කොරෝනාව නිසා කඩා වැටුණු පෞද්ගලික බස් සේවය
පසුගිය මාස කිහිපය පුරාවටම ලංකාවට බලපෑම් කළ කොරෝනා වසංගතය නිසා විවිධ රැකියා ක්ෂේත්රයන් ආශ්රිතව ගැටලු රැසක් පැන නැගුනා. එහි දී පුද්ගලික බස් කර්මාන්තය ආශ්රිතව ඇති වුණු ගැටලුවලට විසඳුම් ලැබී තිබුණේ නැහැ. එම නිසාම බස් කර්මාන්තයෙන් යැපුණු බොහෝ දෙනෙකුට ආර්ථික අපහසුතා මධ්යයේ සිය ජීවිකාව ගෙන යන්නට සිදුවුණා. පසුගිය මාස කිහිපය පුරාවටම ස්ථීර ආදායමක් නොලැබුණු එම සේවකයන්ට සිය හෙට දවස පිළිබඳව දෙගිඩියාවෙන් කල් ගෙවීමට සිදුව තිබෙන්නේ තවමත් කොරෝනා වසංගතය නැවත හිස එසවීමට තිබෙන ඉඩකඩ නිසා යි.