පර්සිගේ දිරියෙන් කැංගරුවන් මට්ටු කළ බ්‍රිස්බේන් ටෙස්ට් ගැටුම
පර්සි අබේසේකර යන නම ඇසුනු සැනින් අපට මතක් වන්නේ ජාතික කොඩිය අතින් ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කරන පුද්ගලයෙක්. ඒ, පර්සි අබේසේකර නම් ක්‍රිකට් ලෝලියා දශක ගණනාවක සිට අපේ ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් සහාය නිසා යි. 80 දශකය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් පිටිය තුළ සිටි ප්‍රබල කණ්ඩායමක් නොවෙයි. එම නිසා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවල් අපට නිතරම කෙනෙහිලිකම් කළා.