Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරුණ ජීවිත උන්මාදයට පත්කළ නිදහස් ධාවන ක්‍රීඩාව

ලෝකයේ වෙනස් විදියට හිතන ඒ වගේම වෙනස් විදියට හිතපු නිසාම ලෝකයට අලුත් අත්දැකීම් එක්කරන මිනිසුන් මෙතෙකැයි කියන්න බැහැ. ඒ වගේ වෙනස් දේවල් අදත් විවිධ ක්ෂේත්‍ර හරහා ලෝකයට හදුන්වා දෙනවා. ක්‍රීඩාව අතීතයේ පැවතුනේ තරඟයක් ජයගැනීමට යොදාගන්න ක්‍රමයක් විදියට උනත් අද වෙනකොට ක්‍රීඩාව හරහා මිනිස්සු ආත්ම තෘප්තියක් ලබාගන්නවා. උදාහරණයක් විදියට ලෝකයේ කවුරුත් දන්නා බෲස් ලී හදුන්වාදෙන්න පුළුවන්. ඔහු විසින් තමන්ගේම ශෛලියක් හරහා තාක්ෂණික සටන් ක්‍රමයක් ලෝකයට හදුන්වාදෙනු ලැබුවා.

අද මේ ලිපිය වෙන්වන්නෙත් ඒ වගේ ලෝකයට හදුන්වා දුන්න අලුත්ම ආරක ක්‍රීඩා ක්‍රමයක් පිලිබදවයි. ක්‍රීඩා ක්‍රමයක් විදියට හදුන්වා දුන්නත් මේ ක්‍රීඩාව සම්ප්‍රදාය​ ඉක්මවා යන ක්‍රීඩාවක්. ඒ වගේමයි අද වෙනකොට ලෝකයේ වෙනස් විදියට හිතන තරුණ පරපුර බොහෝ සෙයින් උන්මාදයට පත්කරන්නත් මේ ක්‍රමයට හැකියාව ලැබිල තියනව. Parkour එහෙම නැතිනම් free running විදියට ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන ශිල්පිය ක්‍රමයක් තමයි නිදහස් ධාවන ක්‍රමය කියන්නේ.

විවිධ සිනමා නිර්මාණයන් වල වගේම විදේශීයව නිපදවන වෙළදදැන්වීම්, ගීතවල රුප රචනා වල වගේම ප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා වල මේ ක්‍රීඩාවේ කොටස්  අන්තර්ගත වෙනවා. එත් තවමත් ඔබ මේ ක්‍රමය ගැන හරි අවබෝධයක් නැතිනම් මේ ලිපිය වෙන්වන්නේ ඔබ සදහාමයි.

වීඩියෝ ක්‍රීඩාවක් සදහා මේ ක්‍රමය යොදාගත් අවස්ථාවක් (i.pinimg.com)

මොකක්ද මේ නිදහස් ධාවන ක්‍රමය කියන්නේ?

ඉංග්‍රීසි චිත්‍රපට නරඹන​ කෙනෙක්නම් ඔබ අනිවාර්යයෙන්ම මේ ක්‍රමය දැක නැතිවට සැකයක් නැහැ. ගොඩනැගිලිවලින් පිරුන වටපිටාවක බොහෝවිට සිදුකරන ක්‍රියාදාම ඒ වගේම බොහෝ අනතුරුදායක ක්‍රීඩාවක් තමයි නිදහස් ධාවන ක්‍රමය කියන්නේ. කිසි ආධාරකයන් නොමැතිව විවිධ බාධක​ ඔස්සේ ගොඩනැගිලි, වහල වගේම බිත්ති හෝ වෙනත් ඔනෑම තැනකින් පනිමින්, දුවමින් හා අවශ්‍යවිට නගිමින් ගමන් කිරීම මේ ක්‍රමය අනුගමනය කරන ක්‍රීඩකයන්ගේ පිළිවෙලයි.

සිනමා නිර්මාණයක් තුල නිදහස් ධාවන ක්‍රමය යොදාගැනීමක් (i.ytimg.com)

