Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවට නැතිවම බැරි ලෙදර් පන්දුව

පාපන්දු ක්‍රීඩාව තරම් ජනප්‍රිය නොවුණත් ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ සැලකිය යුතු පිරිසකගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. ක්‍රිකට් පිත්ත, ක්‍රිකට් පන්දුව, අත් ආවරණ, පා අවරණ, හිස් ආවරණ වැනි ආම්පන්නයන් මෙම ක්‍රීඩාව සඳහා යොදාගනු ලබනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම සඳහා යොදාගන්නා ආම්පන්න අතුරින් ක්‍රිකට් පන්දුවට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.

article

චමින්ද වාස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සාර්ථකම වේගපන්දු යවන්නන් කිහිපදෙනා අතුරින් චමින්ද වාස්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවනවා. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් මෙම සුපිරි පන්දු යවන්නාව අදටත් ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නැහැ. එම නිසාම පසුගිය මාසයේ ඉන්දියාවේ පැවති ක්‍රිකට් තරගාවලියක දී දස්කම් දැක්වූ වාස් ගැන නැවතත් ප්‍රේක්ෂකයන් ප්‍රශංසා මුඛයෙන් කතා කළා. එලෙස සිය ක්‍රිකට් දිවිය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ මෙම දක්ෂ පන්දු යවන්නාගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන අවස්ථාවන් රැසක් හමුවනවා. මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරන්නේ එවැනි අවස්ථාවන් කිහිපයක් පිළිබඳව යි.

article

පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීලය ලබාගත් විශාලතම ජයග්‍රහණ

1930 වසරේ දී ආරම්භ කළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ වඩාත්ම සාර්ථක වුණු කණ්ඩායම ලෙස හඳුන්වනු ලබන්නේ බ්‍රසීලය යි. 1958, 1962, 1970, 1994, සහ 2002 වසරවල දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය කළ බ්‍රසීලය, වැඩිම වතාවක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙස ඉතිහාසගත වී සිටිනවා.

article

ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් ලකුණු 93කට දැවීගිය ටෙස්ට් තරගය

2003 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 125ක දැවැන්ත ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන්, පිට පිටම දෙවන වරටත් ලෝක ක්‍රිකට් කිරුළ දිනාගනු ලැබුවා. එලෙස ලබාගත් ජයග්‍රහණයෙන් වසර 1½කට පමණ පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළේ තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා යි. එම තරගාවලියේ මුල් තරග 3 අවසන් වන විට ඕස්ට්‍රේලියානුවන්ට තරගාවලියේ ජයග්‍රහණය හිමිව තිබුණු නිසා, වන්කඩේ පිටියේ පැවති අවසන් ටෙස්ට් තරගය සඳහා ඉන්දියානුවන් අවතීර්ණ වුණේ මව්බිමේ දී සිය ගෞරවය බේරාගැනීමේ අරමුණෙන්. එවැනි වටපිටාවක ආරම්භ වුණු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 104ක් පමණ යි. නමුත්, ඉන් නොසැලුණු ඉන්දියානුවන් අවසන් මොහොත වන තුරුම දියත් කළ සටන නිසා ලකුණු 13ක තියුණු ජයක් හිමිකර ගත්තේ උද්වේගකර ටෙස්ට් තරගයක් නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙමින්.

article

1992 ක්‍රිකට් ලෝක කුසලානයේ අමතක නොවන ඡායාරූප

1992 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සමස්ත ක්‍රිකට් ලෝකයම උඩු යටිකුරු තරගාවලියක් බවට පත් වුණා. එසේම දිවා/රාත්‍රී තරග, වර්ණවත් ඇඳුම්, සුදු පන්දුව භාවිතය වැනි නවතම අංග තරගාවලියට එකතු කර තිබුණු නිසා අදටත් මෙම තරගාවලිය ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී ගොස් නැහැ. එවැනි වටපිටාවක පැවති මෙම තරගාවලිය තුළ දී අමතක නොවන සිදුවීම් රැසක් සිදුවුණා. එසේ නම්, මෙම ලිපිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 1992 ලෝක කුසලාන තරගාවලියේ අමතක නොවන ඡායාරූප කිහිපයක් පිළිබඳව යි.

article

2004 දී කැංගරුවන් හමුවේ ලැබූ අවාසනාවන්ත ටෙස්ට් තරගාවලි පරාජය

2004 වසරේ දී එවකට ලෝක ශූරයන් ලෙසින් වැජඹුණු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් සහ එක්දින තරගාවලිවලට සහභාගි වීම සඳහා යි. සංචාරය ආරම්භ කරමින් පැවති එක්දින තරගාවලිය 3-2 ලෙසින් ජයග්‍රහණය කළ කැංගරුවන් ඉන්පසුව, පැවති ටෙස්ට් තරගාවලිය සඳහා අවතීර්ණ වුණේ ඊට වසර 5කට පෙර ලක්බිමේ දී ලද ටෙස්ට් තරගාවලි පරාජයේ වාඩුව ගැනීමේ අරමුණෙන්. එදා ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කරට කර සටනක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ටෙස්ට් තරග 3දී ම පළමු ඉනිම අවසන් වන විට ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටීමට සමත් වුණා. නමුත්, සෑම ටෙස්ට් තරගයක දී ම දෙවන ඉනිමේ දී ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුණු කැංගරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළේ සියල්ලන්වම මවිතයට පත් කරමින්.

article

ලෙඩ රෝග වැළඳීම නිසා අකාලයේ මියගිය ක්‍රිකට් ක්‍රීඩකයන්

ක්‍රිකට් ක්‍රීඩකයන් සිය තරග දිවිය ගෙවමින් සිටිය දී හදිසි අනතුරු සහ ලෙඩ රෝග නිසා මියගිය අවස්ථාවන් රැසක් ක්‍රිකට් ඉතිහාසය තුළ හමුවනවා. එහි දී ෆිල් හියුස්, හැන්සි ක්‍රොන්යේ, රාමන් ලම්බා, මන්ජුරල් රානා, රුනාකෝ මෝටන්, කොලී ස්මිත්, බෙන් හොලියොක් වැනි ක්‍රීඩකයන් හදිසි අනතුරු නිසා මියයන තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මියගොස් තිබෙනවා. එසේ නම්, එලෙස ලෙඩ රෝග නිසා අකාලයේ මියගිය ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම යි මේ ලිපියේ අරමුණ.

article

මව්බිමේ දී එංගලන්තය හමුවේ ටෙස්ට් ශතක ලැබූ ලංකා පිතිකරුවෝ

මෙම ලිපිය තුළින් ලක්බිමේ දී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගවල දී ශතක ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ එළඹෙන සතියේ ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය නිසා යි.

article

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය

මේ දිනවල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා යි. මීට හරියටම වසර 27කට පෙරත් එනම්, 1993 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ එංගලන්ත කණ්ඩායම එදා ක්‍රීඩා කළේ එක් ටෙස්ට් තරගයක් පමණ යි. එලෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජයග්‍රහණය කළේ එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරමින්.

article

End of Articles

No More Articles to Load