන තිබෙනවා. එම තරඟාවලියේ දෙවැනි තරඟය නම් නිමා වුනේ ජය පරාජයෙන් තොරවයි. ලාහෝර් නුවර පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 102කින් ශ්‍රී ලංකාව පරාජය කර පකිස්ථානය ජයගෙන තිබෙනවා. මේ අනුව පකිස්ථාන – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි ජය පකිස්ථානයට හිමිව තිබෙනවා. මේ වනවිට දෙරට අතර ටෙස්ට් තරඟ 53ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 19ක ජය පකිස්ථානයට හිමි වෙද්දී ශ්‍රී ලංකාව තරඟ 15ක් ජය ගෙන තිබෙනවා. මෙතෙක් පැවති තරඟවලින්  තරඟ 18ක් ජයපරාජයෙන් තොරව නිමා වී තිබෙනවා.

ලකුණු  වාර්තා

espncdn.com

පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟාවලි ඉතිහාසයේ කණ්ඩායමක්  වාර්තා කල ඉහළම ලකුණු වාර්තා කර තිබෙන්නේ පකිස්ථානයයි. ඒ 2009 පෙබරවාරියේ කරච්චි ක්‍රීඩාංගනයේ  කඩුලු 6 කට රැස්කළ ලකුණු 765 යි.  ශ්‍රී ලංකාවත් එම තරඟයේ දීම දෙරට අතර ඉතිහාසයේ ඉහළම ලකුණු වාර්තා කර තිබෙනවා. ඒ කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු 644 යි. දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ අඩුම ලකුණු ගණනකට දැවී ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. 1994 වසරේ නුවරදී ශ්‍රී ලංකාව ලකුණු 71ට එසේ දැවී ගොස් තිබුණා. 2006 දී නුවරදී ලකුණු 73ක් ලබා දෙවෙනි අඩුම ලකුණු ගණනට දැවී ගොස් තිබෙන්නේද ශ්‍රී ලංකාවයි. පාකිස්ථානය දැවී ගොස් ඇති අවම ලකුණු ගණන 90 වන අතර ඒ 2009 දී කොළඹ දියි. කණ්ඩායම් දෙකම එකතුව තරඟයකදී වාර්තා කළ වැඩිම ලකුණු ගණන ලෙස 2009 කරච්චි නුවරදී කඩුලු 18කට රැස්කළ ලකුණු 1553 වාර්තා වෙනවා. කණ්ඩායම් දෙකම එකතුව තරඟයකදී වාර්තා කල අඩුම  ලකුණු ගණන ලෙස වාර්තා වන්නේ 1986 දී කරච්චි නුවරදී කඩුලු 29 කට රැස්කළ ලකුණු 440 යි.

ජයග්‍රහණ වාර්තා

මිෂ්බා – උල් – හක් www.khaboronline.com

ඉනිමක හා වැඩිම ලකුණු ගණනකින් දෙරට අතර ටෙස්ට් තරඟයක් ජයගෙන ඇත්තේ පකිස්ථානයයි.1999 මාර්තු මස ඩකා නුවර පැවති ටෙස්ට් තරඟයේ දී ඔවුන් ඉනිමක හා ලකුණු 175කින් ජයගෙන තිබෙනවා. වැඩිම ලකුණු ගණනකින් ටෙස්ට් තරඟයක් ජයගෙන තිබෙන්නේ ද පකිස්ථාන කණ්ඩායමයි. ඒ 1994 දී කොළඹ දියි. ඔවුන් එය ලකුණු 301කින් ජයගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පකිස්ථානය පරදා ජයගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 209යි. ඒ 2012 ගාල්ලේ දියි. පකිස්ථානයට ශ්‍රී ලංකාව දෙවරක් කඩුලු 10කින් පකිස්ථානයට පරාජය වී තිබෙනවා. ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහිව ඉහලම ජය කඩුලු වලින් වාර්තා කර තිබෙන්නේ ඔවුන්ව කඩුලු 8කින් පරාජය කරමිනුයි. අඩුම ලකුණු ගණනකින් දෙරට අතර ටෙස්ට් තරඟයක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඒ ලකුණු 21කින් ශ්‍රී ලංකාව ජයගත් පසුගිය පකිස්ථාන ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයයි. අඩුම කඩුලු ගණනකින් දෙරට අතර ටෙස්ට් තරඟයක් ජය ගෙන තිබෙන්නේ ද ශ්‍රී ලංකාවයි. ඒ කඩුලු දෙකකින් පකිස්ථානය 2000 වසරේ පරාජය කිරීමෙනුයි

ලකුණු  වාර්තා

කුමාර සංගක්කාර-newsfirst.lk

එතෙක් මෙතෙක් තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන්නේ කුමාර සංගක්කාරයි. ඔහු තරඟ 23 කදී, ඉනිම 45ක් ක්‍රීඩාකර ලකුණු 2911ක් වාර්තා කර තිබෙනවා. එහි දෙවැනි තැන යුනිස් ඛාන්, තරඟ 29 කදී ඉනිම 48ක් ක්‍රීඩාකර රැස්කර ලබාගෙන තිබෙනවා. එම ලකුණු ගණන 2286ක් වෙනවා. ඉනිමක ඉහළම ලකුණු ගණන යුනිස් ඛාන් සතු වනවා. ඒ 2009දී පන්දු 568කින් රැස්කළ ලකුණු 313යි. තරඟ ඉතිහාසයේ වැඩිම ශතකලාභියා වන්නේ කුමාර සංගක්කාර වන අතර ඔහු ශතක 10ක් ලබාගෙන තිබෙනවා. දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ ලකුණු නොලබා වැඩිම වාර ගණනක් දැවීගොස් තිබෙන්නේ රංගන හේරත් වනවා. ඔහු ඉනිම 33කදී 10 වතාවක් ලකුණු නොලබා දැවිගොස් තිබෙනවා.

කඩුලු වාර්තා

රංගන හේරත්- t2online.com

දෙරට අතර ටෙස්ට් තරඟ ඉතිහාසයේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන්නේ රංගන හේරත් වෙනවා. ඔහු ඉනිම 40කදී කඩුලු 104 ක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ  ඉනිමක හොදම පන්දු යැවීම ලකුණු 127 කට කඩුලු 9ක් ලෙස වාර්තා වෙනවා. එය දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක හොදම පන්දු යැවීමද වෙනවා. තරඟයකදී හොදම පන්දු යැවීම වාර්තා වන්නේ 1982 යි. ඒ ඉම්රාන් ඛාන් ලකුණු 116කට කඩුලු 14ක් දවා ගැනීමයි. 2014 දී රංගන හේරත් ද කඩුලු 14ක් දවාගෙන තිබෙනවා. නමුත් ඔහුට එරෙහිව ලකුණු 184ක් වාර්තා වී තිබුණා. ඉනිමකදී කඩුලු 5 බැගින් වැඩිපුරම ලබා ගෙන ඇත්තේ රංගන හේරත් වෙනවා. ඔහු 8 වතාවක් එම දස්කම දක්වා තිබෙනවා. තරඟයක කඩුලු 10 බැගින් 2 වරක් රංගන හේරත් ලබාගෙන තිබෙනවා. ඒ කඩුලු 10 බැගින් වැඩිම වාර ගණනක් ලබාගත් වාර්ථාවට ද හිමිකම් කියමිනුයි.

කවරය – i.ytimg.com

Related Articles