Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කලවානේ ගිහින් නොබලන තැන්

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි කලවාන කාලෙක ඉඳන් මැණික්වලට ප්‍රසිද්ධ තරමක් පිටිසර ප්‍රදේශයක්. පැරණි බෙදීම් අනුව මෙය අයත් වන්නේ කුකුළු කෝරළයට. කුකුළු කෝරළයට ඉස්සර කිව්වෙ දික්ගම්පොත කෝරළේ කියලා යි. සිංහරාජ වනය ඇතුළත්ව ගෙදගල කන්ද, නැගිරිකන්ද, මානාන කන්ද, ගලඋඩ කන්ද, තපස්වර කන්ද , ඉළුඹකන්ද, ගවරගිරියේ මානෙල් ගල්ලෙනත් ඇතුළු ඉතා දැකුම්කළු සුවිශේෂි ස්ථාන රාශියක්ම පිහිටා ඇති වනගත ප‍්‍රදේශයක්.

article

රඹුක්කන ගිහින් නොබලන තැන්

පුරාණයේ රඹ හෙවත් කෙසෙල් ගස් බහුලව පැවති නිසා රඹුක්කන වුණා කියලයි ජනකතාවල කියන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම ජනාවාසව පැවති මේ බිමේ උඩරට රාජධානි යුගයේ දී වෙහෙරවිහාර රාශියක් ඉදිවුණා. ඉංග්‍රීසි පාලන සමයේ දී කතෝලික පල්ලි වගේම දුම්රිය ස්ථානත් මෙහි ගොඩනැගුණා. මහඔය ගලන්නේ රඹුක්කනට නුදුරින්. පසුව මේ නගරය වඩාත් ප්‍රකට වුණේ උඩරට දුම්රිය මාර්ගයේ සන්ධිස්ථානයක් වශයෙන්. දුම්රියේ නැගී රඹුක්කනට පහසුවෙන්ම පැමිණිය හැකියි. කොළඹ සිට දුර කි. මී. 88යි. මහාමාර්ගයෙන් එනවා නම් නුවර පාරේ කෑගල්ලේ සිට මෙන්ම පොල්ගහවෙල සිටත් එන්න පුලුවන්. රඹුක්කන පුරාණ බෙදීම් අනුව අයත් වන්නේ හතරකෝරළේ කිණිගොඩ කෝරළේට යි.

article

අලංකාර මාල පැළඳි මහාශිලා තරුණියෝ

ඉබ්බන්කටුව දඹුල්ල නගරයේ සිට කි. මී. 4ක් පමණ දුරින් කුරුණෑගල පාර අද්දර පිහිටි ගමක්. කොළඹ ඉඳන් යනවා නම් දඹුලුගල පේනමානයේ මෙම ගම පිහිටා තිබෙනවා. අප රටේ පූර්ව ඓතිහාසික මහා ශිලා හෙවත් මෙගලිතික යුගය ගැන හොඳම සාධක හමුවන්නේ මෙම ස්ථානයේ කළ කැණීම්වලින්.

article

දිඹුලාගල ආරණ්‍ය වන්දනාව

අනුරාධපුර, පොළොන්නරු යුගවල දී බැබලුණු පුදබිමක් වූ දිඹුලාගල පිහිටා ඇත්තේ පොළොන්නරුවේ සිට කි. මී. 23ක් දුරින් මහවැලි ගඟෙන් එතෙරයි. පොළොන්නරුවේ සිට මනම්පිටිය, දළුකාන හරහා ගමන් කර පහසුවෙන් මේ විහාරයට පැමිණිය හැකියි. මේ මාර්ගය දිඹුලාගල පසුකරමින් සිරිපුර දෙහිඅත්තකණඩිය හරහා මහියංගනය දක්වා ඇදී යනවා. පොළොන්නරුව ප්‍රදේශයට සුන්දරව දිස්වන දිඹුලාගල කන්ද පුරාණයේ උදුම්බරගිරි, ධුමරක්ඛ පබ්බත යන නම්වලින් හඳුන්වා තිබෙන බව මහාවංශයෙන් හෙළිවෙනවා. බ්‍රිතාන්‍යයන් එයට කිව්වේ ගනර්ස් කොයින් කියලයි. එය මේ පෙදෙසේ පිහිටි උසම කන්ද යි. එහි උස මීටර් 534ක්.

