එංගලන්තයේ ස්ටුවර්ට් බ්රෝඩ් ටෙස්ට් කඩුලු 500 සමාජයට
ටෙස්ට් කඩුලු 500ක් ලබාගැනීම ඕනෑම පන්දු යවන්නෙකු සිය ක්රිකට් දිවිය තුළ සැබෑ කරගැනීමට උත්සාහ දරන සිහිනයක්. වසර 143ක් පැරණි ටෙස්ට් ක්රිකට් ඉතිහාසය තුළ එම අසීරු සිහිනය සැබෑ කරගත්තේ පන්දු යවන්නන් හත්දෙනෙකු පමණ යි. පසුගිය දිනවල එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර විස්ඩන් කුසලානය වෙනුවෙන් පැවති ටෙස්ට් තරගාවලියේ දී ස්ටුවර්ට් බ්රෝඩ් නම් එංගලන්ත පන්දු යවන්නා ටෙස්ට් කඩුලු 500 සීමාව පසු කළ 7 වැනි පන්දු යවන්නා ලෙසින් ඉතිහාසගත වුණා. මේ බ්රෝඩ් ටෙස්ට් කඩුලු 500ක් ලබාගැනීම දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳව ආපසු හැරී බැලීමක්.