නිදහස් ධාවන ක්‍රමයේ ඉතිහාසය

ඉතිහාසය දෙස බලන විට සමහර කෙනෙක් free running හා parkour යන්න ක්‍රම දෙකක් විදියට දක්වනවා. කෙසේ හෝ මුලින්ම මෙය ආරම්භ කරන ලද්දේ parkour කියන ක්‍රමයයි. 1900 වර්ෂයේ පමණ ප්‍රංශ නාවික හමුදා නිලධාරියෙකු වන ලුතිනන් ජෝර්ජ් හර්බට් (Georges Hébert) තමන්ගේ නාවික ගමනකදී අප්‍රිකාවට පිටත් වනවා. එහිදී ඔහු අප්‍රිකානු ජනයා පරිසරය සමග වැඩ කටයුතු කිරීමේදී තමන්ගේ ශරීරය හසුරුවන ආකාරය දැකීමෙන් පුදුමයට පත්වෙනවා. මේ පුදුමය ඔහුට හමුදා සෙබළුන් වෙනුවෙන් නව සටන් අභ්‍යාස ක්‍රමයක් නිර්මාණයට මාවත එලිකරනවා. නැවත තම රටට පැමිණෙන ඔහු අප්‍රිකානු ජනයා විවිධ බාධක​ ඔස්සේ ගමන් කිරීමේදී යොදාගන්නා ක්‍රමයන් එක්කොට ශිල්පිය අභ්‍යාස මාලාවක් ප්‍රංශ හමුදාවට පුහුණු කරනවා. එය ඔහු ‘Be strong to be useful’ යන නමින් හදුන්වනවා. මේ ක්‍රමයේදී මුලිකවම පුහුණු කරන්නේ යම් බාධක​යක් හමුවේ හැකි අවම පරිශ්‍රමයක් දරා එය ජය ගැනීමටයි.

ප්‍රංශ හමුදා නිලධාරීන් මේ ක්‍රමය පුහුණුවන අයුරු (userscontent2.emaze.com)

කාලයත් සමග මේ ක්‍රමය වර්ධනය වන අතර 1954  වර්ෂයේ Raymond Belle නම් යුධ හමුදා නිලධාරියා ඉහත ක්‍රමය යටතේ මනාව පුහුණුව ලබනවා. ඉන් පසු ඔහු parkour ක්‍රමය තවත් සංවර්ධනයට කටයුතු කරනවා. මොහුගේ අඩිපාරේ යමින් ඔහුගේ පුතු වන David Belle විසින් පියාගේ ශිල්පිය ක්‍රමය හොදින් ඉගෙන ගන්නා අතර ඔහු නැවත මේ ක්‍රමයට විශේෂතාවන් එකතු කරමින් 1984දි පමණ free running නම් ක්‍රමයට උපත ලබා දෙනවා.  Sebastien Foucan නම් ඔහුගේ මිතුරෙකු හා තවත් මිතුරන් කිහිප දෙනෙකු හා එක්වන David Belle මේ නව ක්‍රමය යොදාගන්නා කණ්ඩායමක් යමකාසි (Yamakasi) නමින් 1996 වසරේ ආරම්භ කරනවා. මේ ක්‍රමයේ ඇති විශේෂිතතාවය වන්නේ මෙහිදී යම් බාධක​යක් පසුකරන ක්‍රීඩකයා එහි ඇති අසීරුම මාර්ගය තෝරාගැනීමයි. ඒ වගේම මේ ක්‍රමය අදත් ප්‍රංශ හමුදා පුහුණු වලදී බටයන් හට පුහුණු කරනු ලබනවා.

යමකාසි කණ්ඩායමේ ජායාරුපයක් (image.redbull.com)

උදාහරණයක් විදියට ක්‍රීඩකයෙකුට තාප්පයක් හරහා අනෙක් පසට යාමට ඇතැයි සිතන්න. Parkour ක්‍රමය යොදාගන්නා ක්‍රීඩකයෙකු නම් කෙලින්ම ඔහු තාප්පය මතට නැගී අනෙක් පසට ගමන් කිරීම සිදුකරනවා. නමුත් free running ක්‍රමය යොදාගන්නා කෙනෙක් නම් ඔහු බිත්තිය මතට නැගීමට වඩා පිම්මක් යොදාගෙන හැකි උපරිමය නැගීමට කටයුතු කරනවා. නමුත් සමහරෙක් මේ ක්‍රමයන් දෙකම එකක් ලෙසත් අර්ථකථනය​ කරන අවස්ථා තිබෙනවා.

නිදහස් ධාවන ක්‍රමයේ වර්ධනය

යමකාසි කණ්ඩායම හරහා මේ ක්‍රමය සමාජගත කිරීමේ පළමු අඩිතාලම දමන අතර ඔවුන් 1996 වසරේ ප්‍රංශ රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙනවා. ඒ හරහා ඇතිවුන ප්‍රචාරණය ඔස්සේ පසුව රූපවාහිනි, සමාජජාලා වෙබ්අඩවි හරහාත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගන්නවා. 2003දී පමණ මේ අනුසාරයෙන් බ්‍රිතාන්‍ය සිනමාපටයක් එළිදක්වන අතර ඉන් පසුව ලෝකය පුරාම උන්මාදයක් ලෙස මෙය ප්‍රචලිත වෙනවා. ලෝකයේ විවිධ රටවල මේ ක්‍රමයන් අනුගමනය කරන ක්‍රීඩකයින් 2005 වසරේ සිට පමණ ඔවුන්ගේ දක්ෂතාවයන් YouTube වැනි සමාජජාලා වලට එක්කිරීමත් සමග මෙහි දියුණුව හිනිපෙත්තටම ගමන් කරනවා.