article

තොටගමුවේ අනංග දෙවියෝ

තොටගමුව කියල කියපු ගමන් අපට නම් මතක් වෙන්නේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. රාහුල හිමියන් වැඩ විසූ තොටගමුව පන්සල දේශීය මෙන්ම විදේශීය සංචාරකයනුත් යන එන තැනක්. දකුණේ පිහිටි පැරණිම පූජනීය ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙන මේ විහාරය ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍ර‍දේශයට ආසන්නව ‍තෙල්වත්ත ග්‍රාමයේ පිහිටා තිබෙනවා.

article

සංචාරකයින්ට දොරටු විවර කළ පුරාණ සිරගෙවල්

රටක දේශපාලන ඉතිහාසය හැදෑරීමේ දී අමතක කළ නොහැකි ස්ථානයක් ලෙස බන්ධනාගාර හෙවත් සිරගෙවල් හැඳින්වීමේ වරදක් නැහැ. නීතිය ඉදිරියේ වැරදිකරුවන් වූ දහස් ගණනක් රට වැසියන් රඳවා තබන ලද සිරගෙවල් සියවස් ගණනාවක් තිස්සේ සාමාන්‍ය ජනතාවට ඇතුළු විය නොහැකි තහනම් ස්ථාන වුණා. නමුත් පුරාණයේ භාවිතා කරන ලද සිරගෙවල් කිහිපයක්ම වර්තමානයේ දී සංචාරකයින් සඳහා විවෘතව පවතිනවා. එවැනි සිරගෙවල් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

article

මහනුවර උරුමයක් වූ කතෝලික පල්ලි

මහනුවර හෙවත් සෙංකඩගල නගරය මුල් කරගෙන උඩරට රාජධානිය පිහිටවූයේ සේනාසම්මත වික්‍රමබාහු (1473-1511) රජු විසින්. ඊට පසු රජවරු 13කගේ පමණ පාලනයට යටත්ව පැවති මහනුවර නගරය පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණ සමයේ දී විටින්විට කතෝලික බලපෑමට යටත් වුණා. ඒ අතර රජවරුන්ගේ අවසරය මත කතෝලික පියතුමන්ලා මහනුවර වාසය කළ බව ද සඳහන් වෙනවා. ඒ අතර ප්‍රමුඛයකු වන්නේ ශුද්ධවරයට ඔසවන ලද ජුසේවාස් පියතුමා යි. උන්වහන්සේ දෙවන විමලධර්මසූරිය රජ කළ මහනුවර නගරයට පැමිණ කටුකැලේ දැන් පුල්ලෙයාර් කෝවිල තිබෙන ස්ථානයේ කුඩා දෙව්මැදුරක් තනාගෙන වාසය කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඊට පසු රජ වූ වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජුත් ජුසේවාස් පියතුමාට අනුග්‍රහය දැක්වූ බව පැවසෙනවා. ඒ පියතුමාගේ අවසන් කටයුතු සිදු කර ඇත්තේ ද මහනුවරදීම යි.

article

ලොව ඇති වඩාත්ම තැති ගන්නා සුළු ස්ථාන දහයක්

යම් කිසි ස්ථානයකට යන නොඑන බව තීරණය කරන්නට බලපාන හේතු බොහොමයක් තිබෙනවා. අද්භූත බවින් පිරි බියකරු ස්ථානයකට යන්න ඔබ කැමතිද? ලොව ඇති වඩාත්ම තැති ගන්නා සුළු ස්ථාන 10ක් සහ ඒවායේ පසුබිම් කතා මේ ලිපියෙන් දැන ගන්න පුළුවන් වෙයි.

article

ගිනි කඳු පිපිරීමකින් බිහි වූ අපූරු නිර්මාණය (Giant’s Causeway)

ගිනි කන්දක් යන නම ඇසූ පමණින් ඔබට දැනෙන්නේ දාහයකි. දැන් ඔබට සිහිපත් වන්නේ මෙකී දාහයෙන් මිදීමට නම් ඔබ සුවදායී පරිසරයක් කරා ගමන් කළ යුතු බවකි. එසැණින්ම ඔබේ සිහියට නැගෙන්නේ කවුරුත් දන්නා, හිමෙන් වැසී නිද්‍රාවට පත් වී සිටින ෆූජියේ සුන්දරත්වයයි. සෑම ගිනි කන්දක්ම අභ්‍යන්තරයෙන් පැසුණු ලෝදියෙන් සන්නද්ධ භයංකර කුහරයක් බව සැබෑවකි. එහෙත් ඔබ පය තබන පස් පිඩක් පාසා සිහිපත් කරගත යුතු කරුණක් වන්නේ එකී ලෝදිය නිවී ගිය ඉක්බිති ජීවය අස්වැද්දවිය හැකි ආකාරයේ පාංශු සම්පතක් නිර්මාණය වීමේ හැකියාවෙන් යුක්ත බවයි. එපමණක් නොව ඝනීභවනය වන ලෝදිය විවිධ වර්ගයේ ඛනිජ සංයුතීන් බිහි කිරීමට ද ඉවහල් වන්නේය. සොබාදහම අපූරු කලාකරුවෙකි. ඇතැම්විට ලෝදිය අපූරු රටාවකට ඝනීභවනය කිරීමට සොබාදහම සමත් වේ. Giant’s Causeway යනු එවන් අපූරු ස්වභාවික නිර්මාණයකි. මෙය වර්ෂ 1692දී ඩෙරී නමැති බිෂොප්වරයා විසින් ගවේශනය කරන ලදී.

