Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොදු රද මඬුලු ක්‍රීඩා උළෙල සරසන අපේ සුපිරි තරු 9ක්

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය එංගලන්තයේ බර්මිංහැම් හි දී මේ 28 වැනි දා සිට අගෝස්තු 8 වැනි දා දක්වා පැවැත්වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් සහභාගි වීමට නියමිත යි. ඒ අතුරින් කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් පිළිබඳ තොරතුරු යි මේ.

යුපුන් අබේකෝන් (මලල ක්‍රීඩා)

දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ලෙසින් වැජඹෙන යුපුන් අබේකෝන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව සඳහා සහභාගි වෙනවා.

විශේෂ දක්ෂතා:

*2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 100 ඉසව්ව සඳහා සහභාගි වුණා.

*මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩුවෙන් නිම කළ එක ම දකුණු ආසියාතික මලල ක්‍රීඩකයා වන්නේ මොහු යි.

 යුපුන් අබේකෝන් සහ නිලූක කරුණාරත්න – Design credit: Roar Media/Jamie Alphonsus

නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්)

ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ බැඩ්මින්ටන් පිරිමි ඒකල සහ මිශ්‍ර කණ්ඩායම් යන තරග ඉසව් සඳහා සහභාගි වෙනවා.

විශේෂ දක්ෂතා

*2012 ලන්ඩන්, 2016 රියෝ සහ 2020 ටෝකියෝ යන ඔලිම්පික් උළෙලවල දී බැඩ්මින්ටන් පිරිමි ඒකල ඉසව්ව සඳහා සහභාගි වීම.

චින්තන විදානගේ – Design credit: Roar Media/Jamie Alphonsus

චින්තන විදානගේ (බර ඉසිලීම) 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂත ම බර ඉසිලීමේ ශූරයෙක් වන චින්තන විදානගේ මෙවර පොදුරාජ්‍ය ක්‍රීඩා තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 81 බර පන්තිය යටතේ බර ඉසිලීමේ තරගවලට සහභාගි වෙනවා. 

විශේෂ දක්ෂතා

*2006 මෙල්බර්න් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය- රන් පදක්කම (කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය)

*2010 දිල්ලි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය- රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය)

ඉන්දික දිසානායක (බර ඉසිලීම) 

ඉන්දික දිසානායක මෙවර පොදුරාජ්‍ය ක්‍රීඩා තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය යටතේ බර ඉසිලීමේ තරගවලට සහභාගි වෙනවා. 

විශේෂ දක්ෂතා

*2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය – රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය)

ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් – Design credit: Roar Media/Jamie Alphonsus

චතුරංග ලක්මාල් (බර ඉසිලීම)

චතුරංග ලක්මාල් මෙවර පොදුරාජ්‍ය ක්‍රීඩා තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 67 බර පන්තිය යටතේ බර ඉසිලීමේ තරගවලට සහභාගි වෙනවා. 

විශේෂ දක්ෂතා

*2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය – ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය)

ඉෂාන් බණ්ඩාර (බොක්සිං)

ඉෂාන් බණ්ඩාර මෙවර පොදුරාජ්‍ය ක්‍රීඩා තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 51 බර පන්තිය යටතේ ෆ්ලයිවේට් කාණ්ඩයේ  බොක්සිං  තරගවලට සහභාගි වෙනවා. 

විශේෂ දක්ෂතා

*2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය – ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 52 බර පන්තිය ෆ්ලයිවේට් කාණ්ඩය)

ඉෂාන් බණ්ඩාර සහ චාමර ධර්මවර්ධන – Design credit: Roar Media/Jamie Alphonsus

 

චාමර ධර්මවර්ධන (ජූඩෝ)

චාමර ධර්මවර්ධන  2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය යටතේ ජූඩෝ තරග සඳහා සහභාගි වෙනවා. 

විශේෂ දක්ෂතා

*2016 රියෝ සහ 2020 ටෝකියෝ යන ඔලිම්පික් උළෙලවල දී කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ ජූඩෝ තරග ඉසව්ව සඳහා සහභාගි වීම. 

මිල්කා ගෙහානි (ජිම්නාස්ටික්)

මිල්කා ගෙහානි 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ජිම්නාස්ටික් කණ්ඩායම් තරග ඉසව්ව සඳහා සහභාගි වෙනවා. 

විශේෂ දක්ෂතා

*2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ජිම්නාස්ටික් සියලු ඉරියව් ඒකල තරග ඉසව්ව සඳහා සහභාගි වුණා.

මිල්කා ගෙහානි සහ සුමේධ රණසිංහ – Design credit: Roar Media/Jamie Alphonsus

සුමේධ රණසිංහ (මලල ක්‍රීඩා)

සුමේධ රණසිංහ 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ තරග ඉසව්ව සඳහා සහභාගි වෙනවා. 

විශේෂ දක්ෂතා

*2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී හෙල්ල විසිකිරීමේ තරග ඉසව්ව සඳහා සහභාගි වුණා.

කවරයේ ඡායාරූපය- පොදු රද මඬුලු ක්‍රීඩා උළෙල සරසන අපේ සුපිරි තරු 9ක් - Design credit: Roar Media/Jamie Alphonsus

All Graphic Design credit: Roar Media/Jamie Alphonsus

ඡායාරූප: gettyimages.com

Related Articles