2007 වසරේ රෙඩ්බුල් ආයතනය ලෝකයේ පළමු නිදහස් ධාවන තරගය වියානාහිදී සංවිධානය කරන අතර 2008 වසරේ ලෝක ශුරතා තරගය බ්‍රිතාන්‍යයේදී පවත්වනවා.

පළමු ලෝක ශුරතා තරගයේ අවස්තාවක් දැක්වෙන ජායාරුපයක් (pbs.twimg.com)

නිදහස් ධාවන ක්‍රමයේ යොදාගන්නා ශිල්පීය ක්‍රම

මෙහි ශිල්පීය ක්‍රමවල දියුණුවත් සමග මේ ක්‍රමයට භෞතික විද්‍යාව​ හරහා විවිධ ඉරියවු වලදී පවත්වා ගතයුතු ශක්ති ප්‍රමාණයන් ගණන්බලා තිබෙනවා. ඒ වගේම ක්‍රීඩකයෙකුට සතුවියයුතු මුලික අවශ්‍යතා විදියට  තාක්ෂණික හැකියාව (technical skills), සමතුලිතතාවය(balance), ශාරීරික ශක්තිය(physical strength) හා kamikaze attitude දැක්වෙනවා.

ක්‍රීඩාව කිරීමේදී යොදාගන්නා මුලික ක්‍රමයන් කීපයක් තිබෙනවා. පිනුම්, පතිතවීම්, Bar techniques, Wall techniques හා මිශ්‍ර ඉරියව් ඒවායි. මේ ඉරියව් වලත් විවිධ කොටස් තිබෙනවා. ඒවා පහත පරිදි නම් කරන්න පුළුවන්.

පිනුම් – Safety vault, speed vault, lazy vault, thief vault, dash vault, kong vault, kash vault, side vault, turn vault

පතිතවීම් – percian, cat, crane, safety tap, roll, quadrupedal landing

Bar techniques – lache, underbar, bar kip, muscle up

Wall techniques – climb up, cat, wall run, tic tac, quadrupedal landing

මිශ්‍ර ඉරියව් – double kong, pop vault, cat to cat

ක්‍රීඩාවේ යොදාගන්නා පිනුමක් (zastavki.com)

නවකයෙකු ලෙස පිළිපැදිය යුතු දේ

ඔබ මේ ක්‍රමය අත්හදා බලන්නෙක් නම් හෝ අත්හදා බැලීමට කැමැත්තෙන් ඉන්නවා නම් මුලිකවම පිළිපැදිය යුතු කරුණු කීපයක් තිබෙනවා. එනම් මුල් අවස්ථාවේ පහසු ශිල්පිය ක්‍රම පුහුනුවීම, අනතුරු වලට මුහුණදීමේ ශක්තියක් පවත්වාගැනීම, ක්‍රමානුකුලව අසීරු අදියරයන් පුහුණුව, මුලික ශිල්පීය දැනුම ලබාගැනීම, ශරීරයේ ශක්තිමත්භාවයට ව්‍යායාම කිරීම කලයුතු වෙනවා.

විශේෂ ඇඳුම් වලින් සැරසුණු ක්‍රීඩකයෙකුගේ ජායාරුපයක් (i.pinimg.com)

නිදහස් ධාවන ක්‍රමයේ යොදාගන්නා විශේෂ ඇදුම් වර්ග

ඉතා සුළුවෙන් තැකුවත් මේ ක්‍රීඩාව ඉතා අනතුරුදායක වනවා. ඒ නිසාම ක්‍රීඩකයන්ගේ පහසුව වෙනුවෙන් විවිධ උපකරණ භාවිතයට ගැනීම සිදුවෙනවා. එලෙස යොදාගන්නා උපකරණ අතර ඇඳුම් (සාමාන්‍යයෙන් කොට කලිසම්, දිගු කලිසම්, ටී ෂර්ට් යොදාගන්නවා. අනතුරු වලදී සිදුවන තුවාල අඩුකිරීමට සුදුසු ඇදුමක් තෝරාගත යුතුයි), සපත්තු (කල් පවතින, හොද ඝර්ෂණයක් තිබෙන ඒ වගේම අඩි වඩා උස නොවන සපත්තු සුදුසු වනවා. මේ සදහාම සුදුසු ලෙස නිපදවූ  සපත්තු සුළු ප්‍රමාණයක් වෙලදපලෙහි තිබෙනවා), අත් ආවරණ (සිරීම් වැනි තුවාල වැළක්වීමේ ක්‍රමයක් විදියට අත් ආවරණ යොදාගන්නවා. හොද ඝර්ෂණයක් ලබාගැනීමට සුදුසු වර්ගයේ අත් ආවරණයක් මේ ක්‍රීඩාවට සුදුසු වෙනවා)

කවරයේ පින්තුරය : i.ytimg.com

Related Articles