Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් අතුරින් අත්දැකීම් අඩුම කණ්ඩායම ඇෆ්ගනිස්ථානය වුවත්, සමස්ත ක්‍රිකට් ලෝකයම ඔවුන් දෙස බලා සිටින්නේ විමසිල්ලෙන්. එයට හේතුව වන්නේ පසුගිය කාල සමයේ ඔවුන් එක්දින ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව තිබීම යි. එම නිසාම රෂීඩ්, නබී, මුජීබ් වැනි සුපිරි තරු පිරිවරාගෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සුපිරි කණ්ඩායම් සමග කරට කර සටන් කරනු ඇති බවට පෙරනිමිනි පසුගිය දිනවල දක්නට ලැබුණා. ඒ ඔවුන් සහභාගි වුණු පළමු පුහුණු තරගයේ දීම පාකිස්ථානු කණ්ඩායම කඩුලු 3කින් පරාජය කිරීමත් සමග යි.

ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

2015 වසරේ දී මුල්ම වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක්වුණු ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම, එහිදී ඔවුන් මුහුණදුන් තරග 6න් ජයග්‍රහණය කරන ලද්දේ ස්කොට්ලන්ත තරගය පමණ යි.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

2015 ලෝක කුසලාන තරගාවලියේ දී ස්කොට්ලන්තය හමුවේ කඩුලු 1ක ජයග්‍රහණයක් ලබාගැනීම, ඇෆ්ගනිස්ථානය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලබා ඇති ඉහළම ජයග්‍රහණය යි.

ඇෆ්ගනිස්තානය විසින් ස්කොට්ලන්තය පරාජය කළ අවස්ථාව (gettyimages)

තරගාවලි ඉතිහාසයේ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

2015 තරගාවලියේ ඉනිම් 6ක දී ලකුණු 254ක් ලබාගත් සමියුල්ලා ෂින්වාරි එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා යි. එහිදී අර්ධ ශතක 2ක් ලබාගත් ෂින්වාරි ස්කොට්ලන්ත තරගයේ දී අගනා ලකුණු 96ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්.

ස්කොට්ලන්තයට එරෙහිව තරගයේ දී ෂින්වාරි (gettyimages)

තරගාවලි ඉතිහාසයේ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා

2015 ලෝක කුසලාන තරගාවලියේ දී තරග 6ක් තුළ කඩුලු 10ක් දවාගත් ෂපූර් සඩ්‍රාන් ඔහුගේ හොඳම පන්දු යැවීම ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ වාර්තා කළේ ලකුණු 38කට කඩුලු 4ක් දවාගනිමින්.

ෂපූර් ස්කොට්ලන්තයට එරෙහිව පන්දු යවමින් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානය එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසර ආරම්භයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය 4-1ක් ලෙසින් ජයගත් ඇෆ්ගනිස්ථානය, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියත් ජයග්‍රහණය කළා. ඉන්පසුව අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථානය, ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය පරාජයට පත්කරනු ලැබුවා. එලෙස 2018 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානය එක්දින තරග 28කට සහභාගි වුණු අතර එහිදී ඔවුන් තරග 16ක් ජයග්‍රහණය කරන විට 10ක් පරාජයට පත්වුණා.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු ඇෆ්ගනිස්ථාන්  පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී රහ්මට් ෂා ,මොහොමඩ් ෂසාඩ්, සහ මොහොමඩ් නබී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන තිබෙනවා.

රහ්මට් පන්දුවට පහරදෙමින් (gettyyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු ඇෆ්ගනිස්ථාන් පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රෂීඩ් ඛාන්, මුජීබ් රහමාන්, සහ මොහොමඩ් නබී වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

රෂීඩ් ඛාන් (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන බටහිර ඇෆ්ගනිස්ථාන සංචිතය

ගුල්බඩීන් නායිබ් (නායක)

හස්රතුල්ලා සසායි

රහ්මට් ෂා

මොහොමඩ් ෂසාඩ්

අෂ්ගාර් ඇෆ්ගන්

හස්මතුල්ලා ෂහිඩි

නජිබුල්ලා සඩ්‍රාන්

නූර් අලි සඩ්‍රාන්

මොහොමඩ් නබී

රෂිඩ් ඛාන්

සමියුල්ලා ෂෙන්වාරි  

ඩව්ලාට් සඩ්‍රාන්

මුජීබ් උර් රහමාන්

හමීඩ් හසන්

අෆ්ටාබ් අලාම්  

මෙවර ඇෆ්ගනිස්ථානයේ ලෝක කුසලාන ගමන

ලොව ප්‍රධාන පෙළේ ලීග් තරගාවලි සඳහා සහභාගි වන ඇෆ්ගනිස්ථානු ක්‍රීඩකයන් තිදෙනා වන රෂිඩ්, නබී, සහ මුජීබ් මෙවර ඔවුන්ගේ ප්‍රබලම තුරුම්පු 3 යි. ඊට අමතරව ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස කටයුතු කරන සසායි සහ ෂසාඩ් වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවන් දෙදෙනෙකු නිසා කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා ඔවුන් දෙදෙනා ලබාදෙන ආරම්භය ඉතාමත් වැදගත්. එක්දින පිටියේ සිටින ප්‍රබල කණ්ඩායම් සමගින් තවමත් එතරම් තරග කර නැති ඇෆ්ගනිස්ථානයට මෙවර සිය ශක්තිය පෙන්වීමට ලැබී ඇත්තේ හොඳම අවස්ථාවක්. එම නිසාම 1999 තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම සහ 2003 තරගාවලියේ දී කෙන්යානු කණ්ඩායම දැක්වූ දස්කම් මෙවර ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම දැක්වුවහොත් එය පුදුමයක් නොවනු ඇත.

කවරයේ ඡායාරූපය- ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම එක්දින තරගයක් අතරතුර (icc cricket)

Related Articles