article

ගිනිකඳු වලින් පිරි, මනස්කාන්ත “අයිස්ලන්තය”

‘අයිස්ලන්තය’ යනුවෙන් නාමිකව හැඳින්වූවත්, අයිස් වලින් පිරීගිය භූමියකට වඩා මුහුකුරා ගිය ස්වභාව සෞන්දර්යයකට අයිස්ලන්තය හිමිකම් කියනවා. කර්කටක නිවර්තනයට බොහෝසෙයින් උතුරින්, උත්තර කවය අභිමුඛයේ පිහිටි නිසා ඉතා දැඩි ශීත සමයන්ට මුහුණ දීමට සිදු වූවත්, ග්‍රීෂ්මයේ දී අයිස්ලන්තයට ලැබෙන්නේ පුදුමාකාර සුන්දරත්වයක්. වසරේ වැඩි කාලයක් හිම දුහුල් සළුවෙන් සිය ගත වසා සිටින සුන්දර රුවැත්තියක් වන අයිස්ලන්තය, සිය හිම සළුව ඈත් මෑත් කරන සමයේ ඇගේ සුන්දරත්වය විඳීමට ලොව නන් දෙසින් ජනයා ඇදෙනවා. ඒ, ඇගේ රූ සපුවේ ඇති චිත්තාකර්ශණීය බව නිසා යි. ඇගේ වතගොත ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළේත් ඒ නිසාම යි.

article

ලොව ලස්සනම කඳුකර දුම්රිය මාර්ගයන්

දුම්රිය ගමන තැනකින් තැනකට යන්න ලාබදායීම, සනීපදායක, ප්‍රචලිත ක්‍රමයකි. දුම්රිය ලොවට පැමිණෙන්නේ මෝටර් රථය ලොව ප්‍රචලිත වන්නටත් සියවසකට පමණ කලිනි. දුම්රිය ගමන ප්‍රවාහනයට පමණක් නොව සංචාරයට ද කදිම මාධ්‍යයක් වේ. රටතොට භූමි දර්ශන මෙන්ම අවට ජන ජීවිතය ද දැක බලාගැනීමේ අවස්ථාව දුම්රිය ගමනේ දී ලැබේ. ලොව ලස්සනම දුම්රිය මාර්ගයන් රැසකි. ඒ අතරින් ලංකාවේ දුම්රිය මාර්ගයන් සියල්ලම පාහේ චමත්කාරජනක සොබා සෞන්දර්යය මඟීන්ට සමීප කරවීමට සමත් වේ. එවැනි අලංකාර පසුබිමක් සහිත දුම්රිය මාර්ග පද්ධතියක් ලැබීම ලාංකිකයින් වශයෙන් අප ලැබූ භාග්‍යයකි. ලොව කඳුකර දුම්රිය මග අතර අලංකාරම දුම්රිය මාර්ගයන් මොනවා ද? අපි ඒ ගැන සොයාබලමු.

article

වෙනෙසුවේලාවේ චමත්කාරය විඳගමු

ලතින් ඇමෙරිකාවට අයත්ව එහි උතුරු දිගින් පිහිටි වෙනෙසුවේලාව ජගත් ප්‍රජාවගේ මතාකයේ රැඳී තිබෙන්නේ හේතු කිහිපයක් නිසායි. එහි සුන්දර වටපිටාව, වෙනෙසුවේලා හිටපු ජනපති හියුගෝ චාවේස් මෙන්ම සුන්දර කාන්තාවනුත් ලොව බෝහෝ දෙනාගේ අවධානය ඒ වෙත රඳවාගන්නට සමත් වෙලා තිබෙනවා. මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් වැනි අඳුරු පැතිකඩකුත් වෙනෙසුවේලාව සතුව නැතිවාම නොවේ.

article

End of Articles

No More Articles to Load