චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය ටික කලකින්ම යුරෝපයටත්, ඇමරිකාවටත් දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා. එනිසා කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වුණු රටවල් අතරට ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය, සහ ප්රංශය යන රටවල් එක්ව සිටිනවා. ඇමරිකාව සහ යුරෝපය කොරෝනාවෙන් බැට කෑම අරඹන විට දකුණු ඇමරිකාවට එහි බලපෑම තදින්ම දැනී තිබුණේ නැහැ. නමුත් මේ වන විට කොරෝනා වසංගතය දකුණු ඇමරිකානු කලාපය පුරා දරුණු අන්දමින් පැතිරමින් පවතිනවා. එහි ප්රතිඵලයක් වශයෙන් මේ වන විට එම කලාපයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්රමාණය ලක්ෂ 17 ඉක්මවා ගොස් තිබෙනවා.