ගෙවත්තේ තිබෙන විෂ සහිත ශාක කිහිපයක්
බොහෝ දෙනෙකු සිය ගෙවත්ත අලංකාර කරගැනීම සඳහා විවිධ ශාක වර්ග සහ වැල් වර්ග වගා කරන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එලෙස වගා කරන සමහර ශාක බැලූ බැල්මට සුන්දර වුණත් එහි අසුන්දර පැත්තකුත් තිබෙනවා. ගෙවත්තට සුන්දරත්වයක් එක් කරන සමහර ශාකවල තිබෙන විෂ සහිත බව නිසාම කුඩා දරුවන් මරණයට පත් වුණු සිද්ධි අප අසා තිබෙනවා.